-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.19, ප.ව.11.30) රුපියල් කෝටි දෙක බැගින් අල්ලස් ගනිමින් නව සුරාසල් බලපත්‍ර 200 ක් ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි තමන් වගකීමෙන් හෙළිදරව් කරන බව විපක්ෂ නායක සජිත් අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ මෙසේ ලබාදීමට සැලසුම් කර ඇති FL4 බලපත්‍ර 15ක් දැනටමත් ලබාදී තිබෙන බවයි.
දේශපාලන අවශ්‍යතාවයන් මත ලබාදෙන මෙම බලපත්‍ර නිකුත් කිරීම සඳහා දේශපාලන ගැත්තෙක් ලෙස කටයුතු කරන විශ්‍රාම ගිය සුරාබදු කොමසාරිස්වරයෙක් වූ එම්. ජී. ගුණසිරි රනිල් රාජපක්ෂගේ අවශ්‍යතාවය මත යළි එම කොමසාරිස් ධූරයට පත් කර තිබීමද විශේෂත්වයකි.
ඡන්දයක් ආසන්නයේ දේශපාලන අවශ්‍යතාවයන් මත මෙවැනි අකටයුතු වහාම වැළැක්විය යුතු බව විපක්ෂ නායකවරයා පවසයි.
මේ අතර මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර ද තම දේශපාලන හෙන්චන්යින්ට ලබාදීමේ තොරතුරු lanka e news අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වේ.
ඒ අතර ආසන්නතම සිදුවීමක් ඊයේ දිනයේ වාර්තා විය.
ඒ රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහෝදරයෙකුගේ පුත්‍රයාගේ මැදිහත්වීමෙන් Colombo Distillelaries Corporation (private) Limited නමැති සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ඊයේ (18) දින ලබාදීමයි.
මේ සඳනා ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ පුත්‍රයා බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක්ද ලබාගෙන ඇති බවට තොරතුරු දැනගන්නට තිබේ. බලපත්‍රය ලබාගැනීම සඳහා එම පුත්‍රයා සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර ඔහු එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා (එම්. ජී. ගුණසිරි) සමග සුහද සාකච්ඡාවක ද නිරතවී ඇත.
මෙම බලපත්‍රය ලබාදී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ ගැත්තෙක් බවට පත්ව සිටි එකල BOC බැංකුවේ සහ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ සභාපති ධූරය දැරූ උදය ශ්‍රී කාරියවසම් ගේ පුත්‍රයා (කලිඳු පසන් ශ්‍රී කාරියවසම්) අධ්‍යක්ෂක ධූරයක් දරන Colombo Distillelaries Corporation (private) Limited සමාගමටයි.
රුපියල් කෝටි 600 කට අධික ප්‍රමාණයක් සුරා බදු මහා භාණ්ඩාගාරයට අහිමිකර ඇති මොහොතක ඒවා එම සමාගම්වලින් අය කර ගැනීමට කටයුතු කරනවා වෙනුවට මේ සිදු කරන්නේ දේශපාලන පරාජයේ අභිමුඛ සිටි නටන නාඩගම නිසා ජනතාව පිට තවත් බදු බර පැටවීමක් නොවේද?
(2023 වර්ෂයේ අයකරගෙන නැති සුරා බදු සහ එකී සමාගම් වල ලැයිස්තුවක් මෙහි පහත ඇති ඉමේජයක දැක්වේ.)
මත්පැන් අලෙවි සල් වලින් සහ මත් පැන් නිෂ්පාදනාගාරවලින් හිඟ බදු මුදල් අයකර ගැනීමට උත්සාහ නොකරන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් අල්ලස් ලබා ගෙන සිටීම නිසා නොවේද..?
---------------------------
by (2024-03-19 17:59:01)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි