~

රනිල්ට මඤ්ඤං..! ජර්මානු රූපවාහිනියක් ඉදිරියේ පරළ වෙයි..! රටවලුත් පටලවමින් ගල් පැලෙන බොරුත් කියයි..! (Video)

-සුනන්ද දේශප්‍රිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ඔක්.03, ප.ව.8.00) ශ්‍රී ලංකාව කිසිදු මානව හිමිකම් කෙලෙසීමක් ගැන අන්තර් ජාතික පරීක්ෂනයක් හෝ එවැනි පරීක්ෂණයක දී අන්තර් ජාතික නිරීක්ෂකයින් හෝ සහභාගි කර ගන්නේ නැති බවට ජර්මනියේ ඩොයිෂවෙල් නම් රූපවාහිනී ආයතනය සමඟ කළ සාකච්ඡාවක දී ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් රාජපක්ෂ කියා සිටිනු මේ දිනවල වයිරසයක් මෙන් පැතිරෙනු දැක්ක හැකිය.

එම සාකච්ජාවෙහි දී  රනිල් රාජපක්ෂ කෑගසමින් තමා රූපවාහිනී නාලිකාවල පවා වැඩ කර ඇති බවත්, මේ 'සෙල්ලම' තමා පටන් ගත්තේ ඩොයිෂවෙල් නිවේදකයාට කලින් බවත් කියන්නේ රටක ජනාධිපතිවරයකු ලෙස නොව 'චොප්පේ අයියා' කෙනෙකු ලෙසිනි.

ඔහුට දේශපාලනය  සෙල්ලමකි.

සාකච්ඡාව ආරම්භයේ දී ජර්මනිය සහ ප්‍රංශය වර්ණනා කරමින් පටන් ගන්නා රනිල් රාජපක්ෂ අතර මැද දී බටහිර රටවලට පහර දෙමින් කියන්නේ තමන් දුප්පත් රටක් නිසා මෙලෙස සලකන බවයි.

රටවල් ද පටලවමින් පට්ට පල් කෙබරයක් ඇද බායි...

රනිල් රාජපක්ෂ එහිදී අනෙකුත් රටවල් ද පටලවමින් පට්ට පල් කෙබරයක් ඇද බායි. ඒ නම් පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්බීඅයි ආයතනය, බ්‍රිතාන්‍ය පොලිසිය, ඕස්ට්‍රේලියානු පොලිසිය, ඉන්දියානු පොලිසිය, පකිස්තානු පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වාර්තා ලංකාවට ලබා දී ඇති බවත් ඒ එකක්වත් ප්‍රහාරවලට වෙනත් පාර්ශවයක් සම්බන්ධ නැති බව සඳහන් කර ඇති බවත් කියයි. මෙය සහමුලින්ම බොරුවක් බව එකල විමර්ශන මෙහෙයැවූ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පසුගියදා රූපවාහිනී වැඩ සටහනක දී කළ ප්‍රකාශයෙන් තහවුරු වෙයි. ඔහු එහිදී කියන්නේ එෆ්බීඅයි ආයතනය දුරකථන අංක හඳුනාගැනීමට සහාය දුන් නමුත් කිසිදු වාර්තාවක් ලබා නොදුන් බවයි. මේ ලිපිය ලියන අවස්ථාවේ දී වාර්තා වූයේ බ්‍රිතාන්‍ය පොලිසිය පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් වාර්තාවක් ලංකාවට ලබා දුන්නා යැයි රනිල් කී කතාව බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. කෙසේ වෙතත් රනිල් ඔහු කී ඒ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැරදි බවත් තමා ඔවුන්ගේ වාර්තා පිළිනොගන්නා බවත් රනිල් රාජපක්ෂ තව දුරටත් කෑ ගසමින් කියයි.

කිසිසේත්ම අන්තර් ජාතික පරීක්ෂණයකට එකඟ නෑ...

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් පවත්වන්නේ ද යන ප්‍රශ්නයට ඔහු පිළිතුර දෙන්නේ ශ්‍රී ලංකාව කිසිසේත්ම අන්තර් ජාතික පරීක්ෂණයකට එකඟ නොවන බවයි.

එසේ නමුත් 2015 සැප්තැම්බර් මාසයේ දී රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම යටතේ සහ මංගල සමරවීරගේ විදේශ ඇමැතිකම යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ යුද සමයේ සිදු වූ බරපතල මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයකට එකඟ වූයේ ය. පාර්ලිමෙන්තු මංත්‍රී සුමන්දිරන් පෙන්වා දෙන්නේ, පොදු රාජ්‍ය මණ්ඩලීය  විනිසුරුවරුන් එවැනි යන්ත්‍රණයකට සහභාගි කර ගැනීමට රනිල් වික්‍රමසිංහ පුද්ගලිකව තමන් සමඟ එකඟ වූ බවයි!

රනිල් රාජපක්ෂගේ සහ ඔහුගේ චක් ගෝලයන්ගේ දැන ගැනීම පිනිස 2015 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම සහභාගිත්වයෙන් සම්මත කරන ලද 30/1 යෝජනාවෙහි අදාළ වගන්තිය  මගින් මෙසේ එකඟ විය.

“නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ සියලු ම ජන කොටස්වල ජනතාව තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනැගීමට වගවීම අත්‍යවශ්‍ය වන අතර, ශ්‍රී ලංකා රජය විසින් විශේෂ උපදේශනයක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම.
එමෙන්ම එම යාන්ත්‍රණය මගින්  මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම;
විශ්වසනීය යුක්ති ක්‍රියාවලියකට, ඔවුන්ගේ අවංක බව සහ අපක්ෂපාතීත්වය සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් නායකත්වය දෙන ස්වාධීන අධිකරණ සහ නඩු පවරන ආයතන ඇතුළත් විය යුතු බව;
එම යාන්ත්‍රණයට පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥයින් සහ බලයලත් අභිචෝදකයින් සහ විමර්ශකයින්ගේ විශේෂ නීතිඥ කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයකට සහභාගී වීම”.

රාජපක්ෂ පවුලේ රූකඩයක්..

රනිල් රාජපක්ෂ යනු රාජපක්ෂ පවුලේ දේශපාලනයම ඉදිරියට ගෙන යන රාජපක්ෂ රූකඩයක් පමණක් ය යන්න ඩොයිෂ්වෙල් සාකච්ඡාව තව දුරටත් තහවුරු කර තිබේ.

13 වන සංශෝධනය ක්‍රියාත්මක කර පලාත් සභා සවිබල ගැන්වීම, සත්‍ය සෙවීමේ කොමිෂමක් පිහිටුුවා යුද කාලීන මානව හිමිකම් කෙලසීම් පිළිබඳ සොයා බැලීම යනාදී රනිල් රාජපක්ෂගේ මායාවන් ද මෙම සාකච්ඡාව මගින් කුඩු වී ගොස් තිබේ.

සත්‍ය සෙවීමේ කොමිසම නම් ව්‍යාජය දැනටමත් වින්දිත ප්‍රජාවන් මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ලංකාණ්ඩුවෙන් යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බව ජිනීවා මානව හිමිකම් කොමිසමට කී හරීන් ප්‍රනාන්දු, අන්තර් ජාතික මැදිහත්වීමක් ඉල්ලා නැති බව ද රනිල් රාජපක්ෂ කියන්නේ නොදන්නා අය මුලා කිරීමටය.

එලඹෙන මැතිවරණ වසර තුළ, රනිල් රාජපක්ෂගේ දේශපාලනය  සිංහල බෞද්ධ ජාතිකවාදය කරා ගමන් කරනු ඇති බවටත් යුද සමයේ සිදු වූ මානව හිමිකම් කෙලෙසීම් හෝ පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව කිසිදු පිළිගත හැකි විමර්ශනයක් සිදු නොවන ඇති බවටත්, වින්දිතයිනට කිසිදු සහනයක් නොලැබෙනු ඇති බවත් මෙම සාකච්ජාවේ ස්වරය සහ හැසිරීම සනාථ කරයි.

-සුනන්ද දේශප්‍රිය

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/17

රනිල් රාජපක්ෂගේ සම්පූර්ණ ඩොයිෂ්වෙල් වැඩ සටහන පහතින්

---------------------------
by     (2023-10-04 11:38:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links