-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක අටවැන්න
(ලංකා ඊ නිව්ස් -2024.ජන.23, ප.ව.11.20) එජාපයේ අනෙක් නායකයන් වූ ලලිත් අතුලත්මුදලි හා ගාමිණි දිසානායක ද 1988 දෙසැම්බර් ජනාධිපතිවරණයට තරඟ කිරීමේ බලාපොරෙත්තුවෙන් සිටියෝය. ඔවුන් දෙදෙනාම අගමැති ප්‍රේමදාසගේ සතුරන් වූවත් දෙදෙනා අතර තිබූ තරඟය නිසා එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වයේ වැඩි චන්දය ගියේ ප්‍රේමදාසට ය. ලලිත් හා ගාමිණි අතරේ ප්‍රේමදාස විරෝධී චන්ද බෙදී ගිය හෙයින් මේ දෙදෙනා යළි වෙනස් කළ නොහැකි ඉතිහාසයක් නිර්මාණය කළහ.
ජනාධිපති අපේක්ෂකත්වය ලැබු රණසිංහ ප්‍රේමදාසට බලවත් අභියෝගයක් තිබුණේය. ඒ පාවෙන චන්ද දිනා ගැනීම නොව පක්ෂයේ චන්ද ලබා ගැනීමය. එයට හේතුව ලලිත් හා ගාමිණි රටේ බහුතර කුලය වූ ගොවි වංශය නියෝජනය කිරීමය. අනෙක් අතට ගාමිණි උඩරට ගොවි වංශය නියෝජන කළේය. ලලිත් නියෝජනය කළේ පහතරට ගොවි වංශයයි. රටේ ජනගහනයෙන් දශම ගණනක් වූ හින්න වංශිකයෙක් ජනාධිපතිවරණයකට තබා කොළඹින් පිටස්තර දිස්ත්‍රික්කයකින් මහා මැතිවරණයකින් ජය ගැනීම පවා ඉදිකටු මලෙන් අලියෙක් ඇදීම තරම් දුෂ්කර කටයුත්තකි. ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස මේ බව දැන සිටියේය. එසේම එජාපයේ ගොවි වංශික නායකයන් තමා බාර නොගන්නා බවත් චන්ද සටනට උර නොදෙන බවත් ඔහුට හොඳටම විශ්වාසය. තවත් පැත්තකින් ඔහු තරඟ වදින්නට යන්නේ මීට දෙවතාවක් අගමැතිකම් කළ සිරිමා බණ්ඩාරනායක සමඟය. ඇය උඩරට රදල - ගොවි වංශයේ ස්ත්‍රියකි. 1982 ජනාධිපතිවරණයේ දී ජේ.ආර්. ජයවර්ධන ජය ගත්තේ සිරිමාගේ ප්‍රජා අයිතිය වසර 07 කට නැති කර ඇය තරඟ බිමෙන් පැනීමෙනි. මේ අභියෝගය ජය ගන්නට ඔහු අලුත් උපායක් යෙදුවේය.
අපේක්ෂකත්වය ලබා නොබෝ දිනකින් ප්‍රේමදාස උඩරට පළාත්වල විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. එහි ප්‍රධානම ඉඟිය මෙසේය.
“මීලඟ අගමැති උඩරටින්”
මෙය ගාමිණී දිසානායකට දුන් අතුල් පහරකි. අනෙක් පැත්තෙන් උඩරට ගොවි වංශයේ චන්ද බෑමට අපුරු ඇමකි. මීට පෙර උඩරට කිසිම කුලයකින් පැමිණි පිරිමියෙක් රටේ අගමැති ධූරය දරා නැත. ගාමිණිට අගමැතිකම නොදෙන්නේ නම් මීලඟට උඩරට සිටි එජාප ජ්‍යෙෂ්ඨයා ඩී.බී. විජේතුංග ය. සාමාන්‍යයෙන් විජේතුංගගේ මුලකුරුවලට තිබූ උපහාස නාමය වූයේ බිහිරි හා අන්ධ [ Deaf & Blind]විජේතුංග යන්නය. විජේතුංග ගුණක් හෝ අගුණක් නොතිබූ දේශපාලකයෙකු නිසා ඔහුට පතෝලා විජේතුංග යන නමක් ද පටබැඳී තිබුණේය. මේ කවර දුර්වලතා තිබුණත් තමා ජනාධිපති වූවිට අගමැති වන්නේ විජේතුංග බව කල් තියාම කීමෙන් ප්‍රේමදාස එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙක් බිමහෙලා ගත්තේය. ඒ උඩ - පාතරට ගොවි වංශයට බලාපොරොත්තුවක් ඇති කිරීමය. හරියට ඔහුගේ පුර්වගාමියා මුල්කිරිගල අතුරු චන්දයේ දී කී දේ අනෙක් පැත්තය.
දේශප්‍රේමී ජනතා ව්‍යාපරය චන්ද වර්ජනය කළ නිසා තිබුණේ චන්දයක් නොව යුද්ධයකි. ප්‍රේමදාස තමන්ගේ සියළුම ප්‍රචාරක කටයුතු බාර දී තිබුනේ ඔහුගේ ගෝලයා වූ නිවාස හා ඉදිකිරීම් ඇමති සිරිසේන කුරේ ටය. කුරේ මුළු ප්‍රචාරක ව්‍යාපාරයේම රට පුරා පෝස්ටර් ගැසීමේ කොන්ත්‍රාත්තුව දී තිබුණේ එකල පාතාල නායෙකු වූ සොත්ති උපාලි ට ය. සොත්ති පාතාලයේ සගයන් සමඟ ආණ්ඩුවේ වාහන හා ආයුධවලින් සන්නද්ධව ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යාපාරය ගෙන ගියේය. ප්‍රේමදාස අපේක්ශකයා හැටියට හඳුන්වාදෙන මුල්ම පෝස්ටරය මෙසේ විය.
“මේ කවුද, මොනවද කරන්නේ?”
පසු කලෙක මේ නමින් වේදිකා නාට්‍යයක් ද නිර්මාණය විය. එයට දායකත්වය දුන් ප්‍රකට මාධ්‍යවේදියෙක් හා වේදිකා නළුවෙකු වූ රිචඩ් ද සොයිසා ප්‍රේමදාස ජනාධිපති වී මාස දෙකක් යන්නට මත්තෙන් පැහැරගෙන ගොස් මරා දැමුණේය. ඔහුගේ මළ සිරුර ලුනාවේ වෙරළට ගොඩ නොගසන්නට ඔහුට සිදු වූ දේ කිසිම දිනක දැනගන්නට නොලැබෙන්න ඉඩ තිබුණි. රණසිංහ ප්‍රේමදාස 1988 දෙසැම්බර් ජනාධිපතිවරන්ණයෙන් ඉතාම සුළු වැඩි චන්ද ප්‍රමානයකින් ජයගෙන මහජන චන්දයෙන් පත් වූ ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා බවට පත් වුණේය.
සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
* සයිමන් නවගත්තේගමගේ "ආර්. පණ්ඩුකාභය"
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
---------------------------
by (2024-01-23 18:40:49)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි