~

තම රුසියානු පෙම්වතිය හදිසියේ ලංකාවෙන් පිටමං කළැයි ගොන්ධුල රුසියානු තානාපති සමග ගේම ඉල්ලලා..!

-ජනමිත්‍ර ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.21, ප.ව.11.45)  රට බංකොලොත් වී හොම්බෙන් යද්දී පවා ලංකාවේ පජාත දේශපාලුවන් ඒ ගැන තඹයකුදු නොතකමින් තම පුද්ගලික ජීවිත සන්තර්පනය ට මුල් තැන දෙමින් ක්‍රියා කරති.

ගොන්ධුලගේ රුසියන් පෙම් හුටපටය...

අලුත්ම සිද්ධිය නම් රට අද  වැටී ඇති තත්වයට වගකිව යුතු රාජපක්ෂ යුගයේ එක් මුදල් ඇමතියෙක් වූ ගොන්ධුලගේ ප්‍රේම හුට පටයකි. වරක්‌ තායිලන්තයේ දී පෙම්වතියක් සමග වීදි දිගේ අත්වැල් පටලාගෙන ගොස් සමාජ ජාලා ඇවිස්සු ගොන්ධුල මෙවර පටලවාගෙන ඇත්තේ මෙරට විදේශ තානාපති සේවයේ කාන්තාවකි. ඇය රුසියානු සංස්කෘතික අංශයේ සේවය කළ තැනැත්තියකි. (නම් ගම් දන්නා නමුත් හෙළිකිරීම අනවශ්‍ය යයි සිතමු.

ප්‍රයිවෙට් එකේ සම්මානත් දීලා...

මිට කලකට පෙර චීන තානාපති නිල නිවසේ පැවතී රාත්‍රී සාදයකදී ඇයව හඳුනා ගන්නා ගොන්ධුල ඇය සමග වඩාත් හිතවත් වන්නේ ගොන්ධුල නිෂ්පාදනය කළ   චිත්‍රපටයකට 18 වැනි  Kazan International Muslim Film Awards සම්මානය  දිනා ගැනීමට ඇය පුද්ගලිකව උදව් කිරීම නිසා ය.  Kazan International Muslim Film Awards  යනු එකී රුසියානු කාන්තාවගේ හිතවතෙකු විසින් වාර්ෂිකව පවත්වන සම්මාන උළෙලකි. යාලු යාලුවෝ සම්මාන බෙදා ගන්නා පුද්ගලික චූන් එකකි.

ඇලඩින්ගේ පුදුම පහනේ සිටි නාකි භූතයා..

ගොන්ධුල සමග රුසියානු නිලධාරිනිය පවත්වන ලද ඇසුර නිසාම ඇය Russian House in Colombo සතුව තිබෙන ආධාර ගොන්ධුල ගේ ආසනයේ බෙදා දෙමින් ඔහුට උපකාර කොට ඇත. දෙදෙනාම සෑම සති අන්තයකම ෂැන්ග්‍රිලා හෝටලයේ "සැපක්"‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ගැනීමට ද පුරුදුව සිටියෝය.  ගොන්ධුලගේ පවුලේ අයට ගොන්ධුල යනු ඇලඩින්ගේ පුදුම පහනේ සිටි නාකි භූතයා වැන්නෙක් පමණක් නිසා ගොන්ධුල කරන වැඩ ගැන ඔවුනට කිසිදු ගැටළුවක් නැත. පුතාට දේශපාලනයට පැමිණීමට අවශ්‍ය නිසා රුපවාහිනී නාලිකාවල  ගීත ගායනයෙන් ප්‍රසිද්ධ කිරීමට ගොන්ධුල අත හිත දෙයි. ඒ නිසාම දරුවනට ද ගොන්ධුල කරන වැඩ ගැන සෙවිල්ලක් නැත. ඔවුනට අවශ්‍ය මුදල් සහ බලය පමණි.

දුෂ්ඨයා පැමිණේ...

මෙලෙස ගොන්ධුල සහ රුසියානු තානාපති නිලධාරිනිය ප්‍රසිද්ධියේ පෙම් කෙ‍ළිමින් කාලයක් පුරාවටම සොමියේ ජීවත් වූ නමුත් අලුතින් පැමිණි නව රුසියානු තානාපතිවරයා තම තානාපති සේවා නිලධාරිනියක් ගොන්ධුල ඇමැතියා සමග ගෙනයන ලිංගික ඇසුර ගැන දැන ගත්තේ ය. ඇය රුසියානු ආධාර සිය පෙම්වතා වෙනුවෙන් අව භාවීතා කිරීම පිලිබඳව ද සැලකිලිමත් විය. කිහිප වරක් ඇයට අවවාද කොට නැවැත්විය නොහැකි වූ තැන තානාපතිවරයා රුසියානු රජයට මේ ගැන වාර්තා කිරීමෙන් පසු ගොන්ධුලගේ පෙම්වතිය, රුසියානු සංස්කෘතික අංශයේ නිලධාරිනිය නැවත රුසියාවට හදිසියේම කැඳවා ගත්තේ ය.

නාකි පෙම්වතා සටනට...

රුසියානු තානාපතිවරයා මැදිහත් වී හදිසියේ තම පෙම්වතියව ලංකාවෙන් පිට කිරීම ගැන කෝප වූ ගොන්ධුල තම ඇමති ආරක්ෂක අංශය සමග  Russian House in Colombo වෙත ගොස් ඩෙඟා නටා ඇත. ඉන්පසුව ද කිහිපවරක් රුසියානු තානාපතිවරයාට දුරකතනයෙන් බැන වැදුනු ගොන්ධුල පවසා ඇත්තේ ජනාධිපති වික්‍රමසිංහට පවසා නව රුසියානු තානාපතිවරයා ලංකාවෙන් එළවා දැමීමට කටයුතු කරන බවයි.

දැන් සතුටින් නිදාගන්න..!

බංකොලොත් ලංකාවේ ඇමතියෙක් තම වගකීම් පසෙක ලා 70 වියැති තම යටිකය  සන්තර්පනයට මුලිකත්වය දීම කෙතරම් පිලිකුල්ද?  මේ රනිල් වික්‍රමසිංහගේ එක ඇමතිවරයෙක් පමණි. ගොන්ධුල වෙනුවෙන් මනාපය පල කළ කොළඹ මීහරක්ට  දැන් සතුටුද ? ඔබේ බදු සල්ලි ඇමතිවරයාගේ යටිකය සංවර්ධනය උදෙසා ආයෝජනය කොට ඇති බැවින් දැන් සතුටින් නිදාගන්න..!

-ජනමිත්‍ර

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/86

---------------------------
by     (2023-09-21 18:23:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links