~

බෝරා ආගමික සම්මේලනයේ සැඟවුනු “කතනා” හෙවත් නීති විරෝධී කාන්තා ලිංගයේ කොටස් කපා ඉවත් කිරීම (FGM)

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.02, ප.ව.11.45) කොළඹ දී බෝරා සමාජයේ සැලසුම් කළ සම්මේලනයක් නීති විරෝධී “කතනා”  (Female Genital Mutilation -FGM) පැවැත්වීමට ඇතැයි කියන චෝදනාව විවාදයකට තුඩු දී තිබේ. මෙම අවස්ථාවට රටවල් 40 කින් කුඩා වයසේ ගැහැණු ළමුන් කන්ඩායම් 300 ක් පැමිණීමට නියමිතයි.

විශාල ජනතාවක් එක්වීම:

බෝරා ආගමික ප්‍රජාවේ සාමාජිකයින් 30,000 ක් පමණ මෙම සම්මේලනයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පකිස්තානය විසින් දාවුදි බෝරා සමාජයේ ආගමික නායක ඩොක්ටර් සයිද්නා මුෆද්දල් සායිෆුඩින්ට වීසා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම අවස්ථාව කොළඹ සංවිධානය කරනු ලබයි. සයිෆුඩින් මහතා ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කාන්තා 7-14 වයස්කාර කන්ඩායම් වල FGM ක්‍රියාවලීන් පැවැත්වීමේ චෝදනා මත විමර්ශනයට ලක් කර තිබේ. එක්සත් ජාතින්ගේ සංගමය විසින් මෙම ක්‍රියාවලිය විවේචනය කර, නීති විරෝධී - සාපරාධී ක්‍රියාවක් ලෙස තහනම් කර ඇත.

බෝරා පල්ලියේ සිදුවු පෙර FGM  සිදුවීම් වාර්තා:

බම්බලපිටියේ බෝරා පල්ලියෙන් FGM ක්‍රියාවලිය සිදුකළ බවට චෝදනා ඇති අතර, මෙම නීති විරෝධී ක්‍රියාවලිය පිළිබඳ විශාල අවධානයක් දක්වා තිබේ.

අන්තවාදි කණ්ඩායම් සමග සම්බන්ධතා:

බෝරා ආගමික ප්‍රජාව යෙමනයේ හවුතී කණ්ඩායම්, ඉරාන රාජ්‍යය, හමාස්, හා හෙස්බොල්ලා සමග සම්බන්ධතාවක් ඇති බවට වාර්තා වන අතර, ජාතික ආරක්ෂක අවදානම් ගැන සැලකිල්ලක් ඇති කර තිබේ.

ආරක්ෂක සැලකිලි:

30,000 ක් පමණ බෝරා ආගමික සාමාජිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු කිරීම, නියමිත මට්ටමේ ආගමන පරීක්ෂාව සහ රේගු ආරක්ෂක පරීක්ෂණ මගහැරීමෙන් ජාතික ආරක්ෂාවට සැලකිලිමත් අවදානමක් ඇති කරයි.

අක්‍රමිකතාවේ චෝදනා:

බෝරා භාරකාර කමිටුවේ අධ්‍යක්ෂ හටීම් අක්බර් අලි මහතා විසින් බෝරා ප්‍රජාව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් සහ රාජ්‍ය සේවකයින් මුදලින් බලපෑම් කර, ඔවුන්ව තම ග්‍රහනයට ගෙන  සිටින බව ප්‍රකාශ කර තිබේ. එවැනි ප්‍රකාශයක් රටේ ස්වෛරිත්වයට කළ බරපතල තර්ජනයකි. දේශපාලකයින් සහ රජයේ නිලධාරින්ව බෝරා මුදලට මිලදී ගත හැකි යන ප්‍රකාශය, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විමර්ශනයට ලක්විය යුතු , ඉතා බරපතල ප්‍රකාශයකි.

රජයේ සම්බන්ධතා:

ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ ආරක්ෂක බලකාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව සංවිධානය සඳහා සහාය දක්වා සිටින බව වාර්තා වේ.

දේශපාලන මුදල් අවශ්‍යතා:

බෝරා ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ඡන්ද ව්‍යාපාරය සඳහා මුදල් පිරිනැමීමට පොරොන්දු වී ඇති බවට , සාගල රත්නායක විසින් තම හිතවතෙක්ට පවසා ඇත.

පුරවැසිකම් සහ අනීතික ව්‍යාපාරික ක්‍රියා:

ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාව පුරවැසිභාවය ලබා ගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න මතුව ඇති අතර, ශ්‍රී ලංකාවේ බෝරා ව්‍යාපාර නීති විරෝධී චෙක්පත් මුදලට හුවමාරු කිරීම සහ  නීති විරෝධී විදේශ මුදල් හුවමාරු ක්‍රියාවලි සඳහා චෝදනාවලට ලක් වී ඇත.

දේශපාලන බලපෑම:

බෝරා ප්‍රජාව ඉන්දියාවේ ඉල්ලීම මත ගොටාභය රාජපක්ෂගේ විරෝධතාවය සඳහා අරගලය සඳහා සහාය දක්වන බවට චෝදනා ඇති අතර, අලි සබ්රි, ගෝධාභයගේ නීති උපදේශක, බෝරා කාරයන්ගේ දැලට ඇද වැටීම, දෛවයේ සරදමකි.

ආගමික විරෝධය:

ප්‍රමුඛ බුද්ධි නායකයන් මෙම බෝරා උත්සවය අවලංගු කරන ලෙස ඉල්ලා සිටින අතර, FGM ක්‍රියාවලියට රජය නිල වශයෙන් සහාය දීම ජාත්‍යන්තර අපරාධයක් බව පවසති.

කොළඹ දී සැලසුම් කළ බෝරා සම්මේලනය ළමා අයිතිවාසිකම්, ජාතික ආරක්ෂාව සහ දේශපාලන බලවතුන් මුදලට රටේ නීතිය බල්ලාට ඇද දැමීමක් ලෙස දැක්වීමට පිලිවන. කුඩා ගැහැනු ලමුන්ව “ කතනා” යන ආගමික අපචාරයට ලක්කිරීමට එරෙහිව සියලු ලක්වාසීන් පෙළ ගැසිය යුතුය. අනිකුත් රටවල “කතනා” කිරීම තහනම් කර තිබියදී, ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට මුදල් ලබා දී, මෙම සාපරාධි ක්‍රියාව ලංකාව තුල සිදුකිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට , අලි සබ්රිලාට , සාගලට ඇති කැසිල්ලට ජනතාව සහ ගරු අධිකණය පිලිතුරු ලබාදිය යුතුය.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි

---------------------------
by     (2024-07-02 20:56:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links