~

නිලන්තට සහ දේශබන්දුට පොලිස්පතිකම දෙනවා තියා සලකා බලන්නවත් එපා..! කාදිනල් හිමිපාණන්ගෙන් ජනාධිපතිට සහ ව්‍යවස්ථා සභාවට දැඩි ලිපියක්..!

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.01, ප.ව.9.45) පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පසුගිය 26 දා විශ්‍රාම යෑමට නියමිත වූ අතර අද දක්වා ඔහුගේ සේවය දිගු කිරීමක් හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමක් හෝ අලුත් පොලිස්පතිවරයෙකු පත් කිරීමක් හෝ සිදුකර නොමැත.

මේ තත්ත්වය පොලිසියේ පාලනය බිඳවැටීමක් ලෙස සැලකිය නොහැකි යයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලංකා ඊ නිව්ස් හා පැවසීය. ඔහුගේ නිගමනය අනුව දණ්ඩ නීති සංග්‍රහය අර්ථ දැක්වූ අවස්ථාවක දී ජ්‍යෙ.නි.පොලිස්පතිවරයෙකු යනු පොලිස්පති හා සමාන බලතල තිබෙන නිලයක් බව තීන්දු කර තිබේ. ඒ අනුව දැනට රටේ පළාත් 9 ට ජ්‍යෙ.නි.පොලිස්පතිවරු 9 දෙදෙනෙකු සිටිති. මූලස්ථානයේ පරිපාලනයට ද ජ්‍යෙ.නි.පොලිස්පතිවරයෙකු සිටිති. ඒ අනුව පොලිසියේ පාලනයේ බිඳ වැටීමක් සිදුව නැතත් වැඩ බලන පොලිස්පතිවරයෙකු හෝ පත්නොකිරීමෙන් ජනාධිපතිවරයා අමනොඥ ක්‍රියාවක් කර ඇතැයි ඔහු කීවේ ය.

කෙසේ වෙතත් මේ අතර මැල්කම් රංජිත් කාදිනල් හිමිපානෝ පසුගිය 26 වැනිදාම ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට තීරණාත්මක ලිපියක් යොමුකරමින් ‌දැනට ජ්‍යෙෂ්ඨත්වයෙන් මුලටම සිටින ජ්‍යෙ.නි.පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙ.නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දෙදෙනා පොලිස්පති ධූරය සඳහා සලකා බැලීමක් හෝ නාම ‌‌යෝජනා කිරීමක් හෝ නොකරන ලෙස සමස්ථ පුරවැසියන්ගේම යහපත වෙනුවෙන්  ඉල්ලා සිටී.

පිටු 3 කින් යුතු ලිපියේ කාදිනල් හිමියෝ එසේ කියන්නේ ඇයිදැයි සාක්කි සහිතව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

එකී ලිපිය ‌සම්පූර්ණයෙන් පහත ඇති ඉමේජ වල දක්වා ඇති අතර එය කියවන ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

---------------------------
by     (2023-07-01 16:14:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links