~

නව ගුවන් හමුදාපති ලෙස අදූෂිතයෙකු ලෙස නම් දැරූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කරයි..!

-LeN ආරක්ෂක වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.28, ප.ව.6.15) 1951 දී රාජකීය ලංකා ගුවන් හමුදාව නමින්  ආරම්භ වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා වන ඔහු හෙට (29) සිට වැඩ බාර ගැනීමට නියමිත ය.

ආදි ආනන්දියෙකු වන උදේනි රාජපක්ෂ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධිධරයෙක් වන අතර විශිෂ්ඨ ඝනයේ ගුවන් නියමුවෙකි. යුද කාලයේ දී හෙළිකොප්ටර් ගුවන් නියමුවෙකු ලෙස යුද පෙරමුණේ තුවාල ලත් සෙබලුන්ගේ දිවි බේරා ගැනීම සඳහා දිවා රෑ නොබලා විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලද අයෙකි.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ VVIP කපිතාන් නියමුවෙකු වන අතර ගුවන් යානා වර්ග 10 ක් පියාසර කිරීමට සුදුසුකම් ලබා ඇත. CESSNA–150, HARBIN Y-12, HS–748, SF–260TP, IA–58 PUCARA, B–200T, AN–32 සහ C–130 ඒ අතර වේ. ඔහු සටන් සහ ප්‍රවාහනය සඳහා පියාසර කරන ලද පැය ගණන පැය 7000 කට වඩා වැඩි කාලයක් රැස් කරගෙන ඇති අතර ඔහු ඉහළම උපකරණ ශ්‍රේණිගත කිරීම දරයි. එනම් Master Green Rating සහ සිවිල් ATPL (ගුවන් ප්‍රවාහන නියමුවන්ගේ බලපත්‍රය) දරයි.

විශිෂ්ඨ සේවා විභූෂණ, රණශූර, උත්තම සේවා ආදී සම්මානයන්ගෙන් පිදුම් ලද උදේනි රාජපක්ෂ ලංකාවේ පිහිටි සියළුම ගුවන් හමුදා කඳවුරු වල 'බේස් කමාන්ඩර්' ධූරය දරා ඇත.

මේ සියල්ලටම වඩා වැදගත් දේ නම් ඔහුට 'රාජපක්ෂ' වාසගමක් තිබුන ද, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අදූෂිත නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවේ සහ වෙනත් ආරක්ෂක අංශ අතර ගෞරවයට පාත්‍ර වූ අයෙකු වීමයි. විශ්‍රාම යන ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ විසින් භේද භින්න කර ඇති ගුවන් හමුදාව නිසි මාර්ගයකට ගැනීමට ‌උදේනි රාජපක්ෂට හැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

ඔහු අරභයා මෙහි සටහන් කළ යුතු අනෙක් වැදගත්ම කරුණ නම් මෙම ගුවන් හමුදාපතිධූරය ලබා ගැනීම සඳහා ඔහු කිසිවෙකු පසුපස නොගිය අයෙකු වීමයි.

-LeN ආරක්ෂක වාර්තාකරු විසිනි

---------------------------
by     (2023-06-28 12:47:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links