~

පුදුමයි ඒත් ඇත්තයි..! ලංකාවේ පීඑච්අයිලා කැටපෝලයෙන් යුද කරන සෙබලු වගේ..! උෂ්ණත්වමානයක්වත් දී නෑ..! ආහාර වල ගුණ අගුණ කියන්නේ පංචේන්ද්‍රියෙන්..!

-ජානක සුනෙත් බණ්ඩාර වාර්තා කරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.30, ප.ව.8.55) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  ලබාගන්නා ආහාර සාම්පල් පරීක්ෂාවේදී බොහෝ විට හොඳ තත්වයේ ඒවා බවට තහවුරු වන බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් දැක්විය හැකි කරුණු කීපයක් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂකවරුන්ගේ  සංගමයේ භාණ්ඩාගාරික ඩබ්. ඩී.රෝෂන් කුමාර මහතා පවසයි.

පරීක්ෂණ කරන්න වෙලා තියෙන්නෙ පංචේන්ද්‍රියන්‌ගෙන් විතරයි..

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා ගන්නා ආහාර සාම්පල එසේ ගැටලු සහගත නොවන ඒවා බවට පත්වීමට ඇති ඉඩකඩ පිළිබඳ සැකයක් ඇති කර ගත  නොහැක. මෙයට හේතුවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාර සාම්පල තෝරාගැනීමේ දී තම පළපුරුද්ද සහ තමන්ගේ පංචේන්ද්‍රයන් වලට ගෝචර වන අවස්ථාවන් පමණක් භාවිතා කර ආහාර තෝරා ගැනීම්ට සිදු වී තිබීම මෙන්ම ඒ ආහාරයේ සැක සහිත බව සඳහා කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම මෙම තත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

ශීතකරණයක උෂ්ණත්වය මැන ගන්න උෂ්ණත්වමානයක්වත් නෑ..

ආහාර සාම්පලයක් තෝරා ගැනීමේදී  සැක සහිත තත්ත්වයක් තිබේ දැයි ක්ෂේත්‍රය තුළ දී ම හඳුනා ගැනීමට හැකියාවක් තිබිය යුතු අතර එවැනි කිසිදු පරීක්ෂණයකට අවශ්‍ය කිසිදු පරීක්ෂණ කට්ටලයක් හෝ උපකරණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා මේ වනතෙක්  ලබා දී නැත. මෙවන් අවස්ථාවකදී ලබාගන්නා සැක සහිත සාම්පල බොහොමයක් ගැටළු සහගත නොවීම පිළිබඳව පුදුම විය යුතු නැත. ලෝකයේ ආහාර තාක්ෂණය ඉතා විශාල ලෙස දියුණු වෙමින් පවතින යුගය ආහාර වල තත්වය ගුණාත්මක බව සුරක්ෂිත බව සහ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව පරීක්ෂාකිරීමට ඒ සම්බන්ධ නෛතික කටයුතු කිරීමට හා විමර්ශන කටයුතු කිරීමට ලංකාව තුල සිටින එකම කණ්ඩායම වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවම වශයෙන් ශීතකරණයක උෂ්ණත්වය මැන ගැනීම සඳහා වන උෂ්ණත්වමානයක් හෝ මේ වනතෙක් ලබා දී නොතිබීම මත මෙවැනි ආහාර පරිහරණය කරන ආයතනයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ගැටලු පැන නැගීම පුදුම සහගත නොවේ.

ලෝකයේ මෙවැනි සාම්පල ලබා ගැනීමකදී ක්ෂේත්‍රය තුළදී ම සැක සහිත යම් ආහාරයක සරල පරීක්ෂාවන් තුළින් තම සැකය තහවුරු කර කරගැනීම සඳහා ගත හැකි පරීක්ෂණ කට්ටල භාවිතා වේ.

එවැනි කිසිදු උපකරණ කට්ටලයක් මේ වන තෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ලබා දී නැත. ආහාර වර්ග වල ඇෆ්ලටොක්සීන පරික්ෂා කිරීම / ලුණුවල අයඩීන් වල තත්වය පරික්ෂා කිරීම / ජලයේ ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම / ඊට අමතරව ලුණු /සීනි /කෘතීම  රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීම් සඳහා ක්ෂේත්‍රයේ දී විවිධ සරල පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිතා කරයි නමුත් ලංකාව තුල  මෙවැනි පරීක්ෂණ කට්ටල භාවිත කිරීමක් මේ වන තෙක් සිදු නොවේ.

මීට වසර 10 කට පෙර දී තිබූ ඒවාවත් දැන් දෙන්නෙ නෑ..

මීට වසර 10කට පමණ පෙර අයඩීන් පරීක්ෂාව සඳහා ලබාදී තිබුණද මේ වන විට ඒ කිසිදු පරීක්ෂණ කට්ටලයක් ක්ෂේත්‍ර තුළ සිදු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතුව නොමැත. මේ නිසාම තමන්ට සැක යයි සිතන ඕනෑම සාම්පලයක් පරික්ෂා කරවා ගැනීමට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවී ඇත. යම් ආහාරයක ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී ඇතැයි සැක සිතෙන අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් ඒ හා සමාන සියලුම ආහාර වර්ග සාම්පල් ගත කිරීම් සිදු වීම අරුමයක් නොවේ. මේ නිසාම ලබා ගන්නා සාම්පල බොහොමයක් හොඳ තත්වයේ ඒවා බවට පත් වීමට තිබෙන ඉඩකඩ ඉතා විශාල වන බවද රෝෂන් මහතා පෙන්වා දෙයි.

