-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක හත්වැන්න
(ලංකා ඊ නිව්ස් -2024.ජන.21, ප.ව.7.45) සුප්‍රකට සාහිත්‍යකරුවෙකු මෙන්ම නාට්‍යකරුවෙකු ද වූ සයිමන් නවගත්තේගමගේ අප්‍රකටම නාඩගම ‘පණ්ඩුකාභය’ නාඩගමයි. එය අප්‍රකට වීමේ හේතු කීමට පෙර ‘පණ්ඩුකාභය දේශපාලනය’ මම ඔබට කිව යුතුය. එදා මෙදා තුර ලංකාවේ දේශපාලකයන් සිංහල චන්ද වෙනුවෙන් උඩ දැම්මේ ‘දුටුගැමුණු’ දේශපාලනයයි. දුටුගැමුණු දේශපාලනය සිංහල බෞද්ධ චන්ද බා ගැනීමට කදිම ඇමකි. එහෙත් රණසිංහ ප්‍රේමදාසගේ ඉතිහාස දේශපාලනය වෙනුවෙන් තෝරා ගත්තේ පණ්ඩුකාභය රජතුමා ය. ඔහුගේ මේ විශේෂ තේරීම පිටුපස සිටියේ හෙලහවුල විය යුතුය. මන්ද අගමැති ප්‍රේමදාස මේ වන විට හෙල හවුලේ “යකුන්” ගෙන් වැඩ ගනිමින් සිටි නිසා ය.
පණ්ඩුකාභය ලංකා ඉතිහාසයේ සුවිශේෂම චරිතයකි. ඔහු රට එක්සේසත් කර වැඩිම කාලයක් රජකම් කළ රජතුමාය. අනෙක ඔහු රජ කළ යුගයේ ලංකාව බෞද්ධ රටක් නොවීය. ඔහුගේ පාලනයට ඇඟිලි ගැසීමට ‘සඟ රජවරුන්’ නොසිටියේය. එකල තිබූ සියළුම ආගම්වලට ඔහු සමානව සැලකුවේය. මහාවංශ සාහිත්‍යය අනුව රජතුමා නිගන්ඨයන්ට පවා ආරාම තනා දුන්නේය. ඔහු සිංහලයන්ට වෙනම සැලකිළි නොකළේය. සියළුම ගෝත්‍රවලට සමානව සැලකුවේය. රජු කාර්තිකෝත්සවය නැරඹුවේ ‘කාලවේල’ හා ‘චිත්තරාජ’ යන යක්ෂ ගෝත්‍රික නායකයන් දෙදෙනා සමඟ සම අසුන් ගෙනය. ආර්. ප්‍රේමදාස පණ්ඩුකාභය තෝරාගනිද්දී දෙවන ඊළාම් යුද්ධයට මුල පුරා තිබුණත් ජාතික සමඟිය සිංහලයන්ට ඉගැන්වීමට හොඳම මඟ පණ්ඩුකාභය චරිතය උඩට ගැනීම බව අගමැති ප්‍රේමදාස විශ්වාස කළා විය හැකිය. මේ නිසා ‘පණ්ඩුකාභය’ නාඩගම ලිවීමට හා තැනීම පැවරුවේ සයිමන් නවගත්තේගමට ය.
සයිමන් ඊට පෙර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ [ මොස්කව් පිල] සමීපම හිතවතෙකු මෙන්ම ‘ඇත්ත’ පුවත්පතේ ලේඛකයෙකු ද විය. ඒ වන විටත් සයිමන්, ස්වකීය සාහිත්‍ය මතවාද හෙළිකිරීමට ‘සාහිත්‍යය, සමාජවාදය හා කලා විචාරය’ නමින් කෘතියක් ද රචනා කර තිබුණේය. ‘සුභ සහ යස’ ඔහුගේ ප්‍රකට හා ජනප්‍රිය නාටකය නිසා ඔහු දේශපාලකයන්ගේ බලවත් අවධානයට ලක් විය. සයිමන්ගේ පීතෘත්වය ගැන බොහෝ කට කතා තිබුණත් ඔහු කුලයෙන් ‘දේව’ [වහුම්පුර] වංශිකයෙකු විය. කොළඹ යුගයේ මහා කවියා වූ විමලරත්න කුමාරගම, නවගත්තේගම ගම්මානය අයත් භූමියේ උප දිසාපතිවරයෙක් ව සිටීම හා කුමාරගම සයිමන්ලාගේ පවුලේ හිතවතෙකු වීම ඒ කටකතාවල පදනම විය. සයිමන් පාසල් වියේ පටන්ම ඇසුරු කළ සුමන ආලෝක බණ්ඩාර මේ කට කතාව සයිමන් දැන සිටි බව මේ ලේඛයාට පැවසුවේය. කෙසේ වෙතත් සයිමන් අගමැති ප්‍රේමදාසට ලංවෙන විට ඔහුගේ දකුණු අත වී සිටියේ ‘ජනසවිය’ සංකල්පයේ නිර්මාතෘ සුසිල් සිරිවර්ධනය. බණ්ඩාරණායක පවුලේ සමීප ඥාතියෙකු වූ සුසිල්, 1971 කැරැල්ලට සිරගත වී නිදහස් වූ පසු එම පවුලේ ඥාතීත්වය බැහැර කර සිටියේය. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙකු වූ සුසිල්ට, කුමාරගම ගැන බලවත් බැඳීමක් තිබුණේය. ඔහු එස්. විජේසූරිය සමඟ ප්‍රකාශයට පත් කළ ‘විමලරත්න කුමාරගම කවි එකතුව’ මීට අපුරු උදාහරණයකි.
