~

ව්‍යාපාරිකයන්ට පොලු තියා කෝටි ගණන් ඉන්වෙස්ට් කරලා: පුතා පාස්කරන්න ගුරුවරයා ලවා ලකුණු වෙනස්කරලා: බොරලැස්ගමුව O.I.C හැරිසන්ගේ මෙගා ඩීල් හෙලිවේ (Voice)

(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.12, ප.ව.11.50)  බොරලැස්ගමුව O.I.C හැරිසන් හෙට්ටිහේවා නමැති නිලධාරියා මුල්‍ය වංචා කරමින් ජනතාව ගොනාට අන්දවමින් කෝටි ගණන් තමන්ගේ ව්‍යාපාර සිදුකරන බව සමග ඔහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. 

ඊයේ පෙරේදා බොරලස්ගමුව හන්දියේ රත්තරන් මුදලාලි කෙනෙකුට මොහු විසින් පොල්ලක් තබා ඇත. S.D.I.G අනුර සේනානායකගේ "මාගේ කිරිල්ලී" සී.ඩී පටය ‍බොරලැස්ගමුව පොලීසියේ නිළධාරීන් අතර විකුණන ලෙස අනුර සේනානායක විසින් බොරලැස්ගමුව O.I.C හැරිසන්ට නියෝග කොට තිබිණ.

ඒ අනුව බොරලැස්ගමුව පොලීසියේ පොලිස් නිළධාරීන් අතර එක සී.ඩී පටයක් රු. 300 බැගින් විකුණා රු. 10,000 lට අධික මුදලක් එකතු වී ඇති අතර එය O.I.C හැරිසන්ට වියදම් කරගෙන තිබිණ. අනුර සේනානායක මුදල් නැවත ඉල්ලු අවස්ථාවේදී O.I.C හැරිසන් විසින් පොලිස් කොස්තාපල් එච්.කේ ගෝමස් හා උප පොලිස් පරීක්ෂක විමලවීර යන අය තම කාමරයට කැඳවා රු. 10,000 ක් අත මාරුවක් ලෙස එක් දවසකට සොයා දෙන ලෙස එම පොලිස් නිළධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර ඔවුන් විසින් එම මුදල බොරලැස්ගමුව රත්තනරන් ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගෙන O.I.C හැරිසන් වෙත ලබා දී ඇත.

දවසකින් ලබා දෙනවා කිවු බඑම මුදල දින 25 ක් යන තුරු නොගෙවූ නිසා පොලිස් කොස්තාපල් එච්.කේ ගෝමස් මහතා විසින් O.I.C හැරිසන්ගෙන් එම මුදල ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහුට ආවේනික වු ඉතා පරුෂ වචන මාලාවකින් බැන වැදී “S.S.P වික්‍රමසිංහ සමඟ එකතු වී මම උඹව මාරු කරනවා. මීට කලින් බොරලැස්ගමුව පොලිසියේ වැඩ කළ පොලිස් පරීක්ෂක මායාදුන්න හා කල්‍යාණතුංගට කළ දේ උඹටත් කරනවා බලා ගනින් යැයි“ බැන වැදී ඇත.

මේ පිළිබඳව දැඩි අසහනයට හා කලකිරීමට පත්වු පොලිස් කොස්තාපල් එච්.කේ ගෝමස් මහතා‍ පොලිස්පති සහන මැදිරියේ C.I.B 1/190/17 - 2015-03-05 නැමැති පැමිණිලි අංකය යටතේ පැමිණිලි කොට ඇත. 

S.S.P වික්‍රමසිංහ සහ O.I.C හැරිසන් යන දෙදෙනාම රාජපක්ෂ ගැත්තෝය. ඒ බව සනාථ කරමින් O.I.C හැරිසන් ‍විසින් හිටපු ජනපති රාජපක්ෂ සමඟ පෙනී සිටි ඡායාරූපයක් අදටත් ඔහුගේ නිල කාමරයේ ප්‍රදර්ශනය කර ඇත.

S.S.P වික්‍රමසිංහ යනු හිටපු ජනපති රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සිට අවුරුදු 7 ක පමණ කාලයක් ඔහුට බැල මෙහෙවරකම් කළ අයෙකි. O.I.C හැරිසන්ට විරුද්ධව මේ වන විට ලැබී ඇති පැමිණිලි 7 ක් අදටත් S.S.P වික්‍රමසිංහ විසින් විභාග කොට නැත. බොරලැස්ගමුවේ කුඩු කාරයින්ටද O.I.C ගේ නිබඳ සහය ලැබේ.

වරක් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදංචිව සිටි S.S.P මහත්මයෙකුගේ ගෙයක් සොරුන් විසින් මංකොල්ලකෑ අවස්ථාවෙදී එම හොරුන් වෙනුවට ප්‍රදේශයේ අහිංසකයින් අල්ලා බොරු චෝදනා ඉදිරිපත් කර වැලිකඩ යැවීය. පසුව ඊට සම්බන්ධ සැබෑ හොරුන් කොහුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

තවද බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන නීති විරෝධී සම්භාහන මධ්‍යස්තාන 4 කින් මසකට රු. 50,000 බැගින් මුදල් කප්පම් ලෙස එකතු කරනුයේද මෙම O.I.C හැරිසන්ය. මේවා සැබවින්ම ගණිකා නිවාස වේ. තවද පිළියන්දල, කොලමුන්න ප්‍රදේශයේ අහිංසකයෙකුට මරු කැඳවු රිය අනතුරක එම අනතුර කළ බීමත් රියදුරාව අත්අඩංගුවට නොගෙන එම අනතුරට ලක්වු පුද්ගලයාගේ වරදක් බව හුවා දක්වන්නට තරම් ක්‍රියා කල ඉතා අමානුෂික පොලිස් නිළධාරියෙකි.

මොහුට ඇති චෝදනා විභාග නොකිරීමට හේතුව එස්.එස්.පී ටද මොහුගෙන් ත්‍යාග හා අල්ලස් ලැබෙන නිසා පොලීසියේම පිරිස් පවසයි. 

දැනට වැලිකඩ සිටින මර්වින්, ජානක, ශිරාල් යන ජාවාරම් කරුවන් සමඟ O.I.C හැරිසන් විසින් පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සියළු තොරතුරු ඉතා සවිස්තරව ඉදිරියේදී හෙළිදරව් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

O.I.C හැරිසන්ගේ පුත්‍රයා ඉගෙන ගන්නා කොළඹ නාලාන්දා විද්‍යාලයේ පන්තියේ ගුරුවරයාගෙන්ද ලක්ෂ 5 ක මුදලක් ඉතා වංචනික ලෙස ලබා ගෙන ඇති අතර ඊටද පැමිණිල්ලක් දමා ඇතත් මෙතෙක් එය විභාග කොට නොමැත. O.I.C හැරිසන් ‍විසින් නාලාන්දා විද්‍යාලයේ ගුරුවරයෙකුගෙන් මුදල් ලබා ගත් බවත්  ගුරුවරයා ඔහුගේ පුතාගේ ලකුණුද වෙනස් කර පාස් කරදුන් බවත් සඳහන් වන දුරකථන සංවාදයක හඬ පටයට පහත දිගුව ක්ලික් කිරීමෙන් සවන් දිය හැකිය. එම සංවාදයේදී හෙලිවන කරුණක් නම් හැරිසන් නමැති නිලධාරියා කෝටි ගණනක ආයෝජනයක් සිදුකර ඇති බවයි. රජයේ වැටුප් ලබන නිලධාරියෙක් කෝටි ගණනක් ආයෝජනය කරන්නේ කෙසේද? 

මෙතැන ක්ලික් කර බොරලැස්ගමුව OIC ගේ අපූරු සාකච්ඡාව අසන්න  

---------------------------
by     (2015-03-13 00:07:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links