-මාණ්ඩලිකයෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.මැයි.04, ප.ව.7.20) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුරු හයෙන් එකක් වන රත්මලාන ගුවන් හමුදා කඳවුර ඉන්දීය ගුවන් හමුදාව සමග බෙදා ගනිමින් ක්‍රියා කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මේ පිළිබඳ ඉන්දියාව පාර්ශවයෙන් යෝජනා වී ඇති අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳ විරෝධයක් දක්වා නැත.
රත්මලාන කඳවුර බෙදා හදා ගැනීම ගැන යෝජනා කර ඇත්තේ මේ දිනවල ලංකාවේ සිව් දින සංචාරයක යෙදී සිටින ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි විසිනි. ඉන්දියාවේ නව ගුවන් හමුදාපතිවරයෙක් හෝ නාවික හමුදාපතිවරයෙක් හෝ පාබල හමුදාපතිවරයෙක් හෝ පත් වූ පසු තමන් යටතේ පාලනය වන ඉන්දීය කඳවුරු පරීක්ෂා කරන අතර වාරයේ ශ්‍රී ලංකාවට පැමිණ ලංකාවේ අදාල හමුදාපතිවරුන් හමුවී ලංකාවේ අදාල ප්‍රධාන කඳවුරු වෙත යෑම ද අනිවාර්යයෙන්ම සිදුවන්නකි. චෞද්රිගේ සංචාරය ද එවැන්නකි.
ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ 'මිත්‍රත්ව ශ්‍රවණාගාරයක්' ගොඩනැගීමට නව දිල්ලිය විසින් සැලසුම් කර ඇති බවද චෞද්රිගේ සංචාරයේ දී චෞද්රි ශ්‍රී ලංකාවට දන්වා ඇත.
කලාපයේ වැඩි වන චීන බලපෑම් හමුවේ ඉන්දියාව තම ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ භූමියේ තම බලය ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙලක් ලෙස මෙම ක්‍රියාමාර්ග සැලකිය හැකිය.
කෙසේ වෙතත් ලංකාවේ සමහර ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව පමණක් නොව නාවික හමුදාව පවා ඉන්දියාව සමග හවුලේ ක්‍රියා කිරීම දෙරටටම වාසි සහගත බවයි. මන්ද යත් ලංකාවට සතුරෙකුගෙන් ගුවනින් හෝ මුහුදු මගින් ප්‍රහාරයක් එල්ල වන්නේ නම් එයට ඉන්දීය සහාය නොමැතිව කිසිසේත් ශ්‍රී ලංකාව තනිවම මුහුණ දිය නොහැකි බැවින් කල් තබා ශ්‍රී ලංකාවේ ගුවන් සහ නාවික හමුදා ඉන්දියාව සමග හවුලේ කටයුතු කිරීම ණුවනට හුරු බව ඔවුන්ගේ මතය යි. ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්ගේ පාබල ගුවන් හමුදාවන්ට වඩා නාවික හමුදාවයි. මන්ද යත් ගොඩබිමට වඩා විශාල මුහුදු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතු බැවිනි. නමුත් දැනට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව අදාල ප්‍රබලත්වයකට ලඟා වී හෝ නැත. අඩුම ගණනේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී යාත්‍රාවක් ගිනි ගතහොත් නිවා ගන්නටවත් ලංකාවට නොහැකි ය. එබැවින් ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා පිරිවැය ද අඩුකර ගනිමින් ඒ දෙකම ඉන්දියාව සමග ඒකාබද්ධ කළහොත් වඩාත් ආරක්ෂාකාරී පියවරක් වනවා මෙන්ම ශ්‍රී ලංකාව චීනය දෙසට ඇදේදෝ යන ඉන්දීය අවිශ්වාසය ද අහවර වන බවත්, ඉන්දියාව න්‍යාෂ්ඨික බලවතෙකු බැවින් ශ්‍රී ලංකාවට ඉන් කිසිදු අවාසියක් සිදුනොවන බව ද එකී ආරක්ෂක විශ්ලේෂකයෝ කියති.
මේ අතර ඉන්දියාවේ රමේශ්වරමේ සිට මන්නාරම දක්වා ඇති ප්‍රකට ආදම්ගේ පාලම හෙවත් රාම් සේතු පාලම මතින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමෙන් යා කෙරන අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉන්දියාව විසින් ගොඩනැගීම මේ වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ වන බවද නව දිල්ලි ආරංචි මාර්ග පවසයි. එය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මැතිවරණයේ දී ඉන්දීය අගමැති මෝදි ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉක්මනින් ආරම්භ කරනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.
රාම් සේතු පාලම ගොඩනැගීමට විරුද්ධ පාර්ශව ගෙන ආ ප්‍රබල මතයක් තිබිණ. එනම් රාමායණයේ සඳහන් හනුමන් ගොඩ නැගූ පාලමේ නටබුන් පවා දැනට දක්නට ඇති බැවින් එය හරහා නව පාලමක් ගොඩ නැගුවහොත් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති දෑ විනාශ වන බවයි. නමුත් මේ වන විට ඉන්දියාවේ ජාතික පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය මගින් නාසා ආයතනයේ ද සහාය ඇතිව කරන ලද පරීක්ෂන වලින් තහවුරු වී ඇත්තේ එහි කිසිදු මානව නිර්මාණයක් නොමැති බවත් එය දිගු කලක් තිස්සේ සිදුවූ හුණුගල් සහ රළ පහරවල් විවිධත්වය අනුව සිදුවූ ස්වභාවික දෙයක් බවයි. එයින්ද තහවුරු වන්නේ රාමායණය යනු හුදු කල්පිත කතාවක් මිස සත්‍ය කතාවක් නොවන බවයි. ඒ විද්‍යාත්මක මතය ලෝක් සභාව මගින් පිළිගැනීමෙන් පසු මෙම සේතු රාම් නව පාලම් මාර්ගය ගොඩනැගීමට තීරණය කර ඇත.
---------------------------
by (2023-05-06 09:49:47)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි