~

2024 දී ඡන්ද පැවැත්වේද යන සැකය දුරු කරමින් රනිල්ගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්..! (Video)

(ලංකා ඊ නිව්ස් -2023.ඔක්.21, ප.ව.11.05) ජනාධිපතිවරණයක් පවත්වයිද? ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරණය කල් දමා ගනීද? කලින් මහ මැතිවරණයක් පවත්වයිද? ආදී දේශපාලන තලයේ මෙතෙක් පැවැති කුකුස සංසිඳවමින් තමන් ලබන වසරේ ව්‍යවස්ථානුකූල පරිදි ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් 2025 මුල් හරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙළේ ය. ඒ අද (21) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවේ දී ය.

අද ජනතාවගෙන් සියයට 50 ක් පමණ දෙනා සියළු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහ කීය.

2025 දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට 2024 දී පරාජයට පත්වන රනිල්ට හැකිවේද යන්න ගැන වෙනම කියවීමක් තිබිය යුතුය.  

මීට ටික දිනකට පෙර දේශපාලන සම්මුඛ සාකච්ඡාවක දී එක්සත් ජනරජ පක්ෂයේ නායක චම්පික රණවක ද මීට සමාන ප්‍රකාශයක් කෙළේ ය.  ඔහු කියා සිටියේ අරගලයට සහභාගී වූ ජනතාව කෝපයෙන් පසුවන බවත් මැතිවරණයක් එනතුරු බලා සිටින බවත් එහිදී මේ අද පවතින ප්‍රධාන ධාරාවේ සියළු දේශපාලන පක්ෂ අතුගෑවී යනු ඇති බවත් චම්පික පැවසූවේ ය. ඔහු ඊට උදාහරණයක් ලෙස පැවසුවේ රටේ පැරණිතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහටත්  පසුගිය මහ මැතිවරණයේ දී සිදු වූ සන්තෑසියයි.

රනිල්ගේ ප්‍රකාශයට අදාල  වීඩියෝවක් පහතින්

---------------------------
by     (2023-10-21 17:40:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links