~

සිරිසේනයා මාට්ටු වෙද්දී, රනිලයා ලිස්සලා ගියේ කොහොම ද...?

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.18, ප.ව.8.45) පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාව පිළිබඳ වගඋත්තරකාර ලැයිස්තුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ නම තාවකාලිකව ඉවත් කරන ලද්දේ වත්මන් විකෘති ආණ්ඩුව තුළ ඔහු ලබා ඇති ජනාධිපති මුක්තිය නිසා බව ජාතික ජන බලය නීතිඥ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ. එම්. විජේබණ්ඩාර පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති (6) මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ විජේබණ්ඩාර, “2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකා භූමියේ වූ භයානක පිපිරීම් සිය ගණනක් මිනිසුන්ගේ මරණයට හේතු වුණා. මුළු ර‍ටම භීතියට පත් වූණා, ඒ අතර රටේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් සියලු දෙනාටම දුක් විඳීමට සිදු වුණා,” යයි ද පැවසීය.

ප්‍රහාරය කෙළේ වසර කිහිපයක් තිස්සේ කළ සැලසුම් අනුව..

“දැන් පවතින්නේ විකෘති ආණ්ඩුවක් සහ විකෘති පාලනයක් කියා ජාතික ජනතා බලවේගයේ නීතීඥවරුන් ලෙස අප මීට පෙර අවස්ථා ගණනාවක දීම පෙන්වා දී තිබෙනවා. චැනල් ෆෝ හෙළිදරව් කරන විදියට, මෙම ප්‍රහාරය දියත් කර තියෙන්නේ වසර කිහිපයක් තිස්සේ කළ සැලසුම්වලට අනුවයි.”

“අපේ රටේ නීතියට අනුව නිසියාකාර පරීක්ෂණ සිදු කරලා වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කළා නම් මේ වගේ ප්‍රචාර ඇති වෙන්නේ නැහැ. අපේ රටේ පාලකයන් නීතියෙන් පාලනය නොවන, නීතියට යටත් නැති තත්ත්වයක් තුළ මෙවැනි සිදුවීම් නැවත ඇති වීමට ඉඩ තිබෙනවා.”

“මෙම ප්‍රහාරය මැතිවරණ ප්‍රතිඵලයට සෘජුවම බලපෑවා. එයින් ජනාධිපතිවරණයට වගේම මහ මැතිවරණයට ද විශාල බලපෑමක් ඇති වුණා. තේරී පත් වූ ජනාධිපතිකාරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයකින් තනතුරෙන් ඉවත් කිරීමට ජනතාවට පසුව සිදු වුණා.”

“එවකට විපක්ෂයේ සිටි අය බලය ලබා ගැනීම සඳහා 2019 අප්‍රේල් මාසය වන විට මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව වීඩියෝවේ සඳහන් වෙනවා. ඒ වන විට ආණ්ඩුවේ ජනාධිපතිකාරයා වූ සිරිසේන තනි පුද්ගලයෙක් වෙලා හිටියා. එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යකාරයා යටතේ බොහෝ සෙයින් කැබිනට් මණ්ඩලයට පත් කළේ ඔහුගේ පක්ෂයේ මුල් පෙළේ මන්ත්‍රීවරුන්.”

එදා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවුනේ කව්ද?

“එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිකාරයාගේ දැන් සිටින ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. එදා අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යකාරයා වුනෙත් ඔහුගේ වත්මන් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයෙක්.”

“එවකට බලයේ නොසිටි විපක්ෂයක් බලය ලබා ගැනීම සඳහා මේ තරම් අති අමානුෂික අති සාර්ථක මෙහෙයුමක් සිදු කළා නම්, ඉන් මනාව ගම්‍ය වන්නේ බලයේ සිටි රනිල් ඇතුළු අයගේ නොහැකියාව, අකාර්යක්ෂමතාව, හා උදාසීනත්වය මිස අනිකක් නොවන බව ජනතාවට පැහැදිලියි.”

“වත්මන් විපක්ෂ නායකයාත් එදා රනිල්ගේ ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා.”

රනිල් චෝදනා වලින් ගැලවුනේ මුක්තිය නිසා...

“මේ සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ නඩුවක දීයි. එදා අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහත් ඒ අපරාධය සම්බන්ධයෙන් මුලින්ම චෝදනා එල්ල වූ අයෙක්. එහෙත් නඩුව විභාගයට ගත් අවස්ථාව වන විට ඔහු ජනාධිපතිකාරයාව සිටි නිසා ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාවලින් නොව, වගඋත්තරකරුවන්ගේ ලැයිස්තුවෙන් ඔහුගේ නම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.”

