~

බන්දුලයා සර්පයා කියා සමනලයා දන්නේ නැහැ..? ඉඳා, දැන්වත් දැන ගනින්..!

-DailyFT වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.මැයි.12, ප.ව.8.00) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රකාශයක් කරමින්, බන්දුල ගුණවර්ධන කැබිනට් අමාත්‍යකාරයා ඇතුළු පිරිසක් විසින් සිදු කර ඇති වංචා රැසක් සම්බන්ධයෙන් චෝදනා කර තිබේ.

අඩුම තරමින් මහජන ජීවිත පහක් බිලි ගත් දෝෂ සහිත ගෑස් සිලින්ඩර ගෙන්වා බෙදා හැරීම ද ඒ චෝදනා අතර වේ.

රජය විසින් පවත්වා ගෙන යනු ලබන සිල්ලර අලෙවි නියෝජිතායතනය වන සතොසට සුදු ලූනු, සහල් සහ අනෙකුත් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධ වංචා රැසක් සම්බන්ධයෙන් ද බන්දුලට චෝදනා එල්ල වී තිබේ.

CAA විධායක අධ්‍යක්ෂවරයා 2021 දී මෙම චෝදනා ඉදිරිපත් කළ විට, ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනවා වෙනුවට, රහස් හෙළි කරන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා අපහාස සඳහා නඩු පවරන ලදී. අවසානයේ ඔහුට රටින් පැන ගොස් සරණාගතභාවය පතා යාමට සිදු වූයේ, රුපියල් මිලියන ගණනක මහජන මුදල් වංචා කළ බව කියන අය ඉහළ තනතුරුවල රැඳී සිටිය දීය.

බන්ධුල යනු රෝග ලක්ෂණයක් පමණි..

බන්දුල ගුණවර්ධන යනු මුළුමනින්ම කුණු වී ඇති දේහ පද්ධතියක රෝග ලක්ෂණයක් පමණි. පොලිස් දෙපාර්තමේන්තුවක්, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවක්, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක්, නීතිපති දෙපාර්තමේන්තුවක්, විගණකාධිපතිවරයෙක් සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පරීක්ෂණ කරන්නේ යයි කියන තවත් ආයතන ගණනාවක් තිබිය දී මොනම දෙයක්වත් වෙලා නැත. ඒ බන්දුල ගුණවර්ධන යනු විශේෂ සත්ත්වයෙකු නිසා නොව, එය සාමාන්‍ය සම්ප්‍රදාය වන නිසාය.
 
අමාත්‍ය මණ්ඩලයේ අති බහුතරයක් දූෂිතයන් බැවින් බන්දුල ගුණවර්ධනට පමණක් එරෙහිව ගන්නා යම් පියවරක් නිසා පක්ෂග්‍රාහීව වෙනස්කම් කරන්නේ යයි කලබැගෑනියක් ඇති විය හැකිය.

2021 ජූනි මස මුල දී බරපතල සමුද්‍රීය ව්‍යසනයක් ඇති කරමින් කොළඹට ඔබ්බෙන් මුහුදුබත් වූ X-Press Pearl කන්ටේනර් නැවේ හිමිකරුවන් වන X-Press Feeders සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීම අසීමිතව ප්‍රමාද වෙමින් පවතින්නේ, යම් යම් පුද්ගලයන්ට දී ඇති ඩොලර් මිලියන 250 ක අල්ලසක් නිසා බව සති කීපයකට පෙර ප්‍රකාශ කළේ අන් කිසිවකු නොව විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යකාරයාය.
 
මෙම මුදල එක්සත් රාජධානියේ ගිණුමකට මාරු කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව විමර්ශනය කරන ලෙස තමන් සී. ඩී. වික්‍රමරත්න ලොකු පොලිස් රාළහාමිගෙන් ඉල්ලා සිටි බව ඔහු කීවේය. එසේ ඩොලර් බිලියන කාලක අල්ලස ලබා ගෙන ඇත්තේ චාමර ගුණසේකර නමැති අයෙකු බව ද අමාත්‍යකාරයා අවසානයේ පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

දූෂණ විරෝධී බලධාරීන් හොල්මන් සේ නිසොල්මනේ...

එසේ හෙළිදරව් වී තිබිය දීත්, මේ දක්වා එම චෝදනාව පිළිබඳ පසු විපරමක් හෝ සම්පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ආරම්භ කර නැත.

රටේ අධිකරණ අමාත්‍යකාරයා මෙතරම් දැවැන්ත මූල්‍ය වංචාවක් ගැන චෝදනා කරන විට පවා නීතිය ක්‍රියාත්මක කරන හෝ දූෂණ විරෝධී බලධාරීන් හොල්මන් වී නිසොල්මනේ බලා සිටින බව දැන් පැහැදිලිය.

බන්දුල ගුණවර්ධන සිදු කර ඇතැයි කියන දූෂණ සම්බන්ධයෙන් උත්තර දීමට ඔහු වැන්නෙකු අධිකරණ ශාලාවක් ඇතුළේ සිටිනවා යම් දිනෙක දැක ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැක. ඒ වෙනුවට, ඔහුට සහ ඔහු වගේම දූෂිතයන්ට ලැබී ඇති දණ්ඩ මුක්තියෙන් ඔවුන් දිගින් දිගටම ප්‍රතිලාභ ලබනු ඇත.

ඔවුන්ගේ දූෂණය ඔවුන්ගේම ඊළඟ පරම්පරාවට ද උරුම කර දෙන බව ද පෙනෙන්නට තිබේ.

දස අතේම වංචා පවතින කාලයක සත්‍යය පැවසීම වනාහී විප්ලවීය ක්‍රියාවකි...

අමාත්‍යකාරයා ආනයනය කළ සහල් ටොන් 6,000 න් ගුණවර්ධනගේ පුතා අධික ලාභයක් ලැබූ බව CAA හිටපු විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

බන්දුල ගුණවර්ධනගේ දුවට නිව්යෝර්ක් ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් ලබා දී ඇති අතර, එවැනි තනතුරක් සඳහා සුදුසුකම් නොමැති වුව ද, ශ්‍රී ලාංකික බදු ගෙවන්නෝ ඩොලර්වලින් ඇගේ වැටුප් ගෙවති.

අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රමය, පොලිසිය, නීතිපතිවරයා, හෝ අල්ලස් කොමිසම විසින් බන්දුල ගුණවර්ධනට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අපේක්ෂා නොකරන නමුත් තුෂාන් ගුණවර්ධන වැනි රහස් හෙළි කරන්නන්ට පින් සිදු වන්නට මෙවැනි සාපරාධී ක්‍රියා අවම වශයෙන් ජනතාව අතරට ගෙන යාමට හෝ හැකි වී තිබේ.

තුෂාන් සහ ඔහු වැනි තවත් බොහෝ දෙනෙකුට මේ රටින් පලා යන්නට සිදු වී ඇත්තේ අවංකකමේ වරදටය. ඔවුන්ට මේ රට ණය ගැතිය.

ජෝර්ජ් ඕවෙල්ගේ වචනවලින් කියනවා නම්, දස අතේම වංචා පවතින කාලයක සත්‍යය පැවසීම වනාහී විප්ලවීය ක්‍රියාවකි.

- 2023 මැයි 9 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “In a time of universal deceit telling the truth is a revolutionary act” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2023-05-12 14:36:07)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links