~

අභියාචනාධිකරණයේ කුප්‍රකට සභාපති විනිසුරු බන්ධුල කරුණාරත්නගේ රෙදි ගැලවේ..! දූෂිතයන් රැකීමට දුන් වාරණ නියෝගයට පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ බේදයක් නැතිව එරෙහි වේ..! (Video)

(ලංකා ඊ නිව්ස් -2023.නොවැ.07, ප.ව.7.05) ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් අති දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය විසිරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ පත් කළ අර්ජුනගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක අතුරු කමිටුවේ ක්‍රියාකාරිත්වය වළක්වාලමින් ෂම්මි සිල්වා අද අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගත්තේ ය.

ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබුවේ දින 14 ක් සඳහා ය. ක්‍රීඩා ඇමැතිවරයාගේ ගැසට්ටුව ක්‍රියාත්මක වීම වලක්වාලමින් ගත් අතුරු තහනම් නියෝගයට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ කුප්‍රකට සභාපති විනිසුරුවරයා...

අභියාචනාධිකරණයේ කුප්‍රකට සභාපති විනිසුරුවරයා නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ තීන්දු දැනටමත් රටේ දැඩි විවේචනයට බඳුන් වී තිබේ. ඉන් එකක් නම් පසුගියදා ද්විත්ව පුරවැසි ඩයනා ගමගේට පක්ෂව ලබා දුන් තීන්දුවයි. එමෙන්ම අද මේ විනිසුරුවන් දෙදෙනාගේ අතුරු තහනම් නියෝගය පාර්ලිමේන්තුව තුල දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර එය ඉතාමත් වැරදි තීන්දුවක් ලෙස ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් දෙකෙන්ම ප්‍රකාශ කෙරිණ.

ලක්ෂ්මන් කිරිඇල්ල නිර්භයව..

නීතිඥයෙකු ද වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල නිර්භයව මෙම තීන්දුව වැරදි තීන්දුවක් ලෙස විවේචනය කෙළේ ය. ඔහු කියා සිටියේ විගණකාධිපතිගේ වාර්තාවක් අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ අති දූෂිත ක්‍රියා ගැන පාර්ලිමේන්තුව දිනක විවාදයකින් පසුව ක්‍රීඩා ඇමැතිවරයා ඒ දූෂණ වැළැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් අධිකරණය විසින් වළක්වාලීම දූෂණයට ඉඩ සලසා දීමක් බවයි. මහජනතාවගේ අධිකරණ බලය අධිකරණය වෙත පවරන්නේ ද පාර්ලිමේන්තුව හරහා බැවින් අධිකරණයේ වැරදි තීන්දු විවේචනය කිරීමට පාර්ලිමේන්තුවට බලයක් ඇති බව කිරිඇල්ල කියා සිටියේ ය.

ක්‍රීඩා ඇමැති හෙළිකළ බරපතල කාරණා...

අධිකරණ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ ප්‍රකාශ අනුව හෙළිදරව් වූ බරපතල කරුණු මෙසේය.

1. අභියාචනාධිකරණයේ අද විභාගයට ගැණූනු රිට් පෙත්සම සඳහා පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමැතිවරයාට උදේ 11.10 ට දැනුම් දී ඇති නමුත් ඒක පාක්ෂිකව වාරණ නියෝගය ලබා දී තිබුනේ උදේ 10.30 ට පමණය. එය කුමන්ත්‍රණයකි.

2. මේ කුමන්ත්‍රණයට ජනාධිපති රනිල් සහ සාගලගේ සහායද ලැබී තිබේ. ඊට හේතු කාරණා වන්නේ ඇමැතිවරයාට ඇති බලතල අනුව රණසිංහ අතුරු පාලක මණ්ඩලයක් පත් කරන ලද නමුත් එයට ජනාධිපතිගේ අවසරයක් ලබාගෙන නැත. නීතිය අනුව එවැන්නක් අවශ්‍යය වන්නේ ද නැත. එසේ නමුත් ඊයේ ජනාධිපති රනිල් රණසිංහගේ අතුරු පාලක මණ්ඩලය ගැන සොයා බැලීමට කැබිනට් අතුරු කමිටුවක් පත් කර ඇත. එය රොෂාන් රණසිංහගේ බලතල ඉක්මවා කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා දීමකි.

