~

ටිරාං-දේශබන්දු ඩබලේ "වෙන්ඩ පොලිස්පති" නාඩගමේ තිරය රනිල් වසා දමයි..!

-විශේෂ ලියුම්කරුවෙක් හෙළිකරයි

(ලංකා  ඊ නිව්ස් -2023.මාර්තු.07, ප.ව.7.30) දේශබන්දු තෙන්නකෝන් ගේ 'වෙන්ඩ පොලිස්පති නාඩගම' ගැන ලංකා ඊ නිව්ස් විස්තර ගෙන ආවේ වරක් දෙවරක් නොවේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතෙක් බිහිවූ අන්ත දූෂිත නිලධාරීන් කීප දෙනා අතරින් අයෙකු වන දේශබන්දු මෙවර පොලිස්පති සටනට අවතීර්ණ වූයේ ටිරාන් අලස් ගේ ඇමති බලයත්, ශිරාන් බාසික් ගේ කුඩු සල්ලි බලයත් නිසා බව අප කීප වතාවක් විස්තර සහිතව ඔබ වෙත කරුණු ඉදිරිපත් කෙළෙමු.

කෙසේ නමුත් දේශබන්ධු ගේ පොලිස්පති සිහිනය ඉටු නොවෙනා බවට සහතික කළ හැකි ප්‍රවෘත්තියක් මෙසේ සතුටින් ඔබ හමුවේ තබමු.

නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ..

තෙදිනකට කලින් දේශබන්ධු ගේ ප්‍රධාන ගැලවුම්කාරයා වූ ටිරාන් අලස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූයේ දේශබන්ධු ගැන රනිල් ගේ තීරණය දැනගැනීමේ අදහසිනි. නමුත් ඒ හමුව අවසානයේ ටිරාන් අලස් ට සිදු වූයේ නයා මැරුණු අහිකුණ්ඨිකයෙක් සේ හිස් අතින් ජනාධිපති ලේකම්‍ කාර්යාලයෙන් පිටතට ඒමටය.

"ඒ හාදයා ඩ්‍රග් ඩීලර්ස්ලා එක්කයි, පාතාලෙ එක්කයි ඉන්නෙ. මං කොහොමද එහෙම මිනිහෙක් IGP කරන්නෙ. ටිරාන් ඒ ගැන කතා කරන්නවත් මේ පැත්තෙ එන්න එපා" ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිරසාර ලෙස කියා සිටියේය.

"දේශබන්ධු ට ඕනෙ ජේවීපී එකට ගහන්න. මිනිහ එන්නෙම ඔය වැඩේට. සජිත් නම් මිනිහට කැමතියි. හැබැයි එයාගෙ පක්ෂෙ ගොඩක් දෙනෙක් එයාට කැමති නෑ. සජිත් ඉතින් ඔයාගෙ Brother in a another Mother නෙ." රනිල් හිනාවෙමින් වැඩිදුරටත් කියා සිටියේ ටිරාන් ගේ මූන දෙසවත් නොබලමිනි.

අපි ඩිසයිඩ් කරල ඉවරයි..

"අනික අස්ගිරි මල්වතු හාමුදුරුවෝ කැමතිත් නෑ. කාදිනල් නම් කොහොමත්ම කැමති නෑ දේශබන්ධු එනවට. කොහොමත් ම ඒ වැඩේ වෙන්නෙ නෑ ටිරාන්. මට ඒ ගැන කතා කරන්න එන්න එපා. අපි ඩිසයිඩ් කරල ඉවරයි දැන් ඉන්න කෙනාට Extension එකක් දෙන්න. ඊට පස්සෙ උනත් ඉතින් දේශබන්ධු ට ලැබෙයි කියලා හිතන්න බෑ. තව කීපදෙනෙක් ම ඉන්නවනෙ."

ටිරාන් යමක් කියන්න තටමද්දී විනාඩි 8 ක කතාබහ අහවර කළ රනිල් නැගිට ගියේ ටිරාන් ගේ සියලු බලාපොරොත්තු සුන්නද්දූලි කරමිනි. මේ අනුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලැබෙනු ඇත.

මේ අභාවාචක සිදුවීමෙන් පසු දේශබන්ධු ගේ කුලී ලියන්නන් පිරිස කුඩු ශිරාන් බාසික් ගේ වැල්ලවත්ත පිහිටි පර්ල් බීච් හෝටලයට එක්වී "දැන් ඉතින් අපි කුමක් කරන්න ද?" කියා සාකච්ජා කර ඇත.

බුද්ධිමා සෙව්වන්දි..

දේශබන්ධුගෙන් රැකවරණය ලබන වත්තල ප්‍රදෙශය් මසාජ් පාලර් අයිතිකරුවෙකුගේ බිරිඳ වන බුද්ධිමා සෙව්වන්දි නමැත්තිය ද දේශබන්ධු ගේ 'වෙන්ඩ පොලිස්පති' නාඩගම වෙනුවෙන්  කැම්පේන් කරන තැනැත්තියකි. සේයාරුවේ දැක්වෙන්නේ ඇය සහ දේශබන්ධු එක්ව ගත් සේයාරුවකි.

-විශේෂ ලියුම්කරුවෙක් විසිනි

සබැඳි පුවතක්
ශිරාන් බාසික්ගේ කුඩු සල්ලි වලින් රඟදක්වන ටිරාන්-දේශබන්ධු ඩබලේ වෙන්ඩ පොලිස්පති නාඩගම..!

---------------------------
by     (2023-03-07 14:22:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links