~

"මේක හදිසි අනතුරක් නොව ඝාතනයක්" -43 වැනි සේනාංකයත් කියයි..! "ප්‍රහාරය නීති විරෝධීයි" -මානව හිමිකම් කොමිසමත් කියයි..!

(ලංකා  ඊ නිව්ස් -2023.පෙබ.27, ප.ව.9.15) ජාතික ජන බලවේගය ඊයේ (26) කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශය තුල පැවැත් වූ විරොධතා පා ගමනට එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් පුද්ගලයින් 28 දෙනෙකු රෝහල ගත කිරීමට සිදුවීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.

මානව හිමිකම් කොමිසම දක්වන්නේ එම  ප්‍රදේශය තුල විරෝධතා දැක්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නොතිබූ බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අද සිට පැය 24 ක් ඇතුළත වාර්තාවක් පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා ඇති බවත් එය ලැබුණූ විගස සිය පරීක්ෂනය ආරම්භ කරන බවත් මානව හිමිකම් කොමිසම පවසයි. (මානව හිමිකම් කොමිසමේ නිවේදනය මෙහි පහත ඉමේජයක දැක්වේ)

මේ අතර ඊයේ ප්‍රහාරයෙන් මිය ගිය නිමල් අමරසිරිගේ අභාවය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන 43 වැනි සේනාංකය මේ මරණය ඝාතනයක් බවත් එමගින් රටේ දේශපාලනය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යොමු විය හැකි බැවින් එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට යොමුකිරීමෙන් වළක්වාගැනීමට වගබලා ගන්නා ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදිය.

ජාතික ජන බලවේගය විසින් ඊයේ (27) සංවිධානය කරන ලද විරෝධතාව අතරතුර දී තුවාල ලද එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුර අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ අභාවය සම්බන්ධයෙන් 43 සේනාංකයේ සාතිශය සංවේගය මින් පළ කරමු.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය වෙනුවෙන් වූ මෙම විරෝධතාවය අතරතුර ආණ්ඩුවේ ප්‍රහාරය නිසා සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම හදිසි අනතුරක් ලෙස නොව ඝාතනයක් ලෙස සැළකීමට අපට සිදුව ඇත. මෙය ජනතාවගේ ප්‍රජා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වීමකි. ආණ්ඩුවේ මෙම මර්දන ක්‍රියාවලිය 43 සේනාංකය විසින් තරයේ හෙලා දකිනු ලබයි.

ජනතා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් ගරුත්වයක් නොදක්වමින් ද, ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් ද, ආණ්ඩුව ගෙනයන මේ මර්දනකාරී වැඩපිළිවෙල සමාජය ප්‍රචණ්ඩත්වය කරා ගෙනයමින් තම ජන පීඩක ගමන ඉදිරියට ගෙනයාමේ ආණ්ඩුවේ දුෂ්ට ක්‍රියාන්විතයේ කොටසක් ලෙස ද 43 සේනාංකය සළකනු ලබයි.

මෙවැනි සිදුවීම් මගින් රටේ දේශපාලනය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට යොමු විය හැකි බැවින් එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට යොමුකිරීමෙන් වළක්වාගැනීමට වගබලා ගන්නා ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

43 සේනාංකය

---------------------------
by     (2023-02-28 11:58:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links