~

රනිල් රාජපක්ෂගේ ගුවන් ගාය..!

-ජනමිත්‍ර ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජන.03, ප.ව.11.00) මෙතෙක්  අප සමාජ ජාලවලින් දැක තිබුනේ රාජපක්ෂලාගේ හෝ උන්ගේ පුතාලගේ රථ ගාය  පමණි. වරකට VIP  රථ සමඟ පරිවාර  රථ 20 ක්  30 ක්  යාම අරගලයට පෙර සුලභ විය. මේ පිළිබඳව  ජනතාවගේ දැඩි විරෝධය එල්ල වීම නිසාම  අරගලයෙන් පසු යම් පාලනයක් එහි සිදුවිණි. දැන් නව ගාය ලෙස රනිල් වික්‍රමසිංහගේ  'ගුවන් ගාය' පටන් ගෙන ඇත.

ගුවන් ගායේ තරම..

සාමාන්‍ය බෙල්  412 හෙලිකොප්ටරයකට  අමතරව ඉදිරියෙන් බෙල් 212 වර්ගයේ  ආයුධ  සන්නද්ධ හෙලිකොප්ටරයක් සමඟ යාම ආරම්භ වූ රනිල් වික්‍රමසිංහගේ ගුවන් ගාය දැන් ඔඩු දුවා ඇත. දැන් බෙල් 212 වර්ගයේ ආයුධ  සන්නද්ධ හෙලිකොප්ටරයක් ඉදිරියෙන් යාමට ප්‍රථමව මිග්  27 ප්‍රහාරක ගුවන් යානයක්  ද, බෙල්  412 හෙලිකොප්ටරය පසුපසින් වයි  12 වර්ගයේ  ගුවන් යානයක්ද ගමන් කිරීම දැන් අනිවාර්‍ය කොට ඇත.

රනිල් වික්‍රමසිංහගේ ගුවන් ගාය ඔඩු දුවන අන්දමට ඉදිරියේදී  තවත් ඉන්ධන මිල ඉහල නැංවීමට සිදුවනු ඇත.

රනිල් පැලවත්තට නැව් රැගෙන ඒම ද වැඩි ඈතක නොවේ..

මීට අමතරව පෙබරවාරි  04 නිදහස්  දිනයේදී, මැයි 18 විජයග්‍රහණ  දිනයේදී මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය වන මාර්තු 02 දින හැරුණු කොට ජනාධිපති උත්තමාචාර උදෙසා පමණක් ජනතාවගේ මුදලින් ගුවන් යානා ඉන්ධන විනාශ කිරීම මෙවන් සමයක ඉතා කණගාටුදායක තත්වයකි. නමුත් පසුගිය 2024 ජනවාරි පළමු වනදාත් ගුවන් යානා ඉන්ධන විනාශ කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සංදර්ශනයක්  පැලවත්තේ  ත්‍රිවිධ හමුදා  මුලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමට යයි කියා  ජනාධිපතිවරයා  ඉදිරියේ පවත්වා ඇත. පැලවත්තේ  ත්‍රිවිධ හමුදා  මුලස්ථානය මෛත්‍රිපාල සිරිසේන විසින් සම්පූර්ණ  ඉදිකිරිම අවසන් කිරීමට ප්‍රථමව විවෘත කළා යැයි  උත්සවයක් පැවැත්වූ නමුත් එදින හමුදා උත්තමාචාර පෙළපාලි පැවැත්වුයේ නැත. තවම  නිසියාකාරව විවෘත නොකළ නාවික හමුදා  මුලස්ථානය විවෘත කරන විට ද රනිල් පැලවත්තට නැව් රැගෙන ඒම ද වැඩි ඈතක නොවනු ඇත. මේ රූකඩ ජනාධිපතිකාරයාගේ සිඟිති ආතල් එතරම් ඔඩුදුවා ඇත.

රනිල් ඉන්නේ පොළොව යට මන්දිරයක..

පැලවත්තේ  ත්‍රිවිධ හමුදා  මුලස්ථානය  ඉදිකිරීමේ දී එහි පොළොව යට මන්දිර  තුනක්  VIP හොරුන්  සඳහා ඉදිකර ඇති අතර එහි එක් මන්දිරයක රනිල් වික්‍රමසිංහ දැනට ජීවත් වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ  මෙවැනි ළමා මානසිකත්වයක්  සහිත  ජනාධිපතිවරයෙකු රටේ මහජන මුදල් විනාශ කරමින් විකාර  ජීවිතයක්  ගත කිරීම වාර්තා වන්නේ ප්‍රථම වරට වන අතර ඔහු ද රාජපක්ෂගේ රූකඩ පඹයෙකු වෙමින් ජනතාව ජඩ මාධ්‍යයෙන් මුලා කරමින්, වැල් පාලමෙන් රාජපක්ෂලා එගොඩ කර  ජීවත් වීමත් මේ දේවල් සියැසින් දකිමින් ජනතාව නපුංසක සේ නිහඬව සිටීමත්  විශාල ඛෙදවාචකයකි.

-ජනමිත්‍ර

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/86

---------------------------
by     (2024-01-03 18:03:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links