“කෙසේ වෙතත්, “රට දිහා නොව උඩ බලා ගෙන සිටීම” සම්බන්ධයෙන් වරදකරුවන් වූ එවකට සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකාරයා, ආරක්ෂක ලේකම්, ලොකු පොලිස් රාළහාමි ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් විසින් වින්දිතයන්ට වන්දි ගෙවිය යුතු යයි එම නඩුවේ තීන්දුවේ දී නියෝග කෙරුණා.”

“එසේ වුවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා එම ධුරය නොදරන දිනක දී නීතියට අනුව ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකියි.”

අද වන විට පාස්කු ප්‍රහාරය දියත් කළ බවට චෝදනා එල්ල වන පිරිස් සමග එය වැළැක්වූයේ නැතැයි චෝදනා ලබන පිරිස් එකට එක්ව විකෘති පාලනයක් ගෙන යමින් තිබෙනවා. ඒ අය අතරින් ජනාධිපතිකාරයෙකු, අග්‍රාමාත්‍යකාරයෙකු, හා කැබිනට් අමාත්‍යකාරයන් පත් කර ගෙන ඇති ආණ්ඩුව කැඳ හැළියක් වගෙයි. මේ දෙපිරිස යටතේ පාස්කු ප්‍රහාරය විසඳිය හැකි ද යන්න බරපතළ සැකයක් තියෙනවා; පුතා නඩුකාරයෙක් වෙලා ඇවිත් තාත්තා ගෙවල් බින්ද නඩුව අහනවා වගෙයි.”

ගෝටාගෙන් ප්‍රශ්න කළ යුතුයි...

“ජාතික ගීය, නැති නම් නාට්‍යයක් ගැන ඉතා යුහුසුළුව ක්‍රියා කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කරුණු රැසක් හෙළිදරව් වී තිබෙන මේ අවස්ථාවේ දී සුදුසු පියවර ගත යුතුයි. ඔවුන් වහාම එම වකවානුවේ සිටි රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යකාරයාගෙන් මෙන්ම ගෝටාබය රාජපක්ෂගෙන් ද ප්‍රකාශ ලබා ගත යුතුයි. එම තොරතුරු හරහා අපරාධය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය දියත් කළ යුතුයි.”

“මේ සතිය දෙක ඇතුළත ප්‍රකාශ ලබා නොගෙන සාධාරණය ඉටු නොකළහොත් තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ උන් සැබෑ චූදිතයන් බව ජනතාව ඉදිරියේ තහවුරු වේවි.”

“මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන බව එක් අමාත්‍යකාරයෙකු ප්‍රකාශ කළා. එහෙත් මාධ්‍ය ප්‍රකාශකයා කියා තිබෙන්නේ එවැනි සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ සිදු නොවූ බවයි.”

රටේ සාමාන්‍ය නීතිය යටතේ පරීක්ෂණ ඕනෑ..

“රටේ අපරාධයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටු පත් කිරීම අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. අපරාධය සඳහා අපරාධ යුක්ති යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුයි.”

“ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෙළි වූ කරුණු, ජනාධිපති කොමිෂන් සභාවලින් හෙළි වූ කරුණු, සහ ‘චැනල් 4’ හෙළි කළ කරුණු යොදා ගෙන රටේ සාමාන්‍ය නීතිය යටතේ පරීක්ෂණ ආරම්භ කළ යුතුයි.”

“එහෙම නොකළහොත් දේශපාලන වශයෙන් පත්වී රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවූ අයත් ඒ දේශපාලනඥයින්ගෙන් තනතුරු ලබා ගත් නිලධාරිනුත් මේ රටේ නීතියට යටත් එවුන් නොවන බව තහවුරු වෙනවා. එවැනි තත්වයක් භයානකයි, අරාජිකයි.”

“ජාතික ජන බලවේගය සහ එහි නීතීඥයින් ලෙස අපි එවැනි තත්ත්වයකට එරෙහිව ක්‍රියාමාර්ග සැලසුම් කරනවා. යුක්තිය ඉටු වන තුරු අපි හඬ නඟනවා.”

- 2023 සැප්තැම්බර් 7 වන දින LankaTruth වෙබ් අඩවියේ පළ වූ, “Ranil temporarily saved from Easter case due to presidential immunity” – Senior lawyer J.M. Wijaybandara” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2023-09-18 15:19:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links