~

මහ බැංකු බැඳුම්කර වංචාවේ වැදගත්ම සාක්ෂිකරුවෙකුගේ අබිරහස් මරණය: බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තාවක් කැඳවයි..!

-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.27, ප.ව.9.45) මිය ගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික මිතුරෙකු වන හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ DNA පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සඳුදා (24) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.

අධිකරණ වෛද්‍ය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෝ හේතු සොයා බැලීම සඳහා මෙම විද්වත් කමිටුව පත් කරන ලදී.

ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන පටි ගත කිරීම් සහ වට්ස්ඇප් පණිවුඩ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට එය ප්‍රයෝජනවත් වන බැවින්, සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස කමිටුවේ වෛද්‍ය විශේෂඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න තහවුරු කර ගැනීමට නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අධිකරණය පෙබරවාරි 27 වැනි දා පංච පුද්ගල වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් පත් කළේය.
 
මහාචාර්ය අසේල මෙන්ඩිස් (සභාපති) මහාචාර්ය බී. සී. ආර්. පෙරේරා, මහාචාර්ය ඩී. එච්. එස් ප්‍රනාන්දු සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු වන වෛද්‍ය ශිවා සුබ්‍රමනියම් සහ ආචාර්ය බී. ආර්. රුවන්පුර යන අයගෙන් එම පංච පුද්ගල මණ්ඩලය සමන්විතය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට සැබෑ හේතු(ව) තීරණය කිරීම සඳහා නව විමර්ශනයක් සිදු කිරීම ඔවුන්ට පැවරී ඇති කාර්යභාරයයි.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සකස් කළ පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පරස්පරතා සහ නොගැලපීම් කිහිපයක් අගතියට පත් පාර්ශ්වය විසින් ඉස්මතු කර තිබුණි.

වැඩි දුර මහේස්ත්‍රාත් පරීක්ෂණය මැයි 8 වැනි දාට කල් තැබිණ.

- 2022 අප්‍රේල් 25 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, “Alleged murder of businessman Dinesh Schaffter: Court orders a DNA report of Brian Thomas” නම් ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

---------------------------
by     (2023-04-27 16:28:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links