~

රාජපක්ෂලාගේ වහල්ලු 'වහල් දූපත' නිදහස් කරනවා ලු..! අගමැතිකාරයාගෙන් නිවේදනයක්..!

(ලංකා ඊ නිව්ස් -2023.පෙබ.02, ප.ව.4.50) හදිසි අනතුරකට ලක්වන රෝගී ජනතාවට පුළුන් කෑල්ල සහ ප්ලාස්ටරය රැගෙන එන්නැයි කියන තරමට ජාතික රෝහල් හදිසි අනතුරු සේවය ඇද වැටී තිබෙන ලකේ එකසිය තිස් තුනේ ජනාධිපතිකාරයා රනිල් රාජපක්ෂ, කිසිදා ඉටු නොවූ, යලි ඉටු වේය කියා විශ්වාස කළ නොහැකි තම පටු පුද්ගලික සොමිය වන "නිදහස් උළෙලේ වීරයා වීමේ" සිහිනය උදෙසා මහජන මුදල් කෝටි ගණනක් විනාශ කරමින් ඔහු ද රාජපක්ෂලාගේ වහලෙක් වී සිටිය දී නිදහස වෙනුවෙන් "වහල් දූපත නිදහස් කළා" යි අගමැතිකාරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ මෙතෙක් කාලයක් සිංහලෙන් සහ දෙමළෙන් කොම්පඤ්ඤවීදිය කියා හැඳින්වූ නමුත් 'ස්ලේව් අයිලන්ඩ්' හෙවත් 'වහල් දූපත' කියා ඉංග්‍රීසියෙන් හැඳින්වූ කොළඹ 02 ප්‍රදේශය ලබන නිදහස් දා සිට ඉංග්‍රීසියෙන් ද කොම්පඤ්ඤවීදිය කියා හැඳින්වීමට ක්‍රියා කරන බවයි. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.  

වහල් දූපත නිදහස් කෙරේ...

ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැඳින්වූ  කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිතා කිරීමට අදාලව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි හැත්තෑපස් වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුම්වත් කර තිබේ.

සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිතා කළ ද යටත් විජිත සමයේ එම පෙදෙස හැඳින්විමට යොදාගත්  Slave Island යන නාමකරණය මේ දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කෙරේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

---------------------------
by     (2023-02-02 11:24:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links