~

මැයි දිනයේ පෙළපාලි යන පොදු වමට අපෙන් සටන් පාඨ කීපයක්..!

-මාණ්ඩලිකයෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.30, ප.ව.10.00) මැයි දිනයේ පෙළපාලි යන සහෝදරයන් වෙනුවෙන් ලංකා ඊ නිව්ස් වෙතින් පොදු වමට සටන් පාඨ කීපයක් පහත දැක්වේ

ATA    ඉරා දමව්
PTA     ඉරා දමව්
මර්දනේට  පාර කපන
පාලකයන්   පන්න දමව්

ජනමත‍යක්         නැති රනිලා
පොහොට්ටුවේ     උඩ නැඟලා
ඉවසුව ඇති           කිව් බයිලා
පන්න දමමු           එකතු වෙලා

පොදු දේපළ      මංකොල්ලේ
විකුණංකයි        කුණු කොල්ලේ
නතර කරව්        මේ කොල්ලේ
පොදු දේපළ       මංකොල්ලේ

උතුරෙ ඉඩම්      මංකොල්ලේ
දකුණෙ ඉඩම්      මංකොල්ලේ
අලි පොහොට්ටු   එක වල්ලේ
රට විකුණයි     කුණු කොල්ලේ

කරව් කරව්          නතර කරව්
ඉඩම් කොල්ලෙ   නතර කරව්
වරෙව්  වරෙව්      පෙරට වරෙව්
රට රකින්න        පෙරට වරෙව්

ඊපීඑෆ්          අපේ සල්ලි
ඊටීඑෆ්          අපේ සල්ලි
අයිඑම් එෆ්    ගැහිල කල්ලි
මුන් යවනව   ඒව පිල්ලි

ඊපීඑෆ්     අත නොතබව්
ඊටීඑෆ්     අත නොතබව්
අයිඑම් එෆ්   හොර ගිවිසුම්
ඉරා දමව්       පර ගිවිසුම්   

බෑ බෑ බෑ     ඉවසනු බෑ
මේ බදුබර    ඉවසනු  බෑ
නෑ නෑ නෑ    ඉඩ දෙන්නෑ
මේ බද්දට     ඉඩ දෙන්නෑ

ආර්ථිකේ     ඝාතකයෝ
රටක් ක‍ළා    යාචකයෝ
රනිල් රකින   මේ පරයෝ
හිරේ දමව්      වල් පරයෝ

රනිල් රනිල්   මේ අහපන්
ප්‍රජාතන්ත්‍රෙ    ගරු කරපන්
අපේ චන්දෙ    දැන්  තියපන්
බයිල එපා       චන්දෙ දියන්                                              

පීටීඒ               සැකකරුවෝ
වසර ගණන්     හිරකෙරුවෝ
උතුරෙ දකුණෙ   හිරකරුවෝ
දොට්ට දමව්      සැකකරුවෝ

-මාණ්ඩලිකයෙකු විසිනි

---------------------------
by     (2023-04-30 16:35:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links