~

පොහොට්ටු දේසපාලුවන්ට හූ කීම යළි ඇරඹේ..! එස්.එම්. සොහොයුරන්ට තම ප්‍රදේශයේදීම හූ සංග්‍රහයක්..! (Video)

(ලංකා ඊ නිව්ස් -2024.ජන.02, ප.ව.10.30) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් ට ඔවුන්ගේ මැතිවරණ බලප්‍රදේශය වන කළාවැව ආසනයේ තඹුත්තේගම කොන්වැවදී එල්ල වූ ජනතා විරෝධය මධ්‍යයේ හූ කාගෙන පලා යන්නට සිදුවිය.

අද (02) පස්වරුවේ තඹුත්තේගම කොන්වැව ප්‍රදේශයේ ජල පෙරණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පැවැත්වුණ රැස්වීමකදී  මෙම උණුසුම් තත්වය ඇති වී ඇත.එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන්ද සහභාගී වී ඇත.

එහිදී උණුසුම් තත්වය ඇති වී මෙන් පසු "උඹලා බය නැතිව කථා කරපල්ලා" යනුවෙන් පුද්ගලයකු පවසන අතර, ඔහුට පහර දීම සඳහා එස්.එම් චන්ද්‍රසේන අත ඔසවන අයුරුද දැක ගත හැකිය. ඔහුගේ සොයුරු එස්.එම් රංජිත් සමරකෝන් විසින් ඔහු වලක්වන අයුරුද දැක ගත හැකිය. එම උත්සවයට සහභාගී වූ අයකුගේ ජංගම දුරකථනයේ සටහන්ව ඇත.

"ඒ ගොල්ල සල්ලි වෙන් කළා කියනවා නම් ඒ ගොල්ලන්ගේ පෞද්ගලික සල්ලිද මේවාට වෙන් කරලා තියෙන්නේ, මේවා ඔබතුමන්ලාගේ පෞද්ගලික සල්ලි නෙමෙයි." යනුවෙන් ගම්වැසියෙක් පවසයි.

ඒ අවස්ථාවේදී එස්.එම් චන්ද්‍රසේන හා එස්.එම් රංජිත් සමරකෝන් යන අය එම ස්ථානයෙන් පිටව ගිය අතර, ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීහු විසින් හූ සංග්‍රහයක්ද නොමඳව දුන්හ.

අදාල වීඩියෝව පහතින්

---------------------------
by     (2024-01-02 17:53:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links