3. විගණකාධිපතිගේ වාර්තාව සහ නිර්දේශ අනුව ෂම්මි සිල්වාගේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව ක්‍රියා කරන්නැයි ක්‍රීඩා ඇමැතිවරයා නීතිපතිවරයාට දැනුම් දී ඇති නමුත් නීතිපතිවරයා ද ඊට පස්ස ගසා තිබේ. විගණකාධිපති වාර්තාව ගැන සෙවීමටත් තවත් කමිටුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිට දන්වා ඇත. දූෂණයක් ගැන විගණකාධිපතිටත් ඉහලින් කරුණු සෙවීමට කිසිදු කමිටුවකට බලයක් හෝ හැකියාවක් ද නැත. එය නිසැකවම දූෂිත ෂම්මි ඇතුළු කල්ලියට රනිල්ගේ රැකවරණය සැලසීමකි.

4. ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන අධිකරණ නඩු විභාගය සඳහා නිතරම පෙර සූදානම් කරන ලද විනිසුරු මඩුල්ලක් පෙරට පැමිණේ.

5. ක්‍රිකට් පාලක මණ්ඩලය සුද්ද කිරීම සඳහා නව නීති ගෙන ඒම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් පණතට සංශෝධන ගෙනැවිත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විටෙක දී රනිල් වික්‍රමසිංහ ඒ ගැන සොයා බැලීමට සාගල රත්නායකගෙන් යුත් කැබිනට්ටුවෙන් පිටත කමිටුවකට ඇමැතිවරයා යොමු කර ඇත. එය රැස්ව ඇත්තේ එක් අවස්ථාවක් පමණකි. ඉන්පසුව සාගලගේ අත්සනින් සංශෝධනයට ගෙන ආ යුතු යැයි කරුණු වාගයක් සපයා ඇත. ඒ කිසිවක් සාකච්ඡා කර නැත. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පැවසුවේ සාගලගේ යෝජනා හොරුන්ට බල්ටි ගසමින් හොරකම් කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන යෝජනා බවයි.

6. කැබිනට් ඇමැතිවරයෙකු කැබිනට්ටුවට ඉදිරිපත් කරන ලද පනත් සංශෝධනයක් සඳහා කැබිනට්ටුවෙන් පිටත අවශේෂ කමිටුවක උපදෙස් ගැනීමට සැලැස්වීමෙන් ජනාධිපති රනිල් කැබිනට් මණ්ඩලය බාල්දු කර තිබේ.

7. අතුරු පාලක මණ්ඩලයක්  පත් කරාවිය යැයි ආන්දෝලනයක් ඇති වෙද්දී ෂම්මි සිල්වාගේ දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකෝටි ගණනක චෙක්පත් අත්සන් කර ඇත. කියැවුනු එක් දූෂනයක් නම් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විදුලි පහන් සියල්ල අලුතින් සවි කිරීමයි. එහි මුදල රුපියල් ලක්ෂ 15000 ක් හෙවත් රුපියල් බිලියන 1.5 කි.

පාර්ලිමේන්තුව දූෂනයක් වැළැක්වීම සඳහා පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ කැමැත්තෙන් තීන්දුවක් ගත් විට එය අධිකරණයෙන් වැළැක්වීම ගැන පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු බේදයකින් තොරව දැඩි විරෝධය පෑහ.

හෙට (08 දිනගේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් සවිස්තරාත්මත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

අදාල වීඩියෝවක් පහතින්

---------------------------
by     (2023-11-07 13:43:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links