~

රනිල්, කට පියා ගනින්! උසාවියේ විභාග වන කාරණා ගැන කතා කරන්න උඹට නොවෙයි කාටවත්ම බැහැ...!

-ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.11, ප.ව.10.00) ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශවයක නියෝග හෝ උපදෙස් ආණ්ඩුව නොසලකන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා 2023 අගෝස්තු 4 වැනි සිකුරාදා පොල් වගාකරුවන්ගේ වාර්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයෙන් පසුව තහනම් නියෝග ලබා ගැනීම මගින් දේශපාලන න්‍යාය පත්‍ර සඳහා අධිකරණය යොදා ගැනීමේ උත්සාහයක් පවතින බවට අදහස් පළ විය.

මිලියන සංඛ්‍යාත ජනතාවගේ විශ්‍රාම ප්‍රතිලාභවලට අහිතකර ලෙස බලපාන පදනම මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට අභියෝග කරමින් පුරවැසියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අයදුම් පත් කිහිපයක් පිළිබඳව ජනාධිපතිකාරයා සෘජුවම අදහස් පළ කළේය.

“විදේශ රටවල් අප සමග ව්‍යාපාරවල යෙදීමට ඇති නැඹුරුව අඩු විය හැකි බැවින්, මෙම වැඩපිළිවෙළ නතර කිරීම අහිතකර ප්‍රතිඵල ඇති කළ හැකි” යයි ජනාධිපතිකාරයා කළ ප්‍රකාශය, රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරුන් බිය ගැන්වීමේ අරමුණින් සිදු කරන ලද, බලය බරපතල ලෙස අවභාවිතා කිරීමකි.

ජනාධිපති ධූරයට ද බලය ලැබෙන ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව, අධිකරණය සහ විධායකය හරහා ප්‍රකාශ වේ.

විධායක ජනාධිපති ක‍්‍රමයේ සැලකිය යුතු බලයක් ඇති ආණ්ඩුවේ එක් හස්තයක් විසින්, විධායක හෝ පරිපාලන ක්‍රියාමාර්ගවලට අදාලව ඕනෑම පැමිණිල්ලක් සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති බලය ප‍්‍රතික්ෂේප කරන තාලයේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නිකුත් කිරීම බලය අයුතු ලෙස භාවිත කිරීමකි. අධිකරණයක් විසින් සමාලෝචනය කරමින් පවතින ක්‍රියාවලියක් නැවැත්වීමේ අරමුණින් ජනාධිපතිකාරයා විසින් අධිකරණ නියෝගවලින් “ඍණාත්මක ප්‍රතිවිපාක” ඇති වන්නේය වැනි අදහස් දැක්වීම වනාහී අධිකරණයක් ඉදිරියේ ඇති කරුණු පිළිබඳ පැවතිය යුතු රීතිය උල්ලංඝනය කිරීමකි.

අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිකාරයා සිය ඉහළ නිලය භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතීඥයෝ” දැඩිව ප්‍රකාශ කරති.

යුක්තිය ඉටු කර ගැනීම උදෙසා අධිකරණයට යාම සඳහා පුරවැසියන්ට ඇති අයිතිවාසිකම ව්‍යවස්ථානුකූලව සහතික කර ඇත. ඒවාට සිදු වන ඕනෑම මැදිහත්වීමක් අධිකරණයේ ස්වාධීනත්වයට පහර දීමක් වන අතර සමස්තයක් ලෙස අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය දුර්වල කරයි. එපමණක් නොව, එවැනි අත්තනෝමතික හැසිරීම් නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් හෑල්ලුවට පත් වනවා ඇත.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ලාල් විජේනායක
කේ. එස්. රත්නවේල්

කැඳවුම්කරුවන් - ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

- 2023 අගෝස්තු 10 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Don’t use your office to comment on matters pending in courts” නම් ප්‍රකාශය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2023-08-11 17:00:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links