(ලංකා ඊ නිව්ස් -2023.අප්‍රේල්.10, ප.ව.5.25) ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා 2022 වර්ශයේදී රජය විසින් ජාතික අධ්‍යාපන ආයතනයට වෙන් කර තිබූ මුදලින් මිලියන 17 ක් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න විසින් ගසා කා ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා තප්.15,තප්.30 හා තප් 45 වෙළෙඳ දැන්වීම් 4ක් නිර්මාණය කිරීමේ මුවාවෙන් මෙම මුදල ලබාගෙන ඇති අතර ඒවා මේ වන විටත් කිසිදු රූපවාහිනී ප්‍රචාරණයක් සඳහා යොදාගෙන නොමැත.
මෙම කුඩා වෙළෙඳ දැන්වීම් සඳහා වැයවන මුළු මුදල දැනට පවතින වෙළෙඳපොළ මිල ගණන් අනුව රු.මිලියනටත් වඩා අඩු බව සඳහන් වේ.
අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා විසින් මෙම වංචාව සිදුකර ඇත්තේ ප්‍රවිණ නාට්‍ය නිෂ්පාදකයෙකු වන සුනිල් රත්නායක මහතා සමඟ වන බව අනාවරණය වී ඇත.
රාජ්‍ය ආයතනයන්හි වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය "සැලසිනේ" ආයතනය හරහා සිදුකළ යුතු බැවින් එය සුනිල් රත්නායක මහතාට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී විශාල මුදලක් වංචා කර ඇත.
එම කොන්ත්‍රාත්තුව සුනිල් රත්නායක හට ලබාදෙන ලෙස සැලසිනේ ආයතනයට දැනුම් දී ඇත. ලබාදී ඇති ටෙන්ඩර් පටිපාටිය සැලසුම් සහගතව සිදුකර ඇති අතර මෙය සුනිල් රත්නායක හරහා සිදුකිරීම මොවුන් දෙදෙනා අතර ඇති මිත්‍රත්වය මත සිදු වූ ගනුදෙනුවක් බව ඉතාම පැහැදිලිය.
සුනිල් රත්නායක ට මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම වෙනුවෙන් රු.මිලියන 10ක් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ට ගෙවූ බව සුනිල් රත්නායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
නිර්මාණාත්මක කාර්යකදී වැයවන මුදල තීරණය කළ නොහැකි වූවද මෙම වෙළෙඳ දැන්වීම් 4 නිරීක්ෂණය කිරීමේදී ලක්ෂ 170 ක් වියදම් වී නොමැති බව ඉතා පැහැදිලිය.
වර්තමානයේ රට මුහුණ දි ඇති ආර්ථික අගාධය හා අධ්‍යාපනය සඳහා තම දරුවන් පාසලට යවාගත නොහැකිව පීඩා විඳින මෙවන් සමයක රාජ්‍ය මුදල් මෙසේ ගසා කෑමට ඉඩ හැරීම පිළිබඳව අධ්‍යාපන ඇමතිවරයා හා අධ්‍යාපන ලේකම්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන විටත් ගෙන නොමැති බව වාර්තා වේ.
---------------------------
by (2023-04-10 12:09:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි