(ලංකා ඊ නිව්ස් -2024.ජුනි.30, ප.ව.11.30) වැඩබලන නීතිපති වශයෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාරින්ද රණසිංහ මෙලෙස පත් කර ඇත්තේ නීතිපති වශයන් කටයුතු කළ සංජය රාජරත්නම්ට 27 දා විශ්‍රාම යෑමට සිදු වූ නිසා ය.
බත් බැලයෙක් වූ සංජය රාජරත්නම් තවදුරටත් නීතිපති ධුරයේ තබා ගැනීම සඳහා සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථා සභාවට දෙවරක්ම නිර්දේශ කර යැවූවද එම සභාව ඒ අවස්ථා දෙකේදීම ඔහුට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්‍ෂේප කෙළේ ය.
පුරප්පාඩු වූ නීතිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ වැඩ බැලීම සඳහා පත් කළද එම ධුරයේ ස්ථිර කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපති විසින් නිර්දේශයක් ඉදිරිපත් කළ යුතුය. එම නිර්දේශයට එම සභාවේ අනුමැතිය ලැබුනහොත් වැඩබලන නීතිපති තනතුර ස්ථීර වනු ඇත.
---------------------------
by (2024-06-30 19:59:51)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි