-රසල් හේවාවසම් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.අප්‍රේල්.21, පෙ.ව.10.20) 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සමුහ ඝාතන ප්‍රහාර මාලාවට අදට හරියටම පස් වසරකි.
දීර්ඝ සැලසුමක් ඇතිව රටේ දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා කල් බලා කළ කුමන්ත්‍රණයකට අනුව එල්ලකරවන ලද එකී ප්‍රහාර වලින් නිරපරාදේ පස් යට සැඟව ගිය නිරායුධ අහිංසක ජීවිත ගණන තුන්සියකට ආසන්නය. ඒ අතර සොඳුරු පුංචි කැකුළු මල් ද වූහ. සදාකාලිකව තුවාල ලැබු, ආබාධිත වූ ගණන 500 ඉක්මවීය. මේ සිද්ධිය පසුබිමේ සිටියවුන් සහ ඒ ප්‍රහාරය එල්ල කළ මුස්ලිම් අන්තවාදීන්ට ඉහළින් අපරාධකරුවන් ගැන ඉකුත් වසර පහ තුළ ම අඛන්ඩව බරපතල හෙලිදරව්කිරීම් රාශියක් අපි ලංකා ඊ නිවුස් වෙතින් සිදුකළෙමු.
ලංකා ඉතිහාසයේ දැවැන්ත සාපරාධී ලේ පැල්ලම වන ඒ සිද්ධියට වසර පහක් පිරෙන අද අපි ඒ ගැන තවත් දැවැන්ත හෙළිදරව්වක් කරමු.
එනම්, මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ දැන් තවත් “කුමන්ත්‍රණයක” යෙදී සිටින බවයි. ඔවුන් ආණ්ඩු පෙරළියකට පෙර රටින් පලා යාමේ උත්සාහයක දැන් නිරත වී සිටිති.
පාස්කු ඉරිදා සමුහ ඝාතන ප්‍රහාර මාලාව පිලිබඳව දැන දැනම කිසිවක් නොදන්නා ළදරුවෙකු ලෙසින් තම දරුපවුල සමග ඉන්දියාව හරහා සිංගප්පුරුව වෙත උපක්‍රමශිලීව පලාගිය මෛත්‍රිපාල සිරිසේන හිස ගිණිගත් පිස්සෙකු ලෙස දේව සාපයෙන් බැටකමින් සිටී. ඔහු දැන් අන්තෝ ජටා බහි ජටාය.
මේ අතර සිරිසේනට ඉතා සමීපව උදව් කරන දෛවඥයකු ඔහුට පවසා ඇත්තේ ලංකාවේ සිටියහොත් නියත ලෙසම එකී අපරාධය සම්බන්ධව ඉදිරියේදී ඔහු සිරගතවන බවයි. ඒ නිසා හිටපු ජනාධිපති සිරිසේන ඉදිරි දිනවල දී නියත ලෙසම රටින් පලායාමට නියමිතය.
ඔහු තම රැකවරණය සඳහා තෝරාගෙන ඇත්තේ දකුනු කොරියාවයි. දකුණු කොරියාව සමග සිරිසේන ජනාධිපති සමයේ ඉතා සමීපව කටයුතු කර ඇති අතර එහි අතීත කතාව මෙසේය.
ජනාධිපති සිරිසේන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ අවධියේදී ඔහුගේ බෑණා තිලිණ සුරංජිත් සමග එක්වී ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත්ව තිබූ යුද්ධ සමයේ භාවිත කරන ලද ඩොලර් මිලියන ගණනාවක් විටිනා තඹ කාලතුවක්කු උන්ඩ ටොන් 6000 ක් පමණ කිසිම ටෙන්ඩර පටිපාටියකින් තොරව දකුනු කොරියානු ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙකු වෙත හොර පාරෙන් විකුණා තිබේ. එකී ව්‍යාපාරිකයා සමග තිබෙන හිතවත්කම් මත සිරිසේන ඉකුත් වකවානුව තුල දකුණු කොරියාව වෙත අවස්ථා කිහිපයකදීම සංචාරය කර ඇත. මේ වන විට නඩු ගණනාවක පැටලී ඔලුව විකාර වී සිටින සිරිසේන ඉකුත් අවුරුදු සතියේ හදිසි අභිරහස් විදේශ ගමනක නිරත විය. එම විදේශ ගමන තායිලන්තයේ සිදු කෙරුනු බවට හැඟවූව ද එම ගමනේ අරමුන වී තිබුණේ සිය පලායාමට අවශ්‍ය සැලැස්ම තහවුරු කරගැනීමයි. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ බේගල් සිරිසේන තම පවුල සමග නියත ලෙසම රටින් පලාගොස් දකුණු කොරියාවේ රැකවරණය පැතීමට නියමිතය.
දකුණු කොරියාවට පලායාම ඔහුට වාසිදායක ය. මන්ද දකුණු කොරියා රජය සමග ශ්‍රී ලංකා රජය උදර්පන නීතියට එකඟතාවයකට පැමින නැති වීමයි. මේ නිසා පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීම සම්බන්ධ කිසිම නඩු කටයුත්තකට සැකකාර සිරිසේන ශ්‍රී ලංකාවේ රජයට ගෙන්වා ගත නොහැකි වනු ඇත. මේ නිසා වහාම අධිකරණ නියෝගයක් මගින් සිරිසේන රටින් පලායාම වැලක්වීමට අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතුය.
ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පුරුවට යන මුවාවෙන් සිය බිරිද සමග රටින් පලායාමට සැලසුම් කර තිබේ එහි ඉදිරි සැලසුම හෙවත් “කුමන්ත්‍රණය” මෙසේ වීමට ඉඩකඩ ඉතා වැඩිය.
ජනතාව විසින් පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ බිරිඳ අයෝමා තවමත් ඇමරිකානු පුරවැසියෙකි. මේ නිසා ඇයට ඇමරිකන් ගුවන් ගමන් බලපත්‍රයක් හිමිය. ඇයට ඇමරිකාවට ඇතුලුවීමට බාධාවක් නොමැති අතර සිංගප්පුරුව හරහා ගෝඨාභයගේ බිරිඳ පලමුව ඇමරිකාවට පිටත් වනු ඇත.
සැලසුමට අනුව ගෝඨාභය සිංගප්පූරුව හරහා යන්නට සැලසුම් කර තිබෙන්නේ කැනඩාවටයි. ඔහු කැනඩාවට පනින්නට යන්නේ කුමරන් පද්මනාදන් හෙවත් කේපී නමැති කොටි නායකයා ගේ සහාය ඇතිවයි. මේ අනුව ගෝඨාභයට මුලින්ම දෙමළ ජාතිකයකු ලෙස කැනඩාවට රහසිගතව ඇතුලුවීමට හැකිවන ආකාරයේ ව්‍යාජ ගමන්බලපත්‍රයක් දැනටමත් සකසා තිබේ. එම ගමන් බලපත්‍රය සකස් කර ඇත්තේ "වව්නියාව රම්බකුලම් පදිංචි රාජරත්නම් සුදාකරන්" යන නමින්ය. ඒ අනුව ඉදිරියේදී KP ගේ කැනඩා සම්බන්ධතා මත දමිල ජාතිකයෙකු සේ වෙස්ගෙන ගෝඨාභය පලමුව රහසිගතව කැනඩාවට ඇතුළු වී දෙවනුව ඇමරිකාවට පලා යනු ඇත. ප්‍රබන්ධ චිත්‍රපටයක ස්වරූපයක් ගන්නා කතාවක් ලෙස නොතකා හැරීමට නොහැකි සත්‍ය සිදුවීමක් ලෙස ඉදිරියේදී මේ සිදුවීම් දාමය නියත ලෙසම සිදුවනු ඇත. මව්බිම බේරා ගැනීම සඳහා කොටි ත්‍රස්තවාදීන් මර්දනය කළ බවට තවමත් බයි වන්දනාවට පාත්‍රව සිටින මේ “වීරයන්”ට නීතියෙන් ගැලවීම සඳහා කොටින් ගේ සහාය පතන්නට සිදුවීම තවමත් රාජපක්ෂලා වන්දනා කරන බයි නඩය දකින්නේ කෙසේද යන්න දැනගන්නට කැමැත්තෙමු.
ගෝටාගේ සැලසුම මෙලෙස ක්‍රියාත්මක කරවීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ මහමොළකාර සහායකයෝ සක්‍රීය දායකත්වයක් සපයමින් සිටිති. එසේ වුවහොත් තවමත් ආරක්ෂක සේවාවල සක්‍රීය තනතුරුවල රැඳී සිටින තමන්ට නිදහසේ කල්ගෙවීමට හැකි වනු ඇතැයි ඇති ඔවුහු විස්වාස කරමින් ඇත .
ඉකුත්දා අති ගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කෙළේ තමන් මිනීමරු ගෝඨාභයට රැවටුන බවයි. එතුමන් ඇතුළු කතෝලික නායක තුමන්ලාගේ අතීත අඩුපාඩුකම් ගැන අපට ද විවේචනයක් තිබේ. එහෙත් කාදිනල් තුමන් තමන් අතින් සිදු වූ වැරැද්ද පිළිගැනීම නායකයකු සතු විශිෂ්ට ගුණයක් ලෙස අපි දකිමු. ඒ මත පදනම්ව මේ සිද්ධියේ සුල මුල සොයන්නට මුල සිටම ක්‍රියා කළ අපට කාදිනල් හිමියන් ඇතුලු කතෝලික සභාවෙන් ඉල්ලීමට කාරණා කිහිපයක් තිබේ.
මුලින්ම මේ අපරාධකරුවන්ට රටින් පලා යාමට ඉඩ නොදෙන ලෙස අපි දැඩිව ඉල්ලා සිටිමු. තමන් සතු සෑම සම්බන්ධතාවක්ම සහ නෛතික මාර්ගයක්ම යොදාගෙන මේ අපරාධකරුවන්ට පලා යාමට ඇති සියලු දොරටු වසා දමන ලෙස අපි ඉල්ලා සිටිමු . මෙය 2019 අප්‍රේල් 4 වැනිදා නිලන්ත ජයවර්ධන නමැති මහමොළකාර අපරාධ සහායකයාට ලැබුණු බුද්ධි තොරතුර සේ සලකන මෙන් අපි ඉල්ලා සිටිමු.
සුරේෂ් සලේ සහ නිලන්ත ජයවර්ධනත් රටින් පලා යාමට ඉඩ තිබේ. ඒවා ද වැලැක්වීමට කඩිනමින් කල්තබා උත්සාහ කළ යුතුය.
දෙවැන්නත් වැදගත්ය. කාදිනල් හිමියන් තමන් සහ තම ජනතාව සතු “බලය” නිසි ලෙස භාවිත නොකරන බව අපේ වැටහීමයි. දැන් අපරාධකරුවන් බිත්තියට හේත්තු කර තිබේ. ජනතා අධිකරණය ඔවුන් කවුද යන්න හඳුනාගෙන තිබේ. දැන් අවශ්‍ය එහි නීතිමය කටයුතු ඉටු කරගැනීම පමණයි. එයට බාධා කරන්නේ රනිල් ඇතුළු රාජ-යක්ෂයන් සහ ඔවුන්ගේ අපරාධ සහායකයන්ය. ඔවුන් පරාජය කිරීමේ “ස්වර්ගීය බලය” කාදිනල් හිමි සහ එතුමන්ගේ ජනතාව තුල ඇති බව අපේ විශ්වාසයයි. මේ නිසා උකටලී නොවී සියලු ආගමික සහ. බහුජන සංවිධාන ඒකාරාශිකරගෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි තුමන් සහ කටුවාපිටියේ සාන්ත සෙබස්තියන් තුමන් කේන්ද්‍ර කරගෙන යුක්තිය ඉටුවනතෙක් අඛන්ඩ සත්‍යවාදී, සාමකාමී, යාඥාශීලී විරෝධතාවයක් පවත්වාගෙන යන ලෙස අපි ඉල්ලා සිටිමු.
ඒ අනුව මේ අරගලය නව වටයකින් ආරම්භ කළ යුතුය. එය ඊනියා රනිල් රාජ-යක්ෂ ආණ්ඩුව පලවා හරින තෙක් සිදුකළ යුතුය.
ඒ අරගලයේදී සිරිසේනට සහ ගෝඨභයට විදෙස් ගමන් තහනමක් ලබා ගත යුතු අතර නිලන්ත ජයවර්ධන සහ සුරේශ් සලේ ගේ පලායාමත් කඩිනමින් වැලැක්විය යුතුය.
යුක්තිය දිනේවා..!
මියගිය සහ තුවාල ලැබු සෑම ආත්මයක්ම සුවපත් වේවා..!
වසර 5 ක් පුරා පාස්කු ප්‍රහාර ගැන සත්‍ය හෙළිකරමින් රසල් ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/74
---------------------------
by (2024-04-21 04:54:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි