(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.28, ප.ව.7.00) ඉදිරි මහ මැතිවරණයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකවරයා ලෙස මාස කිහිපයකට පෙර කුජීතයට පැරදුනු මහින්ද රාජපක්ෂව නම් කරන්නැයි දකුණු පළාත් සභාවේ ශ්‍රීලනිප මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් අද කතරගම පුදබිමේදී දේව කන්නලව්වක් පවත්වද්දී අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන මාතෘකාව ඉදිරියට ගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
බොහෝ දෙනා සිතන පරිදි තමන්ට අගමැති වීමේ සිහිනයක් නැතැයිද තමන්ට එවැනි පිස්සුවක් නැතැයිද නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ අද සවස විපක්ෂ නායක කාර්යාලයේදී ය.
‘‘මෙතැන මේ අගමැතිධුරය කියන එක පටලවාගෙන පක්ෂය දෙකඩ කරන්න එපා. එක එක මතවාද ගෙනගොස් පක්ෂය දෙකට කැඩුනොත් කාටවත් අගමැති වෙන්න බැහැ. එක අපි හිතේ තියාගන්න ඕනි. එම නිසා මේ අගමැති සිහිනය අපි සියළු දෙනාම ඔළුවෙන් අයින් කරගමු. අයින් කරගෙන පක්ෂය ජයග්‍රහණය කිරීමේ මාවතේ ජයග්‍රහණය කලායින් පසුව ප්‍රශ්නය නිරාකරණය කරගනිමු. ඔක්කොම හිතන්නේ මට අගමැති වෙන්න ඕනි කියලා. එහෙම පිස්සුවක් මට නැහැ.
මාව අගමැති කරන්න කියලා මම කොහෙවත් ඉල්ලීමක් කරලාවත් වෙන කව්රුවත් ඉල්ලීමක් කරලාවත් නැහැ. මම කරන්නේ පක්ෂයට දර දිය ඇදීමක් මිසක් මට තනතුරු බලාගෙන කිරීමක් නෙවෙයි. පාර්ලිමේන්තු ක්‍රමය අනුව අගමැති හැටියට පත්වෙන්නේ පාර්ලිමේන්තු මහා මැතිවරණයකින් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ කැමැත්ත ලබා ගන්න පුළුවන් එක්කෙනා.“
යෝජිත ව්‍යවස්ථ සංශෝධනය ගැන නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුව මගින් යෝජනා කරල තියෙන දේ තමයි මනාප ඡන්ද ක්‍රමය නැති කිරිමත් ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙකු පත් කරන මැතිවරණ ක්‍රම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම හෝ බලතල අඩුකිරීම කියන මේ දෙකම එකවර ක්‍රියාත්මක වෙන්න ඕනේ කියක එක නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල පස්සේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනව කියන එකට අපේ එකඟතාවයක් නෑ“
විපක්ෂ නායකයාට මෙවැනි යෝජනාවක් කිරීමට සත පහක අයිතියක් නැත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දැනටමත් රටේ වැඩි ඡන්ද ලක්ෂ 4 ක් සහිතව ලක්ෂ 62 ක ජනමතයකින් අනුමැතිය ලැබී ඇති බැවිනි. ඡන්ද ක්‍රමය නිසා විධායක ජනාධිපති බලතල නිර්මාණය නොවේ. ජනාධිපති බලතල අහෝසි කිරීම එකකි. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම තවත් එකකි. ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නව කොට්ඨාශ සීමා නිර්නය කිරීමට කල් ගත වන නිසා ජනතාවට පොරොන්දු වූ පරිදි දින සියය තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත් හිටුවීමට කිසිදු හේතුවක් නැත.
නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ඒකාධිපති ජනාධිපතික්‍රමයට කඩේ ගිය කූඨ දේශපාලුවන් උත්සාහ කරන්නේ කල් ගත වන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පෙන්වා විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගැනීමට ය. ඊට කිසි සේත්ම ඉඩදිය නොහැක.
---------------------------
by (2015-02-28 14:15:58)
Leave a Reply
LEN! දූෂිත විධායක ජනපති ක්‍රමය මෙන්ම අනුපාතික පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයෙන් පත්වූවන්ද දූෂිතයි. එවැනි දූෂිත ක්‍රමයකින් පත් වුවන් අතට බලය ඒකරාශි කොට පැවරීම එක ඒකාධිපති වාදියෙකුගෙන් බලය ගෙන රැලකට පැවරීමකි. එය ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමේ මගයි. පුරවැසියා.
-- by nilanthasilva on 2015-03-01
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි