(ලංකා ඊ නිව්ස් -2024.මැයි.16, ප.ව.8.50) පසුගියදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන පෝටර් වරයෙකුගේ කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය කර ඇත්තේ අන් කිසිවෙක් නොව රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හෙවත් 'මිරිස් කුඩු අප්‍රසන්නයා' වේ.
'මිරිස් කුඩු අප්‍රසන්නයා'ගේ මව බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා (14) අලුයම් කාලයේ පැමිණ ඇත. මිරිස් කුඩු අප්‍රසන්නයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගොස් තිබේ.
ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මිරිස්කුඩු අප්‍රසන්නයාට දැනුම් දී ඇත.
'මිරිස් කුඩු අප්‍රසන්නයා' සහ ආරක්ෂකයන් සිට ඇත්තේ බීමතිනි.
ඒම අවස්ථාවේ 'මිරිස් කුඩු අප්‍රසන්නයා'ගේ ගමන වැළැක්වූ ගුවන් තොටුපොළ ආරක්ෂකයන්ට බැණ වැදී නිලධාරීන්ගේ ඡායාරූප සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබේ.
ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාවරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව මිරිස්කුඩු අප්‍රසන්නයාගෙන් ඉල්ලා තිබේ.
එයින් කුපිත වූ මිරිස් කුඩු අප්‍රසන්නයා පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇත.
පහර කෑමට ලක්වූ පෝටර්වරයා මිරිස්කුඩු අප්‍රසන්නයාට ඇති බිය නිසා පොලිසියට පැමිණිලි කර නොමැත.
'මිරිස්කුඩු අප්‍රසන්නයාට' ඇති බිය නිසා බොහෝ මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කර තිබුනේ ඔහුගේ නම සඳහන් නොකරය.
---------------------------
by (2024-05-16 15:32:07)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි