-Al Jazeera වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.24, ප.ව.1.40) ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීම සඳහා බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුව විසින් කරන ලද සැලසුම් හේතුවෙන් ඊශ්‍රායල සමාජයේ බොහෝ දෙනෙකු කෝපයට පත්ව ඇත.
අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික ආණ්ඩුවට සහ රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ එහි බෙදුම්වාදී සැලැස්මට විරෝධය පළ කිරීම සඳහා විරෝධතාකරුවන් දස දහස් ගණනින් ටෙල් අවිව් සහ ඊශ්‍රායලය පුරා ඇති නගරවලට එක්රැස්ව ඇත.
වසර ආරම්භයේ සිට සති පතා පැවතෙන ක්‍රියාදාම මාලාවක නවතම අවස්ථාවක් වූ, සෙනසුරාදා පැවති විරෝධතාවයේ දී ඊශ්‍රායල ජනතාව විසින් "Prime Minister” (අගමැති) වෙනුවට “Crime Minister” (අපරාධ ඇමති) යයි සඳහන් බැනර් නෙතන්යාහුගේ මුහුණ උඩ තබා තිබුණි.
නෙතන්යාහුගේ ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීමට සැලසුම් කරනු ලැබීම නිසා කෝපයට පත්ව සිටින ඊශ්‍රායල් ජනතාව, එය තම රටේ පරීක්ෂා හා තුලන පද්ධතියට පහර දීමක් ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙසත් සලකයි.
"මේ කියන්නේ ඊනියා අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන නොවේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි," යුදෙව් කාන්තා ජාතික කවුන්සිලයේ ප්‍රධානී ෂීලා කැට්ස් මධ්‍යම ටෙල් අවිව් රැලියේ දී පැවසුවාය.
"ඔබේ පූජනීය උසාවි මගින් සියලුම මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමට නම්, ඒවා දේශපාලනයට යට නොවී තිබිය යුතුයි."
සම්මුතියකට එළැඹීමේ බලාපොරොත්තුවෙන් අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්ම ප්‍රමාද කිරීමට නෙතන්යාහුට බල කරමින්, පසු ගිය මාසයේ පැවැති විරෝධතා නිසා ඊශ්‍රායල නගරවල වැඩ කටයුතු ඇනහිටි අතර, ආර්ථිකය පසුබෑමකට ලක් විය.
කෙසේ වෙතත්, විරෝධතා නැවතී නැත. නෙතන්යාහුගේ පසුබැසීමෙන් පසු ගෙවී ගිය සති කිහිපය තුළ “ලැජ්ජයි! ලැජ්ජයි!” කියා කෑගසමින් දහස් ගණනින් වීදි බට ජනතාව, අධිකරණ ප්‍රතිසංස්කරණ මුළුමනින්ම හකුළා ගන්නා ලෙස ඉල්ලා සිටිති.
මෙම ප්‍රතිසංස්කරණ සැලැස්ම මගින්, දූෂණ චෝදනා මත නඩු විභාගයට ලක්ව සිටින නෙතන්යාහුට සහ ඊශ්‍රායල් ඉතිහාසයේ වඩාත්ම දැඩි මතධාරී සන්ධානයේ ඔහුගේ හවුල්කරුවන්ට රටේ විනිශ්චයකරුවන් පත් කිරීමේ අවසාන බලය ලැබෙනු ඇත.
එමෙන්ම එම සැලැස්මෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට ඔහුගේ සහචරයින් විසින් පාලනය කරනු ලබන පාර්ලිමේන්තුවට බලය ලබා දෙන අතර, නීති සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති හැකියාව සීමා කෙරෙනු ඇත.
Al Jazeera චැනලයේ මොහොමඩ් ජම්පූම් ටෙල් අවිව් සිට වාර්තා කරමින් කියා සිටියේ, තම දරුවන් සමඟ විරෝධතාවයට පැමිණි බොහෝ අය අනාගත පරම්පරාව ගැන තම කනස්සල්ල පළ කළ බවයි.
"මෙම අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්ම සමඟ දැන් සිදු වෙමින් පවතින දෙය ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ අනතුරක් බව ඔවුන් විශ්වාස කරනවා," යයි ජම්ජූම් පැවසීය. “ඒවා සම්මත වුවහොත් ඔවුන් මේ රට අත්තනෝමතික පාලනයකට තල්ලු කරාවි.”
මෙම විරෝධතා නිසා ඊශ්‍රායල සමාජය පුරා ජනතා උද්යෝගයක් ඇති වී තිබේ.
හමුදාවේ ප්‍රභූ ඒකකවල නිලධාරීන් දහස් ගණනක් සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරන බව පවසා ඇත. අධි තාක්ෂණික ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රධානීන් සහ ආරක්ෂක අංශ මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලට එරෙහිව පෙරට පැමිණ ඇත.
වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක් කැඳවා තිබේ.
ඊශ්‍රායලයේ වඩාත්ම තීරණාත්මක සහකරු වන එක්සත් ජනපදය, ප්‍රසිද්ධියේම නෙතන්යාහු ප්‍රතික්ෂේප කර ඇති අතර, ජනාධිපති ජෝ බයිඩෙන් “මේ විදියට නම් ඉස්සරහට යන්ඩ බැහැ!” කියා ඔහුට කියා ඇත.
- 2022 අප්‍රේල් 23 වන දින Al Jazeera වෙබ් අඩවියේ පළ වූ, ‘Tens of thousands of Israelis rally against judicial reform plan’ නම් ප්‍රවෘත්තිය සිංහලට නැගුවේ,
ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68
---------------------------
by (2023-04-24 08:14:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි