~

"කැඩුවත් නවතන්නේ නැතිනම් හිරේ ගිහින් බලපන්" - සෝල් බීච් වස්සවන බාම් බන්දුගේ දෙවන වෑයමින් සිවිල් ඉංජිනේරුවන් දෙදෙනෙක් ඇතුළු අහිංසකයන් 14ක් රිමාන්ඩ්..!

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.මැයි.21, ප.ව.11.30) තමන් මහා පොරක් ලෙස පුම්බාගෙන ජඩකම් බලුකම් පමණක් මහා උන්ගේ ඉල්ලීමට ඉටුකරන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හෙවත් 'බාම් බන්දු' හා පොලිස් ඇමැති ටිරාන් අලස් කිසිදු අධිකරණ නියෝගයකින් තොරව ජනවාරි පළමුවැනිදා දෙහිවල සෝල් බීච් හෝටලය ඩෝසර් කළේ පුද්ගලික පළිගැනීමට හා තවත් මහා පුටුවක ඉල්ලීමකට බව එහි අයිතිකාර 'මොහොමඩ් රීෆා' මාධ්‍ය හමු පවත්වමින් දිගින් දිගටම හෙළිකරනු ලැබුවේ හෝටලය ඉදිකිරීම සඳහා මුදල් ලංකාවට ගෙන්වූ  නීත්‍යාණුකූල ලිඛිත සාක්කි ද හෙළිකරමිනි.

දේශබන්ධු තෙන්නකෝන්, වීරයාට අඳින්නට ගොස් තම සේවා කාලයේ කප්පරක්  මුලික අයිතිවාසිකම් නඩු දමා ගෙන ඇති අතර එයින් මුලික අයිතිවාසිකම් නඩු 3 ක් සෝල් බීච් හෝටලය අනීතිකව ඩෝසර් කිරීම ගැන වගඋත්තරකරුවකු කරමින් හෝටලයේ අයිතිකරුවන් සහ සේවකයින් පවරා පවත්වාගෙන යනු ලබයි.

මෙලෙස මෙම හෝටලය කඩා දැමීමෙන් පසු තමන්ට නඩු දැමූවන් තව තවත් පීඩාවට ලක් කරමින් කෙසේ හෝ මහා පුටුවලට වූ පොරොන්දු ඉටු කිරීමට වෑයම් කරන බාම් බන්දු ඔහුගේ පොලිස් කේවට්ටයන්ට පසුගිය 14 වන දින (2024 .05.14 ) අණ ලබා දුන්නේ බොරු නඩුවක් පටලවා දෙහිවල සෝල් බීච් හෝටල් පරිශ්‍රයේ සිටි සිවිල් ඉංජිනේරුවරුන් දෙදෙනකු සහ තව අහිංසකයින් 12 දෙනකු අත්අඩංගුවට ගැනීමටයි.

හේතුව බැරකුඩා 'කුඩා' වීමයි..

අප අභ්‍යන්තර වාර්තාකරු පවසන පරිදි දෙහිවල ගල්කිස්ස නගර සභා සීමාව තුල මෙවැනි හෝටල් 57ක් තිබියදී දිගින් දිගටම සෝල් බීච් හෝටලයට පමණක් පුද්ගලික න්‍යාය පත්‍රයක් අනුව පොලිස් කණ්ඩායම් යොදමින් අපත වැඩ කරනුයේ මේ ප්‍රදේශයේම පවතින හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට අයත් බැරකුඩා හෝටලයේ ආදායම සීඝ්‍රයෙන් කඩාවැටීම නිසා බව මේ වනවිට සියල්ලෝම දන්නා කාරණයකි.

බැරකුඩා හෝටලය මාසිකව රුපියල් ලක්ෂ 18 ක මුදලකට බදු දී ඇති අතර තරඟකාරී සෝල්බීච් හෝටලයේ වූ ආකර්ෂණය මත  බැරකුඩා බදු ගැනුම්කරු තම අයිතිකරු වන හිටපු හමුදාපතිවරයාට කියා ඇත්තේ තම මාසික බදු මුදල අඩු කරන ලෙසයි. බදු මුදල අඩු කරනවාට වඩා අභියෝගය කඩා දැම්මොත් ප්‍රශ්නය අවසන්ය යන පුද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිස්පති බන්දුට ලබා දුන්නේ බාම් බන්දු තමා කියනා ඕනෑ දෙකට නැට්ට වනනවා යැයි දැඩි විශ්වාසය නිසාය.

සියලුම බලපත්‍ර නැවත නැවතත් යාවත්කාලීන කරලා...

