-විදේශ සේවයේ විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.29, ප.ව.8.40) විදේශ අමාත්‍ය අලි සබ්රි තම පුතා රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යොදා ගෙන ශ්‍රී ලංකාවේ ජනරජයේ නාමයයටතේ පැවති නිළ කටයුත්තක් සඳහා සහභාගි කරවා ගැනීම ගැන පසුගිය සතියේ වාර්තා විය. මෙය එහෙම පිටින්ම රාජ්‍ය තාන්ත්‍රික සේවය හා වරප්‍රසාද බල්ලන්ට යාමකි. ශ්‍රී ලංකාව ලෝකයෙන් හිඟමන් යදිද්දී ලෝකයේ බොහෝ රටවල් ගෝලීයකරණ ප්රවණතා හඳුනාගෙන ඒ අනුව ඉතාම උපක්‍රමශීලී ගමනක යෙදෙයි. එහිදී එම රටවල රාජ්‍ය තාන්ත්‍රික සේවාව ප්රමුඛ කාර්යභාරයක් ඉටුකරයි. ඉන්දියාව ,පාකිස්තානය කලාපයේ කදිම නිදසුන් වේ. එහි කිසිදු රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සඳහා ඇමතිගේ දරුවන් ඇමැති සමග සහභාගි නොවේ. සංවර්ධිත රටක නම් කිසිදා එවැන්නක් සිදු නොවන අතර එසේ කළා නම් ඇමැති පසුදිනම ඇමතිකමෙන් එලවා පුතා සමගම ඉන්නට සළස්වයි.
මෙය අලි සබ්රී කරනවිට ඊට කලින් සිටි නායකයින්ගේ ආදර්ශය ඔහුට ලැබෙන්නට ඇත. මුදල් වියදම් නොකළ බව කීවේ ලංකාවේ 69 ලක්ෂයක් ගොන්නු සැනසීමට විය යුතුය .මන්ද මොහු අවභාවිතා කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද බැවිනි. මුදල් වියදම් නොවූ බව කියමින් රෙද්දෙන් අතපිසදා ගෙන බැරිය. පවුලේ එවුන් වෙනුවෙන් රාජ්‍ය තානාපති වරප්‍රසාද යොදා ගත්තේ කෙසේද යන්නට පිලිතුරු දිය යුතුය.
ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සේවයක් තිබුනානම් මෙවැන්නක් සිදු නොවේ. මීට පෙර ලිපියක දක්වා ඇති පරිදි තානාපති සේවය හා කාර්යාලය බල්ලට ගොසිනි. ලංකාවේ ඇති නෝන්ජල්ම අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය වන අතර වැඩ බැරි නාස්තිකාර අසහනකාරයන්ගෙන් විදේශ සේවය පිරී ඇත. එය හොඳින් දන්න විදේශ ඇමති ගෙදර එවුන් රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යොදා ගැනීමට අරුමයක් නොවේ. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිළ සංචාර හා රැස්වීම් සංවිධානය, හෝටල් වෙන්කිරීම, සාකච්ඡා කාමර වෙන්කිරීම, සාකච්ඡා සඳහා න්‍යාය පත්රසැකසීම, සහභාගි වන්නන්ගේ නාම ලේඛණ සැකසීමෙ, ගුවන් තොටුපොළ කටයුතු ඇතුළු සියල්ලම කරන්නේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ඒ රටේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසිනි. ඒඅනුව අලි සබ්රී ගේ පුතා රැස්වීමටරැගෙන ගියේ විදේශ ලේකම්ගේ හා නිව්යෝක් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතගේ අනුමැතිය , ආශිර්වාදය හා පහසුකම් යටතේය. ඒ අනුව විදේශ සේවයක් තිබියදී කොල්ලන් බල්ලන් ලංකාව නියෝජනයට රැගෙන යන්නේ විදේශ අමාත්‍යාංශයේ වැඩ බැරි අසහනකාරයන් සිටින බවත් ඔවුනට වඩා ඇමතිගේ පුතාට වැඩක් කළ හැකි බව විදේශ ඇමති, විදේශ ලේකම් හා විදේශ සේවය පිලිගෙන ඇති නිසාය.
ශ්‍රී ලංකාව නියෝජනය සදහා කාර්යක්ෂම තානාපති සේවයක අඩුව දැනුනේ උතුරු නැගෙනහිර යුද්ධ සමයේදීය. ලෝකයේ පුරා තිබූ තානාපති කාර්යාල In Room Diplomacy කරද්දී ත්‍රස්ත සංවිධාන කදිමට Public Diplomacy කළෝය. ලංකාවට එරෙහිව අති විශාල ජනමතයක් ඇති කළෝය. විශාල මූල්‍ය සම්පත් ලැබීමට සැලැස්වීය. අපේ විදේශ සේවය කරපු කෙන් ගෙඩියක් නැත. අන්තිමට ඇමති කදිරගාමර් පැමිණෙන තෙක් ද පසුවද අපි ලොක්කෝ කියමින් කාමර ජොලිය හා කාමුක ජොලිය ගන්නා ලදි. මෙය අලි සබ්රී හොඳින් දන්නා නිසා කිසිදු හිරිකිතයකින් තොරව රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද අවභාවිතා කළේය. මේ පිලිබඳ ව සියල්ලට පහසුකම් සැපයු විදේශ අමාත්‍යාංශයේ ලේකම්කමට නෑකම් මත පත්වූ වැඩබැරි ලේකම් නෝනා හෝ රාජපක්ෂ හිතවත් නිව්යෝර්ක් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පීරිස් කිසිවක් කීවේ නැත. වරද ඇමතිගේම නොව අනුමැතිය ලබාදුන් විදේශ අමාත්‍යාංශය භාර ගතයුතුය.
මේ වනවිට බොහෝ තානාපති කාර්යාලවල ප්‍රධාන කාර්ය වී ඇත්තේ හිඟන රටේ අමාරුවෙන් සොයාගන්නා විදේශ විනිමය වියදම් කිරිමට දේශපාලකයන් අටවා ගත් ගමන් සංවිධානය හා පහසුකම් සැපයීමයි. විදේශ අමාත්‍යාංශයේ හා තානාපති කාර්යාල මේවා වෙනුවෙන් රාජ්‍ය ධනය සීමා රහිතව වියදම් කරයි. ජනපති කියුබාව, ඇමරිකා, ජර්මන් යන්නේ දින 10 ඇතුළතයි. රටේ ප්‍රශ්න උග්‍ර වෙද්දි ජනපති හා ඇමතිලා වැල නොකැඩී රට සවාරි යති. විදේශ තානාපති කාර්යාලය විදේශ ගත ලාංකිකයනගේ ප්‍රශ්න, විදෙස් රැකියා සොයා ගැනීම, සංචාරක ප්ර්රවර්ධනය, අධ්‍යාපන හා සංස්කෘතික අවස්ථා රටවෙනුවෙන් ලබාගැනීම, විදේශ වෙළද කටයුතු ප්‍රවර්ධනය වෙනුවට පිංපී සේවා සිදුකරයි. ඇමති හා ලේකම් තානාපති වරප්‍රසාද අවභාවිතා කරද්දී තානාපති කාර්යාලය වල සිටින විදේශ සේවය යයි කියගත් තවත් පිරිසක් කාර්යාලවල සේවකයන්ට හිංසා කිරීම, පුද්ගලික කටයුතු සඳහා සේවිකාවන් යොදා ගැනීම, මුදල් ඉපයීම, වාහන වෙළඳාම, යහලු යෙහෙලියන්ට සැලකීම සිදුකරති. රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සංවිධානයේදී පවා හත් පොලේ ගා ගනිති. ඔක්කොම අවුල් කරගෙන ලතෝනි දෙති. විශේෂයෙන් මෑතකදී පත්කළ බේබී තානාපතිලා හොඳම එකට 'නාන' අතර රාජ්‍ය පරිපාලනය, නීතිය,කළමනාකරණය හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිලිබද අල්ප හෝ දැනුමක් නැතිකමෙන් සේවා ලබන්නන්ද, සේවය කරන්නන්ද පීඩාවට පත්වී සිටිති. මේ නිසා බොහෝ තානාපති කාර්යාලයවල පරිපාලනය කළමනාකරණය සහකාර සේවයේ නිළධාරින් දරන තත්වයට පත්වී ඇත. ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ මධ්‍යම හා කනිෂ්ඨ පිරිමි නිළධාරින් කාර්යාලයවල කාන්තාවන් ට සැලකීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යොදා ගැනීමට යොමු වූ අවස්ථා ද යුරෝපය දෙසින් වාර්තා වේ.
වර්තමානයේ රාජ්‍ය නායකයා සමග නිළ සංචාර සඳහා නිළවශයෙන්ම යාමට සිදුවන විදේශ අමාත්‍යාංශයේ එක්තරා අංශයක ප්‍රධානියා යම් රටකට යනවිට තානාපති කාර්යාලයවල සේවය කරන තරුණ කාන්තාවන්ට සැඟවී සිටින ලෙසට ඔහුගේම සේවක සාමාජිකයන් විසින් දැනුම්දෙන ක්‍රමයක් ද නිර්මාණය වී ඇත්තේ නිළධාරින් රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද බුක්ති විඳින ආකාරය පිළිබිඹු කරමින්ය. ලොක්කන්ගේ අසහනයන් සපුරා ගැනීමට පිංපී උදව් උපකාර කරන කනිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් ද අඩුවක් නැතුව සිටිති.
රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද යටතේ මේ කණ්ඩායම කිසිදු හිරිකිතයකින් තොරව අති විශාල වැටුප්, දීමනා, නිළ නිවාස දීමනා, ළමුන්ගේ පාසල් ගාස්තු, පුද්ගලික රෝහල් බිල්පත්, විදුලිය, ජල, ගෑස් ඇතුලු එකි මෙකි නොකී සියලු වරප්‍රසාද ලබාගනිති. එහෙත් රට වෙනුවෙන් කරන දෙයක් නැත. Digital Economy ගැන කතා කළද තවමත් විදේශ වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කාර්යාල මණඩල පැමිනීම පොතක සටහන් කරන, වැටුප හා දීමනා කාසි නෝට්ටු වලින් අතට ලබා ගන්නා වසර 50 පෙර පැවතී නොදියුණු ක්‍රම භාවිතා කරමින් රාජ්‍ය මුදල් හා සම්පත් අවභාවිතා කරයි. පුදුමය නම් ලක්ෂ ගණන් වැටුප් හා දීමනා මදිවාට අතිකාල ද ලබා ගනී. ලංකාවේ නම, මුදල් භාවිතා කළද ලංකාවට හා විදේශ ගත ලංකිකයන්ට පෙන්වන සැර නම් අඩු නැත. මේ සියල්ල අවභාවිතයන්ය.
ශ්‍රී ලංකාවේ සිටින සියලු දෙනාට දූපත ඇතුලේ සිදුවන නාස්ති, දූෂණ පෙනුන ද දූපතේ මුදල් දැවැන්ත ලෙස නාස්තිකරමින් පිටරට යන අලි සබ්රී වැනි දේශපාලකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමජිකයන් පමණක් නොව ඊට පහසුකම් සපයන ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවය යැයි කියා ගන්නා පිරිස සිදු කරන රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද උල්ලංඝනය නොපෙනීම අවාසනාවකි.
---------------------------
by (2023-09-29 15:13:15)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි