~

පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ස්තාලය..!

-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක පළමුවැන්න

(ලංකා ඊ නිව්ස් -2024.ජන.15, ප.ව.10.40) සමඟි ජන බලවේගයේ නායක සජිත් [රණසිංහ] ප්‍රේමදාස මේ වසරේ එළඹෙන ජනාධිපතිවරණයකට හෝ මහා මැතිවරණයක තුරඟ තරඟ වෙනුවෙන් අශ්වයන් තෝරමින් සිටී. පොදුවේ තුරඟ තරඟ සංවිධායකයන්  ‘අශ්ව රේස්’ වෙනුවෙන් තෝරාගනු ලබන්නේ ශක්තිමත් සෛන්ධවයන් ය. ‘රේස්කාරයන්’ හෙවත් ඔට්ටු තබන්නන් අල්ලන්නේ අශ්වයාත් ජොකියාත් යන දෙදෙනාටම ජයග්‍රාහී ඉතිහාසයක් ඇති දැයි ‘රේස් කෝලය’ පුරාම කියවා බැලීමෙන් අනතුරුවය. එහෙත් අශ්ව රේස් තබා සමකාලීන දේශපාලනය ගැනවත් මළ පොතේ අකුරක් නොදන්නා බව සජිත් නායකතුමා චන්ද වර්ෂයේ ‘රේස්’ වෙනුවෙන් තෝරා ගන්නා අශ්වයන් ගෙන් පෙනෙන්නේය. මේ පසුගිය සති දෙක තුල නායකතුමා තෝරා ගත් “සෛන්ධවයන්” රැලය.

“පිගෝට්” වර්ගයේ කුදිරෙකු වු වීරවංශ ද...

හාහා පුරා කියා නායකයා අලුත් අවුරුද්දේ වැඩ අල්ලමින් ස්වකීය ‘අශ්ව ස්තාලයට’ ජනවාරි පළමුවෙනිදා අම්බලන්ගොඩ ශාන් විජයලාල් ද සිල්වා සජබයට දක්කා ගත්තේය. ඊට දින කීපයකට පසු හිටපු ඇමති ජී.එල්. පීරිස්ගේ කොල්ලුපිටියේ නිවසේ දී පීරිස් සමඟ හිටපු ඇමතිවරුන් වූ නාලක ගොඩහේවා, චන්න ජයසුමන, හා ඩිලාන් පෙරේරා ඉස්තාලයට ඇතුල් කර ගත්තේය. ඊටත් දින කීපයකට පසු දයාශ්‍රිත තිසේරා ද ‘රේස් අශ්වයෙක්’ ලෙස ඉස්තාලය එකතු විය. මේ වෙන විට ලැබෙන දේශපාලන ආරංචි කියන්නේ කුරුණෑගලින් තවත් අශ්වයන් දෙදෙනෙක් ද, පැරණි “පිගෝට්” වර්ගයේ කුදිරෙකු වු විමල් වීරවංශ ද ස්වකීය අශ්වයන් තිදෙනෙකු සමඟ සජබ ඉස්තාලයට රිංගන්නට සූදානම් වෙන බවකි.

එකම “තුරඟ වංශයකට” අයිතිවීම..

නායකයා සජබ ‘ඉස්තාලයට’ අලුතෙන්ම ගාල් කරගන්නා “සෛන්ධවයන්’ සමූහය දෙස අපට මතුපිට දේශපාලනයෙන් බැලිය නොහැකිය. මන්ද ඒ හස්ති කුල මෙන්ම අශ්ව කුල ද ඇති බව ලෝකයට රහසක් නොවන නිසාය.  ජනවාරි මුල් සතියේ සජබ ඉස්තාලයට ගාල් කෙරුණු ශාන් විජයලාල් ද සිල්වා, ජී. ඇල්. පීරිස්, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා හා දයාශ්‍රිත තිසේරා යන සිවු දෙනාම ලංකාවේ දී එකම “තුරඟ වංශයකට” ඇතුලත් වීම අහම්භයක් සේ දැකිය නොහැකි නිසාය. ඔවුහු කරාව වංශයේ අශ්වයෝය. එහෙත් මොවුහු සෛන්ධවයෝ නොවෙති. අශ්ව රේස් බසින් කියන්නේ නම් තුරඟ තරඟවලට තව තුරටත් නොතබන, ඔට්ටු අල්ලන්නන් පවා ලංසු නොතබන, “ෆේවරිට්’  අශ්වයන් නොවේ. ‘කණා බල්ල්න්ට ගහන්නා සේ’ යන්තමින් දේශපාලන රැල්ලක් එන විට හුලං අතට දිවීමෙන් ‘ කප් ගැසුවෝ’  වෙති. එහෙත් මේ කරාව වංශික අශ්වයන් කණ්ඩායම  ‘කුල ජන්ද ඔට්ටුකාරයන්’ අතර දැමීමට සජබය සමත්වේද ? වෙනත් විදියකට කීවොත් කරාව වංශික චන්ද දායකයන්ට මේ අශ්වයන් විකිණීමට සජබ නායකයාට හැකිවේද?

'හින්න' වංශයේ නායකයා සහ ගෝලයා..

එය තේරුම් ගැනීමට නම් පුතානෝගේ කෙටි දේශපාලන ඉතිහාසයෙන් නොහැකිය. පියාණෝ හෙවත් රණසිංහ ප්‍රේමදාසගේ  දේශපාලන ඉතිහාසයෙන් පටන් ගත යුතුය. රණසිංහ ප්‍රේමදාස නූතන ලංකා දේශපාලන ඉතිහාසයට එකතු වන්නේ ලංකා කම්කරු පක්ෂයෙනි. එම පක්ෂයේ ආරම්භකයා පසුගිය සියවසේ මුල් භාගයේ කම්කරු ව්‍යාපාරයේ නායකයෙකු වූ ඒ. ඊ. ගුණසිංහය. රණසිංහ ප්‍රේමදාස 1946 දී ගුණසිංහගේ කම්කරු පක්ෂයට එකතු වීමෙ දී මේ දෙදෙනාට තිබූ එකම දේශපාලන සමානකම වූයේ නායකයා මෙන්ම ගෝලයා ද එකම වංශයකට අයිති වීමය. එනම් පාතරට සලාගම වංශයේ සේවා උප කුලයකයක් වූ ‘හින්න’ වංශයයි.

‘සින්නාවා’ ගෙන් පැවතෙන ‘හින්නා’ වංශය..

සලාගම වංශයේ ඉතිහාසයට අනුව වත් හිමි බුවනෙකබා යුගයේ මේ වංශිකයන් ලංකාවට එන්නේ රජුගේ ඔටුණු පැළඳවීමේ මංගල්ලයට සහභාගී වන්නටය. බේරුවල සිටි මුස්ලිම් ජන ප්‍රධානියෙකුගේ මැදිහත් වීමෙනි. මේ වංශයේ නිල ඉතිහාසය අනුව මේ ඔටුණු පැළඳවීමේ මංගල්ලයට ඉන්දියාවේ සාලෙයි බමුණු ගම්මානයේ සිට බමුණෝ හත් දෙනෙක් පැමිණෙති. ඔවුන්ගේ කන්ඩායමට ‘සළු පිරිසිදු කරන්නා වුයේ හත් වැනියා වූ ‘හේනයා’ ය. එහෙත් හින්නා වංශයට නිල ඉතිහාසයට අනුව මේ බමුණු පිරිසේ පොඩි එකා හැඳින්වුනේ ‘සින්නා’ හෙවත් පොඩි එකා යන නාමයෙනි. වැඩිමහල් බමුණු කණ්ඩායම සැම විටම උපකාර පැතුවේ මේ ‘සින්නා’ ගෙනි මේ නිසා මේ පිරිස අතරෙන් නිතරම අහන්නට ලැබුණේ ‘සින්නා වා’ ,'පොඩි එකො මෙහෙවරෙන්' යන ඇමතුමය. මේ ඇමතීම පොඩි එකාගේ නාමය බවට පත් වුණේය. පසු කලෙක පොඩි එකා ලොකු වූවත් ඔහුටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් ඇමතුණේ ‘සින්නාවා’ යන නාමයෙන් ය. මේ ‘සින්නාවා’ සුඛෝච්චාරණය වෙනුවෙන් ‘හින්නා’ බවට පත් විය. 19 වෙනි සියවස වෙද්දී මුල් ‘සින්නාවා’ ගෙන් පැවතෙන්නේ ‘හින්නා’ වංශය බවට පත් වුහ.

කෙසේ වෙතත් ඒ. ඊ. ගුණසිංහගේ ලංකා  කම්කරු පක්ෂය රණසිංහ ප්‍රේමදාස 1946 එකතු වෙද්දී මේ හින්නා වංශික කුල සාධකය තිබූ බව දේශපාලන ඉතිහාසකරුවෝ විශ්වාස කරති.

-නන්දන වීරරත්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98

ලබන සතියේ; රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය

---------------------------
by     (2024-01-19 16:59:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links