වාර්තාවන පරිදි සෝල්බීච් හෝටලය ජනවාරි පළමුවන දින කඩා දැමීමෙන් පසු  2024 වර්ෂය සඳහා සියලුම බලපත්‍ර නැවත නැවතත් යාවත්කාලීන කර තමන් බදුගෙන ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයට, අනෙකුත් රාජ්‍ය ආයතනයන්ට බදු මුදල් සියල්ල නිසි ආකාරව ගෙවමින් සේවකයින් 60 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සමග සිය සේවාවන් පාරිභෝගිකයින් හට ලබා දෙන්නට කටයුතු කරන බවත් දැන ගන්නට ඇති අතර අහිමි වී ගිය තම ජීවිකාවට යළි පන පොවන සේවකයින්ගේ දැඩි කැපවීමත් ඒ තුළ ඇති බව එම හෝටලයට යන ඕනෑම අයෙක් සාක්ෂි දරනවා නොඅනුමානය.

රජයේ දේපලකට අයුතු ඇතුල්වීමක් කියා බොරු චෝදනා නගලා..

කෙසේ වෙතත් මෙය බලා සිටිය නොහැකි වූ බැරකුඩා අයිතිකරු පරල වූ විට සට්ටැඹි බාම් බන්දු 40 කින් පමණ යුක්ත පොලිස් කණ්ඩායමක් පසුගිය 14 වන දින උදෑසන 9 ට පමණ දෙහිවල සෝල් බීච් හෝටල් පරිශ්‍රයට යවා එහි සිටි කිසිදු හෝටල් කළමනාකාරවරයකු හෝ සේවකයකු අත්අඩංගුවට ගැනීමකින් තොරව එම පරිශ්‍රයේ රැඳී සිටි සිවිල් ඉංජිනේරුවරුන් දෙදෙනකු හා දෙෙනික කුලී වැඩ කරන කම්කරුවන් 12 දෙනකු රජයේ දේපලකට අයුතු ඇතුල්වීමක් ලෙස හුවා දක්වා පොදු දේපල පනත අවභාවිත කරමින් මහේස්ත්‍රාත්තුමියගේ ඇප දීමේ බලය පවා අවහිරවන ආකාරයෙන් දෑත් බැඳ කරුණු වාර්තා කරමින් පිරිස රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නට පොලිසිය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, දැනගන්නට ඇති ආකාරයට බැරකුඩා අවශ්‍යතාවය වී ඇත්තේ සෝල්බීච් නැවත ක්‍රියාත්මක වීම වැළැක්වීම වන අතර බාම් බන්දු ඊට වෙනස්ම ආකාරයේ සැළැසුමක් සකස් කර තිබේ. එම සැළසුමට අනුව, මෙම හෝටලය පැමිණෙන මහජනයා වැළැක්වීමට ඔවුන් බිය වැද්දීම අපේක්ෂා කරමින් මෙලෙස හෝටල් පරිශ්‍රයේ සිටින පිටස්තර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. මෙලෙස හෝටලය පවත්වාගෙන යාමට බාධා කිරීමට නීතියෙන් ඉඩක් නොමැති වීම හේතුවෙන් හෝටලයේ කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැනීම වෙනුවට හෝටල් පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නීතිය ඉදිරියේ විහිළුසහගත වුවත් එය පොදුජනතාවගේ මනසට බලපෑම් කළහැකි ආකාරයේ පියවරක් බව බාම් බන්දුගේ මතය වී තිබේ. ඒ අනුව, පොලිසියට ලබා දී ඇති චෝදනා කිරීමේ බලය ද සුපුරුදු ලෙස අවභාවිත කරමින් මුල් අවස්ථාවේ දී ඇප ලබාගත නොහැකි චෝදනා නිර්මාණය කර අධිකරණයට කරුණු වාර්තා කිරීම තුළින් අත්අඩංගුවට පත්වන පුද්ගලයින්ට ඇප ලබා ගැනීමට පෙර අනිවාර්යෙන්ම බන්ධනාගාරගත වන්නට සිදුවනු ඇති බැවින් ඒ වනවිට එය භාවිතා කර සෝල් බීච් හෝටලයේ ව්‍යාපාර කටයුතු අඩාල කළ හැකි බවත් බන්දුගේ මතය වී තිබේ.

මේ පිස්සු බල්ලා බැඳ දමනු..

රටක් වශයන් බංකොලොත් වී ඇති කාලයක සංචාරක අකාර්ෂණය පවතින මෙවැනි හෝටල් මහා දවල් කඩා දමා හිරිහැර කරනවා වෙනුවට මෙවන් ව්‍යවසායකයින් දිරිමත් කර යුතු බවත්, අප කියා සිටින්නේ වැරදීමකින් හෝ පත්කළ මේ පොලිස් අපරාධකාරයාව ඉවත් කර හැකි ඉක්මනින් සුදුසුකම් සහිත අයෙකු පොලිස්පති ලෙස පත්කර මේ පිස්සු බල්ලා බැඳ දමන ලෙසයි.

(අනවසරයෙන් පොදු දේපොලකට ඇතුළු වූවා කියා චෝදනා කළ ද සෝල් බීච් අයිතිකරුවන් අදාල මුදල් ගෙවා ශ්‍රී  ලංකා දුම්රිය සේවයෙන් ලබා ගත් අවසර පත්‍ර වල පිටපත් මෙහි දැක්වේ)

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2024-05-21 18:49:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links