පීඑච්අයිලාට දී තිබෙන්නේ කැටපෝල…

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් ඉල්ලා සිටිනු ලබන්නේ ක්ෂේත්‍රයේ දී ආහාර සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම සඳහා ගතහැකි සරල හඳුනාගැනීමේ පරීක්ෂණ ලෙස ලෝකය පුරා භාවිත කරන පහසු සරල පරීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබාදෙන ලෙසය. එමෙන්ම ආහාර පරිශ්‍ර නියෝග වල දක්වා ඇති පරිදි ශීතකරනවල උෂ්ණත්වය නියාමනය වන්නේ දැයි එසේත් නැත්නම් නියමිත උෂ්ණත්වයේ ශීතකරණය පවතින්නේ දැයි සොයා බැලීම සඳහා අවම වශයෙන් උෂ්ණත්වමානයක් ආහාර සාම්පල වල යම් ගැටළු සහගත තත්වයන් පවතින්නේදැයි විශාල කර බැලිය හැකි උපකරණ සහ මෙවැනි පරීක්ෂණ කට්ටල ලබා දෙන්නේ නම් මෙම පරීක්ෂණ ඉතා නිවැරදිව ආහාර තාක්ෂණයත් සමඟ ඉදිරියට යාහැකි බව ප්‍රකාශ කළ හැකිය.  එසේ නොවන තාක් කල් මිසයිල වැනි නවීන තාක්ෂණික යුද උපක්‍රම භාවිතා කරන යුගයක  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැටපෝලයක් භාවිතා කරන සෙබලෙකු ගේ තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැකි බව පෙන්වා දෙන රෝෂන් කුමාර මහතා  මේ තත්ත්වයට තවදුරටත් වගකිවයුතු කරුණක් සිහිපත් කර දෙයි.

කිසිදු ආයතනයකින් කිසිදු මග පෙන්වීමක් නෑ..

එනම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආහාර සාම්පල ලබා ගෙන රසායනාගාර පරීක්ෂණ වෙත යැවීම සහ, සැක සහිත ආහාර ලබා ගැනීම් සම්බන්ධවයෙන් මේ වන විට කිසිදු මගපෙන්වීමක් කිසිදු ආයතනයකින් සිදු නොවන බවයි. ආහාරවල සුරක්ෂිතතාවය පරික්ෂා කිරීම සඳහා සිටින මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් සඳහා කිසිදු මග මග පෙන්වීමක් හෝ යම් කාල සීමා සීමාවක් තුළ වැඩි වශයෙන් ගත යුතු සාම්පල් මොනවාදැයි හඳුනාගෙන ඒ සා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන කිසිදු  ආයතනයක් මේ වන විට නැත. වගකිවයුතු ආයතන මගින් එම කාර්යය සිදු නොවන අතර සුළු වශයෙන් හෝ ආහාර පාලන රසායනාගාර වලින් යම් මග පෙන්වීමක් සිදු කළද එයද ප්‍රමාණවත් නැති බව ඔහු අවධාරණය කරයි.

ලංකාව පුරා ආහාර සුරක්ෂිතතාවය හා ආහාර වල සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩි දියුණු කිරීම් සඳහා මෙම තත්ත්වයන් නිවැරදි විය යුතු අතර ආහාර සාම්පල හාර සාම්පල ලබාගැනීම ගත යුතු ආහාර හඳුනා ගැනීම එක් එක් කාල සීමාව තුළ හානිකර තත්ත්වයන් පෙන්වන ආහාර වර්ග සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයන් පිළිබඳව මග පෙන්වීමක් සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වෙතම ලැබෙන සේ කටයුතු කිරීම කඩිනම් අවශ්‍යතාවක් බවද රෝෂන් කුමාර මහතා අවධාරණය කරයි.

සරල පරීක්ෂණයක් කරන්න උපකරණ කට්ටලයක්වත් නෑ..

ඒ සඳහා ආහාර තෝරා ගැනීම ට  ක්ෂේත්‍රයේ දී භාවිතා කළ හැකි සරල පරීක්ෂණ කට්ටල, විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක බව පරික්ෂා කිරීම සඳහා සහ ආහාර වල යම් යම් අහිතකර තත්වයන් ක්ෂේත්‍රයේ දී හඳුනාගත හැකි සරල පරීක්ෂණ සහිත පරීක්ෂණ කට්ටලයක් මෙන්ම පරීක්ෂණ සඳහා උපයෝගී කරගත හැකි උපකරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබාදීම සිදුකළ යුතුය. එසේ නොමැති නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම රසායනාගාරය තුළ අදාළ පරීක්ෂණ කරන සෑම අයෙකුගේම කාලය ශ්‍රමය මෙන්ම ධනය ද අනවශ්‍ය ලෙස වැය වීම වළක්වා ගැනීමට  නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ ගරු භාණ්ඩාගාරිකවරයා පෙන්වාදෙයි.

සටහන -ජානක සුනෙත් බණ්ඩාර

---------------------------
by     (2023-06-30 15:28:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links