~

නෑමොළයා මගුල් කාලා, හනිමූන් ගිහිල්ලා, රටට පොල්ල තියලා...?

-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.06, ප.ව.10.05) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2019 වසරේ පැවැති ඔහුගේ විවාහ මංගල්‍යයේ විදුලි බිල තවමත් ගෙවා නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රකාශ කරයි.

ගොනු කර තිබූ තොරතුරු දැන ගැනීමේ අයිතිය (RTI) යටතේ කළ විමසීමකට පිළිතුරු දෙමින් මණ්ඩලය තමන්ට ඒ බව දැනුම් දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ පැවසීය.

නාමල්ගේ විවාහ මංගල්‍යයේ ලයිට් බිල වශයෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2.6 ක් තවම ගෙවා නැති බව දැන ගත් පසු ඒ බව තහවුරු කර ගැනීම සඳහා තමන් RTI ගොනු කළ බව හේවගේ ඩේලි මිරර් සමග පැවසීය.

“නාමල් තවමත් ඔහුගේ විවාහ මංගල්‍යයේ විදුලි බිල ගෙවා නැති බව මාස කිහිපයකට පෙර රූපවාහිනී වැඩසටහනක දී මම කිව්වා. වාර්තා වූ පරිදි ඔහුට බිල්පත් ලැබී නැති බව නාමල් මට කිව්වා. පසුව, එය තහවුරු කර ගැනීම සඳහා මම විදුලිබල මණ්ඩලයට RTI ගොනු කළා, මට අද පිළිතුර ලැබුණා,” යයි ඔහු පැවසීය.

2019 සැප්තැම්බර් 12 සිට 15 වන දා දක්වා කාලය තුළ වීරකැටිය නිවසේ පැවති උත්සවයක් සඳහා ආරක්ෂක ලාම්පු සහ විදුලි ජනක යන්ත්‍ර ලබා දීම වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 26,82,246.57 ක මුදලක් තවමත් ගෙවා නොමැති බව විදුලිබල මණ්‌ඩලය තමාට එවූ පිළිතුරේ සඳහන් වන බව ඔහු පැවසීය.

වීරකැටිය නිවසේ එම උත්සවය සඳහා ආරක්ෂක විදුලි බුබුළු සහ විදුලි ජනක යන්ත්‍ර සවි කර ඇත්තේ ඒ සඳහා රාජපක්ෂලා කළ ඉල්ලීමකට අනුවය.

විදුලි ගාස්තු සහ ඉහත සඳහන් පහසුකම් සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු රු. 26,82,246.57 ක මුදල ගෙවන ලෙස ඉල්ලීම් කළ ද එය මෙතෙක් ගෙවා නොමැති බව CEB ප්‍රකාශ කරයි.

RTI ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් නලින් හේවගේට ලිපියක් නිකුත් කළ බව විදුලිබල මණ්ඩලයෙන් කළ විමසීමක දී තහවුරු විය.

නලින් හේවගේ විසින් ගොනු කරන ලද RTI අනුව විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් බිල් පත් ගෙවීම තවමත් සිදු කර නොමැති බවත්, CEB සාමාන්‍යාධිකාරී (වාණිජ), වී. වී. ජනෙත් ඩේලි මිරර් සමග පැවසීය.

එවැනි බිල්පතක් තම පියා වන මහින්ද රාජපක්ෂට හෝ තමාට මෙතෙක් එවා නැති බවත් ඒ සම්බන්ධයෙන් CEB වෙත නිල වශයෙන් ලිඛිතව දන්වන බව නාමල් රාජපක්ෂගෙන් කළ විමසීමක දී කියා ඇත. ඔහු ඩේලි මිරර් සමග කියා සිටියේ තමාගේ හා තම පියාගේ නම යටතේ මෙතෙක් ලැබී ඇති සියලුම බිල්පත් ගෙවා ඇති බවයි.

- 2023 අගෝස්තු 4 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Ajith Siriwardana ලියූ, “Namal still to pay Rs. 2.6 mn power bill due for his wedding in 2019?” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2023-08-06 16:46:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links