~

අරලියගහ මැදුරේ ආරක්ෂක භටයා අගහිඟකම් නිසා තමන්ටම වෙඩි තබාගෙන..! ආරක්ෂක අංශ සාමාජිකයිනි, උණ්ඩ නිවැරදි දිසාවට හරවන්න..!

-රණවීර මුදියන්සේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.02, ප.ව.11.30) අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ රාජකාරියේ යොදවා සිටි විශේෂ කාර්ය බළකා කොස්තාපල් වරයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි. එම වෙඩි තබා ගැනීමෙන් ඔහුගේ වම් අතේ සුළැඟිල්ලකට තුවාල සිදුවී ඇත.

හොරොවුපතාන, කපුගොල්ලෑව, මොරවැව අංක 36 නිවසේ පදිංචි 29 හැවිරිදි ඩී. කේ. එම්. ප්‍රේමසිරි මෙම නිලධාරියා පසුගිය තිස් වැනිදා සවස හයේ සිට නවය දක්වා අරලියගහ මන්දිරයේ අංක එක දරණ ගේට්ටුවේ මුරකුටියේ රාජකාරිය සඳහා යොදවා සිටියදී තම රාජකාරි ගිනි අවිය වූ ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ගැනීම සිදුකරගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියෙක් කොස්තාපල්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ තම මව මීට මාස හයකට පෙර වකුගඩු රෝගයෙන්  මියගිය බවත් මවගේ මරණින් පසු පියා ද අවස්ථා කිහිපයක් රෝගීව රෝහල් ගත කළ බවත් රෝහල් වල බෙහෙත් හිඟ කම නිසා මිය ගිය බවත්ය

ඒ සමගම පවුලේ අගහිඟතා  පිළිබඳව සිය එකම සහෝදරයා සමග නිතර ආරවුල් ඇතිවන බවත් ඒ හේතුවෙන් ඇති වූ මානසික ආතතිය මත තමා විසින්ම වෙඩි තබා ගත් බවත් අදාළ ප්‍රකාශයේ සටහන් කර තිබේ.

මීට පෙර 2019 දී ද මේ ආකාරයටම අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු (දිල්රුක්ෂ සමරසිංහ) ආරක්ෂක මුරපොළේදී සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබිණ.

මෙහි ඇති සුවීශේෂ කරුණ..

සමස්ත ශ්‍රී  ලංකාවම ආතතියට පත්කොට කන්න බොන්න බැරි, බේත් හේත් නැති තැනට පත්කෙරූ  රාජපක්ෂ සනුහරේ ආරක්ෂකයා වන රනිල් රාජපක්ෂ  ආරක්ෂා කරමින් මේ රටේ ආරක්ෂක සේවයේ නිලධාරියෙකු පවුලේ අගහිඟතා  නිසා තමන්ටම වෙඩි තබා ගැනීම මෙහි ඇති සුවීශේෂ කරුණයි . මක් නිසාද යත් තමන්ගේ  රැකියාව නිසාම රාජපක්ෂ සනුහරේ ආරක්ෂකයා වන රනිල් රාජපක්ෂ පාලනය ආරක්ෂා කරමින් ජනතාවට බැටන්  පොලු පහර දෙන වෙඩි තබන  ආරක්ෂක අංශ සාමාජිකයින් තමන්ගේ උන්ඩ නිවැරදිව භාවිතා කිරීමට මොලයක් තිබෙන්නේ නම් ආනාගතයේදී හෝ පවුලේ අගහිඟතා නිසා ආරක්ෂක අංශ සාමාජිකයන් තමන්ටම වෙඩි තබා ගැනීම නවතාලිය හැකිය.

ලංකාවේ පහල ආරක්ෂක අංශ සාමාජිකයින් දුක් විඳිමින්, සෝයා මීට් සමග නාඩු බත් කමින් සිටිය ද ඉහල නිලධාරීන් හොඳින් හරිහම්බ කරගනිමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන කෝටිපතියන් වී පහල සාමාජිකයින් තම සට්ටැඹි වැඩ සදහා යොදාගැනීම නිතර දැකිය හැකි කරුණකි.

සමස්ත ආරක්ෂක අංශ සාමාජිකයිනි,

මේ රටේ අරගලය ඔබත් මමත් එක්ව කළ යුතු අරගලයකි. පොදු ජනයා වෙනුවෙන් කොන්දේසි විරහිතව ඔබේ ජනතාවට පක්ෂපාතිත්වය අවශ්‍ය කර තිබේ. පවුලේ අගහිඟතා නිසා සිය දිවි හානි කර ගැනීමට තැත් කිරීමට වඩා දූෂිත නිලධාරීන් හා දේශපාලකයින් මේ රටේ පාලනයෙන් අතුගා දැමීමට ඔබේ  පීඩනය භාවිතාවට  ගත යුතු මොහොතකි මේ.

උණ්ඩයකින් සිය දිවි හානිකරගෙන  දරුවනට හෝ දෙමාපියනට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම  දුක් දෙනවාද ? ඔබේ උණ්ඩය නිවැරදිව භාවිතා කොට ජාතික වීරයෙක් වනවාද ?  කියා සමස්ථ  ආරක්ෂක අංශ පහල සාමාජිකයින් මොලයෙන් සිතිය යුතුය.

ඔබේ මිතුරු හෝ පවුලේ ආරක්ෂක අංශ පහල සාමාජිකයින්  සියදිවි හානිකර ගැනීම නැවැතීමට නම් අපගේ ආයාචනය හැකිතාක් ඔවුන් අතර මෙම පුවත  SHARE  කරන්න මේ රටේ සැබෑ ජාතික විරුවා බිහිවන දිනය මේ රටේ සුවහසක් අසරණ මිනිස්සු බලා සිටිති. නිවටයෙක් වනවාද? ජාතික වීරයෙක් වනවාද ? ආරක්ෂක අංශ පහල සාමාජිකයිනි, තීරණය ඔබ සතුයි..!  

-රණවීර මුදියන්සේ

---------------------------
by     (2024-02-02 22:10:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links