(ලංකා ඊ නිව්ස් -2023.ඔක්.04, ප.ව.9.20) ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ හේමා ප්‍රේමදාස ආර්යාව තමන්ට අවශ්‍ය බඩු තුණ්ඩුවක් සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී (ප්‍රසම්පාදන) කේ. ඊ. දිල්රුක්ෂි වෙත පසුගිය සැප්තැම්බර් 20 දා ලිපියක් යවා තිබේ. ඒ අනුව ඇය ඉල්ලන්නේ පහත දැක්වෙන ඒවා ය.
1. හාෆ් ෂීට් කොළ පැකට් (A4) - 01
2. ෆයිල් කවර සයිස් සුදු ලියුම් කවර - 50
3. ෆයිල් කවර භාගය සයිස් සුදු ලියුම් කවර - 50
4. එයාර් මේල් සයිස් සුදු ලියුම් කවර - 25
5. පැත්තෙන් අරින පොඩි සුදු ලියුම් කවර - 50
6. ගම් බෝතල් - 01
7. Monami OHP Pen Permanent (පෑන්) - 12
8. ඇට්ලස් නිල්පාට පෑන් - 12
9. නෝට් බුක් - 2
10. ඩස්ටර්ස් (රෙදි කෑලි) - 2
11. මෝර්ටීන් - 2
හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳ ලෙස 2021 වර්ෂයේ අය වැයෙන් ඇයට රණසිංහ ප්‍රේමදාස ගේ විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් රුපියල් මිලියන 02 ක් වෙන් කර තිබිණ. තවත් රුපියල් මිලියන 02 ක් ගොඩනැගිලි සහ ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර තිබිණ. විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි සියළුම වරප්‍රසාද ද ඇයට හිමි ය.
ඩස්ටර් රෙදි කෑලි 2 ද, මෝර්ටීන් 2 ද ඇයට මහජන මුදලින්ම ලැබෙන්නේ ය.
ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශිත ය.
---------------------------
by (2023-10-04 15:56:58)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි