~

කොළඹ විශ්වවිද්‍යාලය ලොවට හඳුන්වා දුන් අලුත් පිලිකා නාශක ‌ඖෂධය 'වර්නොලැක්' ගැන එය සොයාගත් මහැදුරා කියා දෙයි..! (Video)

-ඇසිය යුතුම කතාවක්

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.20, ප.ව.6.00)  පිළිකා සෛල නාශනය කිරීමේ හැකියාවෙන් යුත් නව ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද  සහ ජෛව තාක්ෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් සමත්ව තිබිණ. ඒ ඖෂධයේ නම 'වර්නොලැක්' (VERNOLAC) වේ. එය පෝෂක ඖෂධයකි. එය පිළිකා සුව කළ ශ්‍රී ලංකාවේ පැරණි දේශීය සහ ආයුර්වේද ඖෂධ වට්ටෝරු වත්මන් නව දැනුම සමග මුසුකොට අදට ඔබින ලෙස සැකසූවකි. එය සාර්ථකය.

රුපියල් 8400/- ක් වන ඖෂධ කට්ටලය අලෙවි කරන සමාගම ඒ පිළිබඳ මෙසේ කියයි

"පුරාණ ප්‍රඥාවට අනුගත වූ ස්වාභාවික ප්‍රතිකර්ම ඖෂධ පැළෑටි අමුද්‍රව්‍යවල ගබඩා කර ඇති බහුවිධ සුව කිරීමේ බලයන් අති නවීන තාක්‍ෂණය භාවිතයෙන් අන්වීක්ෂීයව සකස් කර ඵලදායී පිළිකා නාශක පෙත්තක් නිපදවා ඇත, සොබාදහමේ තවත් ප්‍රතිනිර්මාණයකි - ගුණාත්මක සංකල්පය මත නැවත අර්ථ දක්වා ඇති පෝෂණ සූත්‍රයකි. සෑම කෙනෙකුටම ජීවිතයේ හොඳම දේ භුක්ති විඳීමට උපකාර වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්‍ෂණ ආයතනය විසින් හොඳින් පර්යේෂණය කර වැඩි දියුණු කරන ලද මෙම පෝෂණීය කැප්සියුලය පිළිකා ප්‍රාථමික සෛල පාලනය කිරීමට සහ ඉවත් කිරීමට උපකාරී වන පිළිකා නාශක ගුණයන්ගෙන් සමන්විත වේ.

VERNOLAC, පිළිකා සඳහා චිකිත්සක සහනයක් ලෙස සංවර්ධනය කරන ලද විෂ නොවන ශාකසාර සංයුතිය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා නව මංපෙත් විවර කිරීමට අවශ්‍ය දැවැන්ත විභවයන්ගෙන් පොහොසත් වේ."  

මෙය සොයා ගත් කණ්ඩායමේ ප්‍රධානී සෛල හා අණුක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමීර එස් සමරකෝන් මහතා සමඟ මී මැස්සා යූ ටියුබ් නාලිකාවේ ප්‍රධානී කල්ප ගුණරත්න විසින් සිදු කළ ඉතා වැදගත් විශේෂ සංවාදය පහත දැක්වේ

---------------------------
by     (2023-06-20 12:34:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links