-නන්දන වීරරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජන.09, ප.ව.10.30) රටේ හැමදාමත් දේශපාලන පෙරළියක් සිදුවෙන්නට යද්දී කැලණි විහාරයේ ආගමික පුස් වෙඩි පුපුරන්නේය. මෙහි ආගමික දේශපාලනය අපුරු කතාවකි.
මේ විහාරයේ ආගමික දේශපාලනය වසර 2600 කට කිට්ටු ඉතිහාසයක් දක්වා දිවයයි. මහාවංශ සාහිත්‍යය අනුව බුදුන් තෙවන වතාවට ලංකාවට එන්නේ කැලණියට ය. ඒ මණිඅක්ඛිත නා රජුගේ බලවත් ඇරයුම නිසාය.
ක්‍රි. පූ. 2 සියවසේ දී කැලණි තිස්ස රජුගේ බිසවට මේ විහාරයේ රහත් භික්ෂුවක් හොර පෙම්හසුනක් ගෙන යාම නිසා නටන තෙල් කටාරමක දමා භික්ෂුව මරන්නේය. එයින් සුනාමියක් හෙවත් මුහුද ගොඩගලා ගම් 80 දහසක් විනාශ වන්නේය. එය කෙලවර වන්නේ රජුගේ දියණිය මුහුදට බිලි කිරීමෙනි. පසුව විහාරමහා දේවිය නමින් ප්රකටවෙන මේ කුමරිය කාකවර්ණ තිස්ස රජුගේ අග බිසව වන්නේය. සුප්‍රකට එළාර - දුෂ්ඨ ගාමිණි යුද්ධයේ සිංහල පාර්ශවයේ නායකයා වන්නේ මේ දේවියගේ පුත්‍රයා වූ ගැමුණු ය.
යලිත් අපට කැලණි විහාරය හමුවෙන්නේ 19 සියවසේ අගභාගයේ දී ය. ඒ සේදවත්තේ කොටං මුදලාලියෙක් වූ දොන් පිලිප් තුඩුගල විජේවර්ධන්ගේ උපතින්ම ක්‍රිස්තියානි බැතිමතියක වූ බිරිඳ, හෙලේනා මේ විහාරයේ ප්‍රධාන දායිකාව වී එය ට ධනය ආයෝජනය කරන්නට පටන් ගැනීමත් සමඟය. මේ ආයෝජනය ඉහලම අවස්ථාව වන්නේ 1927 දී හෙලේනාගේ පුත්‍රයෙකු වූ දොන් වෝල්ටර් විජේවර්ධන දායක සභාවේ සභාපති වී “බස්නායක නිලමේට” ඇදඳීමත් සමඟය. පහතරට පංසල්වලට බස්නායක තනතුරු එන්නේ මෙතැන් සිට ය.
1943 දී සර් ඩී.බී. ජයතිලක දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වුණු පසු කැලණි ආසනයේ නායකයා වන්නේ හෙලේනාගේ මුණුපුරෙකු වූ ජේ. ආර්. ජයවර්ධනය. මේ විජේවර්ධන - ජයවර්ධන පවුලට පංසලේ තිබූ බලය කොතෙක් ද කීවොත් 1947 දී ධූරාවලිය පන්නා එහි විහාරාධිපති පදවිය මාපිටිගම බුද්ධරක්ඛිතට දෙන්නේ මේ දේශපාලන පවුලේ බලය නිසාය.
1951 දී සොලොමොන් ඩයස් බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනද්දී එහි භික්ෂු දේශපාලනයේ නායකයා වන්නේ මේ කැලණි විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත ම ය. 1956 චන්දයේ දී බන්ඩාරනායක "දියසේන" කුමාරයාට ඇන්දුවේ ද මේ විහාරය ම ය. බණ්ඩාරනායක රට බේරා ගන්නට පැමිණි දියසේන වී ඔහුගේ මහජන එක්සත් පෙරමුන අතිවිශාල බලයක් ලැබුවේය.
1959 දී අගමැති බණ්ඩාරනායකට වෙඩිතබා මරා දැමීමේ නඩුවේ දෙවෙනි විතිකරු වන්නේත් මේ බුද්ධරක්ඛිත ම ය. එහි තවත් විත්තිකාරියක් වන්නේ හෙලේනාගේ ලේලියක වූ විමලා විජේවර්ධනය.
1956 චන්දයෙන් ජේ. ආර්. ජයවර්ධන කැලණි ආසනයෙන් පරාජය වූ නිසා ඔහු 1960 දශකයේ දී කොළඹට මාරුවන්නේ ය. එසේ වුවත් ඔහු 1976 දී බෙදුණු කැලණි ආසනයේ බියගම කොටසේ සංවිධායකයා හැටියට පත්කරන්නේ හෙලේනාගේ මී මුණුපුරෙකු හා ඔහුගේ බෑණා වූ රනිල් වික්‍රමසිංහ ය.
2019 ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තබා නාගලෝකයෙන් පැමිණි නාගයෙක් මතුවන්නේ මේ විහාරය අසල කැලණි ගංගාවෙන් ය. ඒ නාගයා සුබ පණිවුඩයක් රැගෙන ආ බව කියමින් පොහොට්ටු බෙදූ කැලණි විහාරය කළ කී දෑ අමුතුවෙන් කිව යුතු නැත.
දැන් 2024 ජනාධිපතිවරණය ආසන්න වෙද්දී “අවලෝකිතේශ්වර” හෙවත් මතු බුදුවෙන බුදුවරයා බව මහායානයේ කියවෙන “බෝධිසත්වයා” මතු වන්නේත් මේ විහාරයෙන් ම ය.
වාසනාවකට ලංකාවේ ආගමික හරකුන්ට වල්ගා නැත. උන්ට වල්ගා තිබුනේ නම් මේ හරක් රැල හොර හරක් පටවන්නන් මසට විකුණනු නිසැකය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98
(පිංතුරවල ඉන්නේ කැලණියේ බෝසත් ප්‍රතිමාව හා දැන් ගොඩබැස සිටින බෝධිසත්වයා ය.)
හදිසියේ ඊජිප්තුවේ සිට ලංකාවට ගුවනින් ගොඩ බැස චීවරධාරියෙකුගේ ද වැඳුම් පිදුම් ලබා පැමිණි 'අම්මට සිරි අවලෝකිතේශ්වරයාගේ පැටිකිරිය දිග හරින බලංගොඩ කස්සප හිමියෝ හෙළිකරන්නේ ඇඟ හිරි වැටෙන කතාවකි. මේ අවලෝකිතේශ්වරයා අවලමෙකු බවයි. ඔහු තම දියණියට ලිංගික අතවර කළ අයෙක් බවත් එබැවින් ඔහුගේ බිරිඳ ඔහුව නිවසින් පන්නා දැමූවෙක් බවත් කස්සප හිමියෝ හෙළිකරති. එහිමියන්ගේ සම්පූර්ණ වීඩියෝව පහතින්
---------------------------
by (2024-01-09 17:22:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි