-චන්ද්‍රප්‍රදීප් ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.18, පෙ.ව.11.45) ජ්‍යෙ.නි. පොලිස්පති දේශබන්දු සිහිනයෙන් පොලිස්පති කිරීමේ මීඩියා බොරුව හෙළිකරමින් ලංකා ඊ නිව්ස් ඊයේ(17) සවස 7.40 ට පළකල "උදේ මාධ්‍ය නාඩගම අතේ රෝල්..! දේශබන්දු වැරදිකරු කරලා; චෝදනාත් කෙටුම්පත් කරලා; බාරත් දීලා..! මෙන්න සාක්කි..!" නම් පුවත සම්බන්ධයෙන් පොලිසියේ කෝකටත් තෛලය වී ඇති අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය පරළ වී තිබේ.
එම පුවත සමග පළ කරන ලද පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට, පොලිස් කොමිෂන් සභාවට යවන ලද ලිපිය 'ලංකා ඊ නිව්ස්' වෙත ලැබුනේ කෙසේදැයි සෙවීමට සීඅයිඩිය පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.
සීඅයිඩිය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යනු දේශබන්දුගේ හෙංචයියෙකි. ප්‍රසාද් රණසිංහගේ නියෝග පරිදි මෙම පරීක්ෂනය ආරම්භ කර තිබේ. පැමිණිලි කෙළේ කව්දැයි නොදනී. පැමිණිල්ලක් නොමැතිව පරීක්ෂනයක් ආරම්භ කරන්නේ කෙසේද කියාද නොදනී.
සීඅයිඩී ලොක්කන්ට යමක් කිව යුතුය. මහජන මුදල් යොදවා පරීක්ෂනයක් කළ යුත්තේ මහජනතාවට අගතියක් වී ඇත්නම් ය. එසේ වීමට නම් පුවත අසත්‍ය එකක් විය යුතුය. එහි පළ කරන ලද පොලිස්පතිවරයාගේ ලියුම අසත්‍ය එකක් විය යුතුය. ඒ එසේ නොවී නම්, පොලිස්පතිවරයා ද එම ලිපිය රහස්‍ය ලේඛනයක් ලෙස සලකා නොමැති නම් පරීක්ෂන පවත්වන්නේ අහවල් රෙද්දකට ද? යැයි අපි සීඅයිඩී ඩීඅයිජී ප්‍රසාද් රණසිංහගෙන් ප්‍රශ්න කරමු.
තමන්ට කැමැති නම් මහජන මුදල් වියදම් නොකර තමන්ගේ අතේ මුදලින් පුද්ගලික රහස් පරීක්ෂකයන් යොදවා තමන්ට අවශ්‍ය විමර්ශනයක් කර ගත්තාට අපෙන් වරදක් නැත. තමන්ගේ පුද්ගලික මුදලින් ලංකා ඊ නිව්ස් එකට තොරතුරු එන්නේ කෙසේදැයි සෙවීමට ගිය හොත් තමුන්නැහේට සිදුවන්නේ සබ්බ සියළු සකලමනාව අහවර කරගෙන හිඟා කන්නට බව අපි දන්නෙමු.
එබැවින් මේ බංකොලොත් රටේ ඔයිට වඩා වැදගත් දෙයකට ඔය මහජන මුදල් යොදවන ලෙස අපි ප්‍රසාද් රණසිංහට දන්වා සිටිමු. මන්ද මහජන මුදලින් ඔහේට වැටුප් ගෙවන්නේ කුඩු සල්ලි වලින් සන්තර්පනය වෙන, නිල ඇඳුම් ලා ගත් ජනතාද්‍රෝහී තක්කඩියන්ට බඩ ගිය විට වතුර අදින්නට නොවේ ය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54
---------------------------
by (2023-03-18 06:45:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි