-අනුරාධපුර ලංකා ඊ නිව්ස් වාර්තාකරු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.මැයි.06, ප.ව.4.15) වෙසක් පුන් පොහෝ දිනයට පෙර දිනයේ විහාරස්ථාන වල බුද්ධ ප්‍රතිමා නැහැවිය යුතුය යන මිථ්‍යා මතයක් මුල් කොට මැදවච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමි නමක බුදු මැදුරේ කොන්ක්‍රීට් කණුවක තබා ගැට ගසා එහි තිබූ බුද්ධ ප්‍රතිමාවක් නැහැවීමට සැරසුණු බව කියන එම විහාරස්ථානයේ දායකයන් පස්දෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට පෙර දිනයේ පැමිණි දායකයන් පිරිසක් මෙසේ බුදු මැදුරේ තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවතට ගෙන පිරිසිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට මෙම හිමිනම අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා පසුව මුහුණු ආවරණය කරගෙන විහාරස්ථානයට පැමිණි ඔවුන් මෙවැන්නක් සිදු කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී පැමිණෙන තෙක් කිසිවකු හිමිනම බැඳ තබා තිබූ ලණුව ඉවත්කර මුදා ගැනීමට ඉදිරිපත් වී නොමැති බව ද පොලිසිය කියයි. එහි දී වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ වෙසක් පෝ දිනට පෙර දින විහාරස්ථාන වල බුද්ධ පූජා නොනැවීම මත එම ගම පුරා වසංගත රෝග පැතිර යන බවට ගම්මුන් තුළ තදබල විශ්වාසයක් පැතිර ඇති බව ය.
ඒ අනුව එම ගමේ වැඩි දෙනෙකු දායකයන් ගේ එම ක්‍රියාව අනුමත කර තිබේ. එබැවින්, එය බුදු දහමට සපුරාම එරෙහි මිථ්‍යා මතයක් බව එම හිමියන් දායකයන්ට පැවසීම මත දායකයන් ඒ හිමි නම බැඳ දමා එම බුදු පිළිමය නැහැවීමට කටයුතු කර තිබේ. මෙය පසුගිය කොවිඩ් වසංගතයට පෙර එම ප්‍රදේශයේ නොතිබූ මිථ්‍යා මතයක් බව ද එම ප්‍රදේශයේ හිමි නමක් අප හා කීහ.
---------------------------
by (2023-05-06 10:59:20)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි