~

ගුණසේන මහානාම (1944 - 2023)..! යුගයක සටන්කාමී වමේ නායකයෙකුගේ අභාවය ගැන අසම්පූර්ණ සටහනක්..!

-සිරිතුංග ජයසූරිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.06, ප.ව.8.15) ජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ධූරය දැරූ ගුණසේන මහානාම සහෝදරයා පෙරේදා(04) අභාවප්‍රාප්ත වී ඇත. ඔහු වසර 79ක ජීවිත කොටස තුළ කම්කරු පන්ති අරගලය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියෙකි.

ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ උපත ලැබු ගුණසේන මහානාම 1962 දී ලිපිකරුවෙකු වශයෙන් අම්පාර, ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ රැකියාව හිමිවිය. අනතුරුව 1967දී රජයේ ලිපිකරු සේවා සංගමයේ සාමාජිකත්වය ලබා ගත් මහානාම එතැන් සිට කම්කරු පංතියේ අයිතීන් දිනා ගැනිමේ අරගලයේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වූ අතර ඒ සමග ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු බවටද පත් විය.

ධනපතියන් සමග සභාගවාදය පරාජය කළා..

මහානාම අපට මුණ ගැසෙන්නේ සමසමාජ පක්ෂය තුල ධනපති සභාග දේශපාලනයට එරෙහිව වික්‍රමබාහු, සුමණසිරි සහ මා ඇතුලු පිරිසක් ගෙන ගිය අරගලයේ දීය. ඔහු 1975 ලසසප වාම කණ්ඩායම ගෙන ගිය දේශපාලන මතවාදයට ඔහු එක්වූ අතර ඒ සමග සභාග දේශපාලනයට එරෙහි අරගලය රජයේ ලිපිකරු සේවා සංගමය තුල දියත් කළ අතර එහි ප්‍රතිපලයක් ලෙස එන්.එම්., කොල්වින් ඇතුලු ලසසප නිල නායකත්වයේ කණ්ඩායමට එරෙහිව සටන් කරමින් 1977දී පැවති නිලවරණයේදී පී.ඒ.වනසිංහ කණ්ඩායම පරාජය කරමින් රජයේ ලිපිකරු සේවා සංගමයේ නායකත්වයට පත්විය.

එතැන් සිට රජයේ සේවය තුල ක්‍රියාත්මකවූ කාර්යාල කාර්ය සේවක සංගමය, රජයේ බෙහෙත් ගබඩාව, කොලොන්නාව රජයේ වැඩ දෙපාර්තමේන්තුව, ජනරජ සෞඛ්‍ය සේවක සංගමය හා රජයේ මුද්‍රණාලය වැනි සංගම් තුල ධනපති සභාග දේශපාලනයට එරෙහි අරගලය දියත් කරමින් එම වෘත්තිය සංගම් තුල සටන්කාමී නායකත්වයන් බලය අත්පත් කර ගැනීම සඳහා සටන් කළ අතර එම සංගම් සියල්ලම අපගේ ලසසප නවනායකත්වය වෙත දිනා ගැනීම සඳහා ඔහු අති විශාල වැඩ කොටසක් ඉටු කරන ලදී. යු.ඊ.පෙරේරා, ධර්මබන්දු, සත්‍යපාල, නන්දසේන හා අමරදිවාකර වැනි සටන්කාමී වෘත්තිය සමිති නායකයින් සමග උරෙන් උර ගැටෙමින් පංති අරගලයේ නායකයින් ලෙස කටයුතු කිරීමට මහානාම පියවර ගනු ලැබීය.

ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන්..

උතුරේ දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණ අයිතිය වෙනුවෙන් සෘජු ස්ථාවරක පිහිටා කටයුතු කළ මහානාම රජයේ ලිපිකරු සේවා සංගමය සටන්කාමීන්ගේ පොදු මධ්‍යස්ථානය බව පත් කරන ලදී. 1980 ජූලි වැඩ වර්ජන තීන්දුව ගැනීමේදී මහානාම -  සවනදාසගේ නායකත්වය විසින් විශාල වැඩ කොටසක් ඉටු කරන ලදී. එපමණක් නොව වැඩ වර්ජනය පරාජය වීමෙන් අනතුරු වැඩවර්ජකයින් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ ලිපිකරු සේවා සංගමය වශයෙන් විශාල මැදිහත් වීමක් කළ අතර වැඩ වර්ජකයින්ගේ පොදු මධ්‍යස්ථානය බවට රලිසේසයේ දොරවල් විවෘත කිරීමට පියවර ගනු ලැබුවේ මහානාමගේ නායකත්වයෙනි.

සටන්කාමීන්ගේ පොදු මධ්‍යස්ථානයක්...

1986දී කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ හා 1989 දී එහි නායකයා වූ කේ.එල්.ධර්මසිරි ජවිපෙ විසින් ඝාතනය කළ අවස්ථා වලදී එම අවමගුල් කටයුතු සඳහා එඩිතර නායකත්වයක් මහානාම ඇතුලු රලිසේසය විසින් ඉටු කළ බව පංති සටන් ඉතිහාසයේ සටහන්ව ඇත.

එවැනි සටන්කාමී ඉතිහාසයකට උරුමකම් කියන ගුණසේන මහානාම ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ ක්‍රියාත්මක වූයේ වමේ විප්ලවවාදී ව්‍යාපාරයට උපදෙස් දෙන තනි පුද්ගල ක්‍රියාධරයෙකු වශයෙනි. අවිවාහකයෙකු වූ ඔහු මිය යන තුරු පංති අරගලය සිය ජීවිතය බවට පත් කර ගත් අතර ගුණසේන මහානාම සටන් සගයාට එක්සත් සමාජවාදී පක්ෂයේ ආචාරය පිරිනමමු.!

-සිරිතුංග ජයසූරිය

ලේකම් -එක්සත් සමාජවාදී පක්ෂය

---------------------------
by     (2023-06-06 14:50:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links