~

මැයි දිනයේ අවුරුදු උත්සව..? නමේ ‘වික්‍රම-සිංහ’ දෙකම තිබුණාට කරන තරමක් කරන්නේම ‘නිහීන-බලු’ වැඩ..!

-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.30, ප.ව.9.30) දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක් විසින් “අවුරුදු උත්සව” මැයි 1 වන සඳුදා පැවැත්වීමට කටයුතු කරනු ලැබීම බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වී ඇත්තේ, එය රජයේ සේවකයින් මැයි රැලිවලට පැමිණීම වැළැක්වීමට ගත් උත්සාහයක් නිසා බව Daily Mirror වෙත වාර්තා වේ.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ මෙන්ම අනෙකුත් පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවකම මෙවර මැයි දිනයේ දී සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම් උත්සව සංවිධානය කිරීමට නියමිතය. එය මින් පෙර එවැනි උත්සව සඳහා යොදා නොගත් අසාමාන්‍ය දිනයකි.
 
2023 වසරේ අවුරුදු උත්සවය එළැඹෙන මැයි දිනයේ දී සංවිධානය කරන ලෙසට වාචික හෝ අවිධිමත් උපදෙස් දිවයිනේ “ඉහළම රාජ්‍ය කාර්යාලයකින්” ප්‍රාදේශීය ලේකම්වරුන් රැසකටම ලැබී ඇති බව ඩේලි මිරර් වෙත වාර්තා වේ.

මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෘත්තීය සමිති සාමාජිකයින් පැවසුවේ, තම පවුලේ සාමාජිකයින් සමග අවුරුදු උත්සවයට සහභාගී වන ලෙස සේවකයින්ට දන්වා ඇති බැවින් එය රාජ්‍ය සේවකයින් මැයි දින උත්සවවලට සහභාගී වීමෙන් වැළැක්වීමට රජය ගත් පියවරක් බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහරගම සහ කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඩේලි මිරර් සමග කියා සිටියේ, තම සේවකයන්ට අවුරුදු උත්සවයට සහභාගි වීම අනිවාර්ය කර නොමැති නමුත් මැයි දිනයේ දී තමන්ට කැමති ඕනෑම දෙයක් කළ හැකි බවයි.

ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන් කළ විමසීමක දී ඔහු ඩේලි මිරර් සමග පැවසුවේ, ලොව පුරා සිටින කම්කරුවන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගිය හැකි යයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති දිනය මැයි 1 වන දා බවයි.

“එනිසා වෙනත් උත්සව කටයුතු සමග ගැටුමක් නොමැතිව, අඩුම තරමේ මැයි දිනයේ දී හෝ කම්කරුවන්ට තමන්ගේ අයිතිවාසිකම් සැමරීමට ඉඩ හැරීම සඳහා රාජ්‍ය ආයතන ඇතුළු ඕනෑම ආයතනයක් ප්‍රමුඛත්වය දිය යුතුයි,” මහාචාර්ය මහානාමහේවා පැවසීය.
 
මේ පිළිබඳව විමසීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඇමතීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

- 2023 අප්‍රේල් 29 වන දින Daily Mirro වෙබ් අඩවියේ පළ වූ, Kurulu Koojana Kariyakarawana ලියූ, “Countrywide DS offices organising Avurudu Utsawa To refrain staffers from attending May Day rallies?” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2023-04-30 16:07:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links