(ලංකා ඊ නිව්ස් -2023.සැප්.28, ප.ව.6.05) ශ්‍රී ලංකාවේ දේශපාලකයින් යනු පුදුම සහගත සත්ව විශේෂයකි.
දේශපාලන අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී දේශීය ආර්ථිකය කඩා වැටී රටේ මුදල් නැති වූ විට සියලු දේශපාලන නායකයෝ ජාත්‍යන්තර ප්‍රජාවෙන් උදව් ඉල්ලා සිටියහ. හොඳ හිත තිබූ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීමට පෙරට ආ අතර සමහරෙක් ඔවුන්ගේ ඕනෑ එපාකම් මත ද තවත් සමහරෙක් මිත්‍රශීලීව ද ඉදිරිපත් වූහ.
අපේ රට සියලු රටවල් සමග යහපත් සබඳතා පවත්වන බවත් කිසිදු පැත්තක් නොගන්නා බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා ලෝකය හතර අතේ යමින් අද දක්වාම ප්‍රකාශ කරද්දී, ශ්‍රී ලංකාවට කිසිසේත්ම අදාල නැති ඉන්දියා-කැනඩා ගැටුම සම්බන්ධයෙන් අලි සබ්‍රි විදේශ අමාත්‍යකාරයා ඊයේ පෙරේදා ජාත්‍යන්තර මාධ්‍ය වෙත අනපේක්ෂිත ප්‍රකාශයක් කිරීම පුදුමයට කරුණක් විය.
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් ඉන්දියාවට එරෙහිව කරන ලද, ශ්‍රී ලංකාවට කිසිදු අදාලත්වයක් නැති චෝදනාවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අලි සබ්‍රි විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ නිල අදහසක් නොවන, කෝපයෙන් කරන ලද ප්‍රකාශයක් පමණක් සේ සැලකිය හැකිය.
සමහර ත්‍රස්තවාදීන් කැනඩාවේ නවාතැන් ගෙන ඇති බව සබ්‍රි පැවසීය. " සහායට කිසිදු සාක්ෂියක් නැතිව කැනේඩියානු අගමැති මේ වගේ සාහසික චෝදනා එල්ල කරනවා. ඔවුන් ශ්‍රී ලංකාවටත් ඒ දෙයම කළා. ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වුණා කිව්වා. ඒක භයානක, අමු බොරුවක්. අපේ රටේ ජන සංහාරයක් සිදු වුණේ නැහැ කියලා හැම දෙනාම දන්නවා. දෙවන ලෝක යුධ සමයේ දී නාසීන් සමග කටයුතු කළ කෙනෙකු ඔහු උණුසුම් අන්දමින් පිළිගන්නවා මම ඊයේ දැක්කා. එබැවින් මෙය ප්‍රශ්නකාරීයි. අපි අතීතයේ මේ වගේ දේවලට මුහුණ පා කටයුතු කර තිබෙනවා. සමහර වෙලාවට ටෲඩෝ අගමැතිවරයා දරුණු සනාථ කළ චෝදනා ඉදිරිපත් කළත් මං පුදුම වෙන්නේ නැහැ.”
අප රටට අදාල කාරණයක් සම්බන්ධයෙන් ටෲඩෝට එරෙහිව කතා කිරීම පිළිගත හැකි නමුත් ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යකාරයා ඉන්දියාව හා කැනඩාව අතර ගැටුමකට මැදිහත් වී වාචාල කතා ඇද බෑම වනාහී අප රටට අදාල නැති කාරණයක් නිසා ලංකාව හා කැනඩාව අතර සබඳතා පළුදු කර ගැනීමක් බව පෙනේ.
තමන්ගේ විදේශ අමාත්‍යකාරයා අප රටට සම්බන්ධ නැති ගැටුමක් සම්බන්ධයෙන් විවෘතව මෙම ප්‍රකාශය කළ බව සලකන විට, වික්‍රමසිංහ ජනාධිපතිකාරයා ද සබ්‍රි දැරූ මතයම දරන්නේ ද, නැති නම් ශ්‍රී ලංකාව මේ කාරණයේ දී ඉන්දියාවේ හෝ කැනඩාවේ පැත්තක් නොගෙන මධ්‍යස්ථව සිටින බව සඳහන් ප්‍රකාශයක් අදාල වාචාලයා ලවා කියවන්නට සලස්වන්නේ දැයි බලා සිටීමට රටට සිදුව තිබේ.
දැනට පේන තෙක් මානයක විසඳුමක් නැති දරුණු ආර්ථික අර්බුද මහත් රැසකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, රටට අදාල නොවන ගැටුම් සම්බන්ධයෙන් වාචාල කතා ඇද බෑමේ ප්‍රතිඵලය “අහක යන නයි කරේ දාගෙන කනවෝ කනවෝ කියා කෑ ගසනවා” වගේය.
- 2023 සැප්තැම්බර් 27 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, “Why is Ali Sabry dragging Sri Lanka in the Indo-Canada conflict?” නම් ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ,
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/68
සබැඳි ලිපියක්:
මුස්ලිම් පුරවැසියන්ට සාපයක් වූ පාපිෂ්ඨ මුසල්මානුවා හඳුනා ගන්න..!
---------------------------
by (2023-09-28 12:41:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි