~

ආණ්ඩුව ඡන්දය කඩාකප්පල් කරන්න 22 වැනි ගේමත් ගහයි..! රජයේ මුද්‍රණාලයාධිපතිනියගෙන් කොමිසමට අප්‍රභංශ ලියුමක්..! තැපැල් ඡන්දය තියන්න බැරි වෙයිද?

(ලංකා  ඊ නිව්ස් -2023.පෙබ.13, ප.ව. 11.30) රනිල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ඇමරිකානු තානාපතිනියට එක් අතෙකින් පොරොන්දු වෙද්දී තවත් අතෙකින් 21 වතාවක් එය කඩාකප්පල් කිරීමට වෑයම් කළේ ය. දැන් අද 22 වැනි උත්සාහය ද දරා තිබේ. ඒ රජයේ මුද්‍රණාලයාධිපතිනිය ගංගානි ලියනගේ හරහා ය.

තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ මේ මස 22, 23 සහ 24 ය. ඒ සඳහා අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත සැපැයිය යුතු අවසන් දිනය අද (13) ය. එසේ තිබිය දී තැපැල් ඡන්ද පත්‍රිකා නොසැපයූ මුද්‍රණාලයාධිපතිනිය සමස්ථ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා යන පිරිවැය රුපියල් මිලියන 410.6 ක මුදල ඉල්ලා මැතිවරණ කොමිසමට අද ලිපියක් යවා තිබේ. ඇය එයට අදාල නොවන අධිකරණයේ නඩුවක්ද පටලවා ඇත.

වාර්තා වන අන්දමට කොමිසම සහ ඇය අතර සාකච්ඡාවක් හෙට (14) පැවැත්වීමට නියමිත ය.

මුද්‍රණාලයාධිපතිනිය යැවූ ලිපියේ පිටපතක් මෙහි දැක්වෙන අතර වැඩිදුර අධ්‍යයනය සඳහා එය කියවන්න.

මේ අතර මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක දී අදහස් පළ කළ හිටපු අමාත්‍ය පා.ම. චම්පික රණවක මෙසේ කීවේ ය.

"පාර්ලිමේන්තුව මගින් මේ මැතිවරණය කල් දැමීමට කිසිම ඉඩකඩක් දැන් නැහැ. ඒ සඳහා ගෙනා අණපනත් ආදියෙන් කිසිම බාධාවක් නැහැ. අධිකරණය පැත්තෙන් සැකමුසු භාවයක් තිබුණා නම් පසුගිය 10 වනදා අධිකරණය ඉදිරියේ මැතිවරණ කොමිසම කළ ප්‍රකාශයෙන් එය නැතිවී ගියා. දැන් කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා මැතිවරණ කොමිසමට දෙන වියදම් නතර කරන්න. මාර්තු 09 පෙර මැතිවරණ කොමිසම පැත්තෙන් සිදුවිය යුතු විශාල රාජකාරී ප්‍රමාණයක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ තැපැල් ඡන්දය පැවැත්වීම. එය පෙබරවාරි 22,23,24 දින යොදලා තියෙනවා. ඒ සඳහා ඡන්ද කාඩ්පත් අපේ නිවෙස්වලට ලැබෙන්න ඕනේ 19 වනදා. 19 වෙනිදට ඡන්ද කාඩ්පත් ලැබෙන්න නම් දැන් ඒවා මුද්‍රණය කරලා ඒවා බෙදාහැරීමේ ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ මැතිවරණය 09 වනදා එකපාරට අහසින් වැටුණා වගේ කරන්න බැහැ. ඡන්ද පත්‍රික මුද්‍රණය, බෙදාහැරීම, අදාළ ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ආරක්ෂක සේවාවන් සූදානම් කිරීම, තැපැල් ඡන්දය පැවැත්වීම යනාදිය කලයුතුයි. මැතිවරණ කොමිසම ඒ අභියෝගය භාර අරගෙන කරගෙන යනවා. ඉතින් මැතිවරණ කොමිසමට මේ සඳහා මුදල් සපයන්නේ නැහැ කියලා රාවයක් දැන් පවත්වගෙන යනවා. මුදල් නැහැ කියන එක කිසිසේත්ම උත්තරයක් නෙමෙයි, මෑත කාලයේ ආණ්ඩුව පවත්වපු උත්සව දිහා බලනකොට. ආණ්ඩුවේ ආදායම් ගැන බලනකොට දවසක ආණ්ඩුවේ ආදායම තමයි මේ මැතිවරණය පවත්වන්න යන්නේ. මෑතදී විශාල උද්ඝෝෂණයක් ඇති වුණා වෘත්තීයවේදීන්, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, කළමනාකාර සේවාවලින් තමන්ට අතිරේක බදු (PAYE tax) පනවලා තියෙනවා කියලා. ඒ බද්දෙන් මේ වගේ මැතිවරණ 10 ක් පවත්වන්න පුළුවන්. නීතිය දන්න නිලධාරීන් හැටියට, මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා මතක තබා ගත යුතුයි මෛත්‍රීපාල සිරිසේන මහතාට , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්තුමාට, පොලිස්පතිතුමාට, බුද්ධි අංශ නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දීපු නඩු තීන්දු. ඒ නඩු තීන්දුව මඟින් ඉතා නිශ්චිතව අමාත්‍යංශ ලේකම්වරු තමන්ට ව්‍යවස්ථාවෙන් පැනවී තිබෙන නියෝග පිළිපැදීමට අනිවාර්යෙන් බැඳී සිටිනවා කියන දේ පෙන්වා දුන්නා. නීතිගරුක නිලධාරියෙක් හැටියට එතුමා ඒ කාර්යය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

මුද්‍රණාලයාධිපතිනිය අද යැවූ ලිපිය පහත ඉමේජ වල දැක්වේ

---------------------------
by     (2023-02-13 19:00:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links