~

අවලෝකිතේශ්වර බෝසතානෝ ගැටළුව..!

-විසල් කරුණාරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජන.18, ප.ව.6.25) මහින්ද කොඩිතුවක්කු යන අය තමන් අවලෝකිතේශ්වර බෝසතුන් බව ප්‍රකාශ කර තිබේ. මීට පෙර පිටිදූවේ සිරිධම්ම ද සමන්තභද්‍ර ලෙස බුදු වූ බව ප්‍රකාශ කර සිටියේය. මේ ඩබල නොම්මර එකේ තක්කඩියන් බව සැකයක් නැත.

නමුත් මේ සිදුවීම් දෙකේ දී නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක බව බැලූ බැල්මට පෙනේ. ඒත් අප ගේ කාරණාව එය නොවේ. මෙම ප්‍රකාශයන් ගේ තාර්කික බව වග විභාග කිරීම අපගේ අරමුණයි.

සිද්ධාර්ථ යම් දිනක තමන් සත්‍යය අවබෝධ කරගත් බවත් තමන් බුදු වූ බවත් ප්‍රකාශ කර සිටියේ ය. මෙය වාචික ස්වයං ප්‍රකාශයක් හැර අන් යමක් නොවේ. තමන් බුදු වූ බව සහ සත්‍ය අවබෝධ කර ගත් බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටි අතර එම ප්‍රකාශය පිළිගැනීම සහ නොපිළිගැනීම තත්කාලීන භාරත සමාජයේ පවා සිදුවුණි. යම්කිසි කෙනෙක් තමන් සම්බන්ධව තමන් පමණක් ප්‍රත්‍යක්ෂ කළ දෙයක් සම්බන්ධව ප්‍රකාශයක් කළහොත් එය සත්‍යයේක්ෂණය කිරීමට තාර්කික හෝ භෞතික විධික්‍රමයක් ඇත්තේ නැත. කළ හැකි එකම දේ එය විශ්වාස කිරීම හෝ නොකිරීම පමණයි.

මම බුදු වුනා කියා චිචී කීවොත්..

අප වෙනත් උපකල්පනයක් හරහා මේ ගැන තවත් විභාග කර බලමු. මහින්ද රාජපක්ෂ ගේ පළමුවෙනි ධූර කාලයේ දී ඔහු ව රජෙක් ලෙස මේ රටේ සංඝයා සහ සාමාන්‍ය මිනිසුන් බහුතරයක් පිළිගත් බව අපට මතකයි.

මහින්ද ගේ පුතෙක්, අපි උපකල්පනය කරමු චිචී කියා, හදිසියේ කිව්වොත් මම බුදු උනා, මගේ අගසව් දෙදෙනා තමයි ලලිත් වීරතුංග සහ ගාමිණි සෙනරත් කියා අපි මොකද කරන්නේ? ඒ විතරක් නෙවෙයි තමන් දේශණා කළ දම්සක් පැවතුම් දේශනාව ශ්‍රවණය කළ රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත ඇතුළු පස් දෙනෙක් මාර්ග ඵල ලැබූ බවත් ඔවුන් පස්වග මහණුන් බවත් ප්‍රවිතා මහා ප්‍රජාපතීගෝතමී දේවිය ලෙස සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ දේවදත්ත ලෙසත් හඳුන්වා දුන්නොත් මොකද කරන්නේ.?

මහින්ද ඔටෝ සුද්දෝදන වන නිසා නැසීගිය ඉතිහාසඥ ජැක්සන් ඇන්තනීගේ ප්‍රකාශයකුත් මේ හරහා සත්‍ය වෙනවා.

මේ ප්‍රකාශය බොරු කියල කියන්න අපට නිශ්චිතවම හැකියාවක් නැහැ. එම ප්‍රකාශය විශ්වාස කිරීම හෝ නොකිරීම කළ හැකියි.

මේ වගේ තත්වයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කුමක් කියයිද?  ඕමල්පේ සෝභිත, බලංගොඩ කස්සප, පාහියංගල ආදීන් සීඅයිඩී එකේ රස්තියාදු ගහයි ද? මහනායක තුන්කට්ටුව ජනාධිපතිවරයාට ලියුම් ලියයිද? මේවා වෙන්න පුළුවන් ඉඩකඩක් නැහැ කියලා තමයි අපිට පේන්නෙ.

මහින්ද කොඩිතුවක්කු වගේ හාලප්පාරුවෙකුට සත්තම දැම්මට රජතුමාගේ පුතා බුදු වූ බව කීවොත් එ වගේ සත්තම දාන්නේ නැහැ කියන එක තමයි ඇත්ත.

උපකල්පනය එලෙසම තිබිය දී දැන් අපි අවලෝකිතේශ්වර ගැටළුව ගැන කතා කරමු. ඔහු කියන්නෙ තමන් බුදු වූ බව නොව බුදුවීමට නියමිත බෝසතානෝ වරයෙක් බවයි. මේක ස්වයං ප්‍රකාශයක්.  ඔහුට එරෙහිව පොලිසියේ රස්තියාදු වූ සංඝ පිරිස කියන්නේ එසේ නොව මේ පුද්ගලයා බෝසතෙක් නොවන බවයි. දැන් ප්‍රශ්නය තියෙන්නෙ නීතිය හමුවේ.

චෝදනා කරන්නවුන් චෝදනා ඔප්පු කළ යුතුයි..

බෝසතානෝ කියන්නෙ බුදුවෙන්න පෙරුම් පුරන කෙනෙක්. ඔහු අලියෙක්, නයෙක්, අශ්වයෙක් වගේ සත්ව ආත්මයක කෙනෙක් වෙන්නත් පුළුවන්. වෙළෙන්දෙක්, ධීවරයෙක් වෙන්නත් පුළුවන්. බල්ලෝ නාවපු කෙනෙක් වෙන්න බැහැ කියලා අපිට කියන්න බැහැ. මොකද නිශ්චිත ආකාරයක් ගැන කියන්න බැරි නිසා.

චෝදනා කරන්නවුන් චෝදනා ඔප්පු කළ යුතු බවට නීතියේ මූලධර්මයක් තියනවා. ඒ අනුව මහින්ද කොඩිතුවක්කු බෝසතෙක් නොවන බව දැන් ඔහුට චෝදනා කරනවුන් ඔප්පු කළ යුතුයි. තමන් අවලෝකිතේශ්වර බව මහින්ද කොඩිතුවක්කු කියා සිටින්නේ නම් එය එසේ නොවන බව  ඔප්පු කිරීම ලෙහෙසි සහ පහසු කාර්යයක් නෙවේ. මොන නිර්ණායකය අනුව ද අවලෝකිතේශ්වර බෝසතෙක් නොවන්නේ.? මේක ලස්සන වැඩක්.

අනෙක් අයට හිරිහැරයක් නැත්නම් ජනතාවට විහිළු සපයන්නන් ට ඒ වැඩේ කරගෙන ඉන්න දී  නීතිය විහිළුවක් බවට පත්කළ යුතු නැති බවයි අපගේ අදහස.

-විසල් කරුණාරත්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/13

---------------------------
by     (2024-01-18 13:20:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links