සමහර විට ‘පණ්ඩුකාභය’ නාඩගම තැනීම සුසිල්ගේ සංකල්පයක් වීමටත් ඉඩ ඇත. කෙසේ වෙතත් අගමැති ප්‍රේමදාස හා සයිමන් නවගත්තේගම එකට වැඩ කරන්නට ගන්නේ මේ නාඩගම තැනීමේ ඇරයුමත් සමඟය. එතෙක් ඉතා අදීන කලාකරුවෙකු වූ සයිමන්, ප්‍රේමදාස සමඟ නාට්‍යයක් තැනීමට යාම ගැන ඔහුගේ කලා සගයෝ කෝපයෙන් සිටිය හ. ටවර්හෝල් රඟහලේ නාට්‍ය පුහුණුවීම් අතර තුර එය බැලීමට එන ප්‍රේමදාස හා සුසිල් රසිකයන් දෙදෙනා නාට්‍ය තැනීමට සයිමන්ට උපදෙස් දෙන ආකාරය ගැන එකල නොයෙකුත් කට කතා තිබුණේය. ඔවුන් දෙපොල නාට්‍ය හදන්නට උපදෙස් සපයන විට සයිමන් ඒ අසල බිම ඇන ගසාගෙන එකින් එකට දුම්වැටි දල්වමින් උපදෙස් පිළිගන්නා ආකාරයත් එකල උපහාස ඕපාදූපයක් විය. කෙසේ වෙතත් එම කතාවේ වැදගත්ම කොටස වූයේ තමා යටතේ කිසිම ආයතනයක දුම් බීමට අවසර නොදුන් අගමැති ප්‍රේමදාස සයිමන්ට තමා ඉදිරිපිට දුම් බීමට අවසර දී තිබුණේය. මේ අවසරය ඔහුගේ නිල නිවස වූ අරලියගහ මන්දිරයට ද අදාල බවට කතාන්දර පැතිරුණේය.
විශාල නළු නිළි සමූහයක් සමග දිගු කාලයක පුහුණුවකින් පසු ‘පණ්ඩුකාභය’ මංගල දර්ශණය ටවර් රඟහලේම වේදිකා ගත විය. මංගල දර්ශණයෙන් පසු දාම සයිමන්ගේ ‘ඇත්ත’ පත්තරේ සගයෝ නාට්‍ය විචාරයක් ලියූහ. ‘සයිමන් නවගත්තේගමගේ නවතම නාඩගම ‘ආර්. පණ්ඩුකාභය’....! මේ නාට්‍ය විචාරයේ හෙඩිම වී තිබුණේය. ‘ඇත්ත’, රණසිංහ ප්‍රේමදාසගේ පණ්ඩුකාභය නොකියා කීවේ ඒ අකාරයට ය. කෙසේ වෙතත් සයිමන්ගේ ‘පණ්ඩුකාභයට’ වඩා ‘ඇත්ත’ පත්තරේ ‘ආර්. පණ්ඩුකාභය’ විචාරය ජන්ප්‍රිය විය. නාඩගමක් තැනීමට ගිය සයිමන්ට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබූ ‘ජන උදාව’ ව්‍යාපෘතියේ පහසුවට හා ලාභයට ගෙවල් තැනීම ඉගැන්වීමට පැවරුණේය. එයට මාහාචාර්ය සුචරිත ගම්ලත් කීවේ “ දැන් සයිමන් සිමෙන්ති හා ගඩොල් අඩුවෙන් ගෙවල් හදන හැටි ඉගැන්වීමට නාට්‍ය හදනවා” යනුවෙනි. කෙසේ වෙතත් පසුකලෙක අගමැති ප්‍රේමදාගේ පමණක් නොව ජනාධිපති ප්‍රේමදාසගේ ද කතා ලියා දුන්නේ සයිමන් ය. එහෙත් සයිමන් හැදූ අනෙකුත් නාට්‍ය මෙන් නොව ‘පණ්ඩුකාභය’ කලා ඉතිහාසයේ කුණු බක්කියට ගියේය. ප්‍රේමදාසගේ මරණින් පසු ‘පණ්ඩුකාභය දර්ශනය ද’ යටපත් විය.
සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාතන අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
---------------------------
by (2024-01-21 14:16:44)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි