-විශේෂ ලියුම්කරුවෙක් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.03, ප.ව.9.10) ශ්‍රී ලංකා පොලිසිය තුල අද වන විට තනතුරු වෙනුවෙන් බලු පොරයක් ඇති බව බොහෝදෙනා දන්නා කරුණකි. දැනට පොලිස්පති ලෙස කටයුතුකරන සී.ඩී.වික්‍රමරත්න ගේ සේවා කාලය නිමවීමට ආසන්න බැවින් ඒ තනතුර ට පත්වීම සදහා බොහෝදෙනා විවිධාකාර ඩීල් දමමින්, ගේම් ගසමින් සිටින බව පොලිස් දෙපාර්තමේන්තුවේ අප ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුට දැනගත හැකි විය.
පොලිස්පති තනතුර සඳහා බොහෝ බලාපොරොත්තු සහිතව කටයුතු කරන අයෙකි බස්නාහිර බාර ජ්‍යෙ.නි. පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්. දේශබන්ධු පොලිස්පති කරවීමේ සටනේ වැඩි බරක් ගෙන ඇත්තේ පොලිසිය භාර ඇමති ටිරාන් අලස්ය. ටිරාන් යනු සිය පියාගේ කීර්තිමත් නම පවා කෙලසමින් ඩීල් දමමින් මඩිය තරකරගන්නා තක්කඩියෙකි. තමාගේ ගාන කැපෙනවා නම් ටිරාන් ට අම්මා තාත්තා වුව කම් නැත.
2005 ජනාධිපතිවරන සටනේදී රනිල් වික්‍රමසිංහ පරදා මහින්ද රාජපක්‍ෂ දිනවීම සඳහා එල්ටීටීඊයට එමිල් කාන්තන් හරහා කප්පම් ලබා දුන් ටිරාන් අද ඒ රනිල් ගේ පොලිස් ඇමතියා වී අද ද රනිල් ට විරුද්ධව කටයුතු කරමින් සිටී.
ටිරාන් - දේශබන්ධු සුසංයෝගය රජකරවීම සඳහා මේ වන විට මුදල් පොම්ප කරවන්නේ ඩුබායි හි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන ශිරාන් බාසික් නැමැත්තාය. ශිරාන් ගේ කුඩු සල්ලිවලින් පෝෂණය වන කුලී ලියන්නන් කීප දෙනෙක් දේශබන්ධු පොලිස්පති කරවීමේ සටන බාරගෙන ඇත. ඒ වෙනුවෙන් ෆේස්බුක් ගෘෘප් පවා අටවාගෙන ඇත. සියල්ල ශිරාන් ගේ කුඩු සල්ලිය.
තකහනියක් දේශබන්ධු පොලිස්පති කරවීමේ අවශ්‍යතාවයක් ටිරාන් ට ඇතිවී ඇත්තේ දේශපාලනික පිබිදීමක් ඇති ජාතික ජන බලවේගයේ ගමන නතර කරවීමට ය. ජෙප්පන්ගේ කට වස්සන්න නම් "තෙන්නේ"ලොකු පුටුවට ගෙන ආ යුතු බව ටිරාන් සැමතැනකම පවසමින් සිටී. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වුවහොත් ඒ දුවනකම් ජනතාවගෙන් ගුටි කෑ පොලිස්කාරයෙක් ලංකාවේ පොලිස්පති වූ පළමු අවස්ථාව එය වනවා ඇත.
දේශබන්ධු වෙනුවෙන් සිදුකෙරෙන මාධ්‍ය මෙහෙයුමට අමතරව දේව කන්නලව් සිදු කිරීමට ද ටිරාන් අලස් රෙදි ගලවා සහභාගි වෙමින් සිටී. පසුගියදා රුපියල් දහදාහේ පඬුරුද සමග කතරගම දේවාලයට ගෙඩි පූජාවක් සිදුකරන්නට ටිරාන් දේශබන්ධු යුගලය කටයුතු කළෝය. සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් 7ගේ අතින් පූජාවට්ටි ටික රැගෙන එන තුරු දේවාලයේ ගල්පඩිය මත ටිරාන් පාන්දර 5 සිට වාඩි වී සිටි බව කතරගම දේවාලයේ සහායක කපු මහතෙක් ලියුම්කරු සමග පැවසීය. දේවාලයට පැමිනෙන ජනතාවගේ මග අහුරමින් උදෑසන පැය දෙකක් පමන දේශබන්ධු පොලිස්පති කරවීමේ දේව කන්නලව්ව පවත්වා ඇත.
ටිරාන් දේශබන්ධු සුසංයෝගය ඇතිවූ සැටි සොයා යාමේදී අප සොයාගත් කරුණක් නම් රන්ජන් රාමනායක අත් අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ හාඩ් ඩිස්ක් දෙකක දුරකතන සංවාද වල මුල් පිටපත දැන් ඇත්‍තේ දේශබන්ධු සන්තකයේ බවයි. දේශපාලඥයින්, ව්‍යාපාරිකයන්, පූජ්‍ය පක්ෂයේ බොහෝ දෙනෙකුගේ රෙදි ගැලවෙන එම හඬ පට පෙන්වා මුදල් ගරා ගැනීමේ වැඩ සටහනක් ටිරාන් අලස් සිදුකරගෙන යයි. ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරනය සිදුකරන්නේ ටිරාන් ගේ පුද්ගලික සහකාර ASP ගුණරත්න සහ දේශබන්ධු ගේ පුද්ලගික සහකාර SP දසනායක නැමති බත් ගොට්ටන් විසිනි. පොලිස් ඉතිහාසයේ දුර්ලභ ලෙස තුන්වන වරටත් සේවා දිගුවක් ලද SP දසනායක විසින් දේශබන්ධු වෙනුවෙන් සිදුකරන මගඩි වෙනමම ලිපියකින් ඉදිරිපත් කෙරෙනු ඇත.
ටිරාන් - දේශබන්ධු දැන් සිටින්නේ පොලිස්පති ධූරය ලැබුනා සේය. මේ කුප්‍රකට දෙබෑයන්ගේ මගඩි එකින් එක ගෙන ඒමට අප සූදානම්ය. එතෙක් අප දේශබන්ධු තෙන්නකෝන් නැමති කටුකන සුනඛයාට කියා සිටින්නේ ඇඟ හිරිවැටෙන පුවතක් ලබා ගැනීමට සූදානමින් සිටින ලෙසයි. කව්රුත් නොසිතන, ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අති බලවත්ව සිටි පවුලකට ඥාතීත්වයක් ඇති අයෙකුගේ නම ද පොලිස්පති සටනට එකතු වීම එම ප්‍රවෘත්තියයි. ඒ නම ගිරුවාපත්තුවෙන් විය හැකි බවද අප දේශබන්ධු - ටිරාන් ට මතක්කර දීමට කැමැත්තෙමු.
---------------------------
by (2023-03-03 15:45:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි