-සතී පනාවැන්න හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.පෙබ.02, ප.ව.4.20) රජයට පවරා ගන්න පෙර ඇපලෝ රෝහල, එහෙම නැත්නම් අද අප හඳුන්වන නාරාහේන්පිට පිහිටි ලංකා රෝහල, ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන පෞද්ගලික රෝහල් වලින් එකක්. අංග සම්පූර්ණ රෝහලක් වන මෙමගින් දිනකට දෙස් විදෙස් රෝගීන් විශාල ගණනක් ප්‍රතිකාර ලබා ගන්නා අතර දිනක ආදායමද ඊට නොදෙවෙනි නෑ. ආයතනයේ පාලන අධිකාරියම දක්වා ඇති පරිදි 2022 අවසන් මාස හයේ රෝහලේ ආදායම බිලියන 7 ක්. මෙයට පෙර පෞද්ගලික පරිපාලනයක් තිබුණ මෙම ආයතනයට කන කොකා හඬන්නට පටන් ගන්නේ රාජපක්ෂ පාලනයත්, එය එලෙසම පවත්වාගෙන යන රනිල් රාජපක්ෂ පාලනයත් නිසා. කොටින්ම කිව්වොත් දැන් ලංකා හොස්පිට්ල් කියන්නේ, මහ බැංකුවේ ඩොලර් බින්දුවට හින්දලා, කිසිම ඩොලර් හිඟයක් නැ කියමින් මීඩියා කොන්ෆරන්ස් තියපු, ඒ ආර්ථික ඝාතනය ගැනම පොත් ලියලා විකුණන අජිත් නිවාඩ් කබ්රාල්ගේ බිරිඳ, රෝෂිනී සුනේත්‍රා කබ්රාල් සහ හොර රැළගේ පෞද්ගලික බූදලයක්. පරිපාලනය සහ ආයතන රනිල් රාජපක්ෂට වෙනස් කළ හැකි ඔහුගේ විෂය පථයට අයත් වුනත්, ඔහු අද "කපුටාස් ප්‍රිසන්" එකේ හිරකරුවෙක්.
රාජපක්ෂලා එක්ක හිටපු සෙට් එක කියන්නේ කොහොමත් ගුවන් ගමන් රට සවාරි ඇඹලයන්. උපසභාපති වෙන රෝෂිනී සහ ඇගේ හොර නඩයටත් ඒ උණ ඒ විදියටම තියෙනවා. ඒ අනුව රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත වී.අයි.එස්. පද්ධතිය, එහෙම නැත්නම් රෝහල් තොරතුරු පද්ධතිය මිළදී ගැනීම සොයා බලන්න පසු ගිය දා ඉන්දියාවට ගිය නඩය 15 ක්. මේක මේ රෝහලට ඕන සිම්පල් සොෆ්ට්වෙයාර් එකක්. ලක්ෂ 50 කට අධික මුදලක් රෝහල ගානේ වියදම් කරගෙන 15 ක් යන්න ඕන ගමනක් නෙවෙයි. යන්නම ඕන නම් අදාල අයි.ටී. සම්බන්ධ දෙතුන් දෙනෙක් ගියා නම් ඇති. අනෙක මේවට පිටරටට ඇදිලා යන්නෙත් අපේ සොච්චම් ඩොලර් ටිකෙන්. මේක කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් කම්පැනි ඕන තරම් ලංකාවේ තියෙනවා. මොරටුවේ හෝ ස්ලිට් එකේ ෆයිනල් ඉයර් එකේ ලමයින්ට ඇසයිමන්ට් එකකට දුන්නත් මේ වගේ එකක් ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. මොකද සොෆ්ට්වෙයාර් ඩේටා බේස් කියන්නේ දැන් රොකට් සයන්ස් නෙවෙයි. නමුත් රෝෂිනි කබ්රාල් මේ වගේ චාන්ස් පාවිච්චි කරන්නේ සිය එහෙයියන් සතුටු කරන්න. මීට අමතරව "හෙල්ත් ටුවරිසම්" ගැන බලන්න පසු ගිය දා ඩුබායි වලටත් මේ වගේම නඩයක් ගිහින් තිබුණා. ඒ ගියා කියලා ආපු එක හෙල්ත් ටුවරිස්ට් කෙනෙක් වත් නෑ. මොකද ඩුබායි වල ෂොපින් ගියා කියලා ලංකාවට ටුවරිස්ට්ලා එන්නේ නෑ. ඒ උනාට මෙවැනි රට සවාරි සියල්ල ගෝල බාලයන්ට ලැබෙන අල්ලස්.
කබ්රාල්ටත් මේ උණ මේ විදියටම තිබුණා කියලා ඔබට මතක ඇති. ලංකාවට කොමන් වෙල්ත් ගේන්න ගිහින් රටේ සල්ලි වලින් කෝච්චි ගිය ඔහුගේ ඇඹේනියටත් ඒ මේනියාව ලෙසටම තියෙනවා. කොළඹ පිහිටි ප්‍රසිද්ධ හෝටල් වල ආයතනය ගානේ විවිධ පාටි මාසෙකට වතාවක්වත් ජයටම දානවා. පසුගියදා බෙස්ට් වෙස්ටර්න් හෝටලයේ 100 කට අධික පිරිසක් ගෙන්වමින් නව වසර සැමරුවේත් ආයතනයේ මුදලින්. විදෙස් මත් පැන්, මස් මාංශයෙන් සපිරි පාටිය ඉවර වෙද්දි එළිවෙන ජාමයට ආසන්න වෙලා තිබ්බා. මැනේජ්මන්ට් එක ඇතුළුව පරිපාලකයෝ ආවේ හතර ගාතෙන්. ඒ වියදම ඔවුන්ගේ සාක්කුවෙන් නම් නෙවෙයි. ලංකා හොස්පිට්ල් එකෙන්. තමන්ගේ මුදලින් පාටි දානවා නම් ලංකාවේ නෙවෙයි, ලෝකේ හොඳම එකේ පාටි දැම්මත් අපට නම් කිසිම අවුලක් නෑ, ඒත් මේ තමා අසරන රෝගීන්ගෙන් සූරා කන මුදලට වෙන දේ. ඒවා යන්නේ භාණ්ඩාගාරයට හෝ නැවත ආයතනේ දියුණුවට හෝ සේවක යහපතට, නෙවෙයි.
රජයට අයත් ආයතනයක් උනත් ලංකා රෝහලට රජයේ නීති අදාලම නෑ. විශ්‍රාම යන වයසක් නැ. සාමාන්‍ය සේවකයෙක් නම් 60 න් යන්න ඕන උනාට රෝෂිනීගේ ගොට්ටෙක් නම් 60 පැන්නට අවුලක් නැ. මේ රූපයේ ඉන්නේ එහෙම 60 පැනපු කෙනෙක් ආයතනය ගානේ රට සවාරි ගිහින් ඉන්න හැටි. ඒ වගේම දැනට ආයතනයේ මානව සම්පත් අධ්‍යක්ෂක ලෙස ඉන්න නාරි මාංශයත් ඒ වගේ. වැඩට එන්නේ නැ. නමුත් පරිපාලන අංශයේ තමන්ගේ ගොට්ටන් ලවා තමන්ගේ ඇඟිලි සටහන් ටයිම් එක වෙනස් කරවන් හැම මාසේම සම්පූර්ණ වැටුප ලබා ගන්න නම් කිසිම පසුබටවීමක් නෑ. මේ ගැන පසු ගිය කාලයේ විශේෂ පරීක්ෂනයක් කරලා ඇය වැරදි කාරිය වශයෙන් තීරණය වුනත්, තවමත් පුටුවේ රැඳී ඉන්නේ අර මොකක්ද එකේ අනුහසින් කියලා තමයි සේවකයන් කියන්නේ. විශේෂම කරුණ රෝෂිනී කබ්රාල් ඇයව ලංකා රෝහලේ මේ පුටුවට ගෙන එන්නට පෙර වෙනත් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කරමින් සිටිය දී, එතැනින් සේවයෙන් ඉවත් කර තිබෙන්නේ මෙවැනි වංචා හා දූෂණ වලට වැරදිකරු කරමින්. නමුත් කොතැන හෝ ඉන්න ඕන හොරෙක් නම් රාජපක්ෂලාට හෝ ඒ සමාගමේ ගෑවුන කබ්රාල්ලාට සම්පතක්. ඒක නිසා තවම ඔවුන් පුටු වල යහතින් වැජඹෙනවා.
ආයතනයම කියන පරිදි මාස 6 කට බිලියන 7ක ලාභයක් ලැබුවා නම්, වෙනදා ක්‍රමය තමයි වසර අවසානේ බෝනස් දෙන එක. මොකද ආයතනය මේ ලාභය උපයාගන්නේ සේවකයන්ගේ මහන්සියෙන්, කැපවීමෙන්. නමුත් රෝෂිනී කබ්රාල් නෝනට ඒවා අදාලම නැහැ. මොකද ඔවුන්ට ඕන ඔවුන්ගේ සෙට් එක කාලා බීලා ෆන් ගන්න එක පමණයි. ලංකාවට උනෙත් ඔය ටිකමයි. ඔවුන් හිතුවේ ඔවුන්ගේ පවුල සහ නැදෑ හිතවතුන් ගැන පමනයි. ඒක නිසා හැට පැන්න සුනිල් ගමගේලා, රස්සාවට එන්නෙත් නැති එච්.ආර්. නෝනලා එකතු වෙලා කළේ එක අත්සනින් සේවකයන්ට කෙලවෙන්න බෝනස් එක කපා හැරපු එක. ඒ උනාට බෝනස් වලට වෙන් කළ මුදල ඔවුන් රට යද්දි ඩේ කෑෂ් විදියටත්, වෙනත් ආකාර වලින් පාටි දාන්නත් ඩබල් එකේ ආයතනයෙන් ගන්න ඔවුන් අමතක කළේ නෑ.
දැනට තියෙන ආරංචියේ විදියට ලංකාවේ එක් ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනි චැනලයක් මිළදී ගත් සමාගමකට ලංකා රෝහල විකුණන්න රනිල් රාජපක්ෂ සූදානම් වෙනවා. ඊට කලින් ආයතනයේ වත්කම් හින්දවලා ඒ ටික තම තමන්ගේ සාක්කුවට දා ගන්න එක තමයි රෝෂිනී කබ්රාල් ඇතුළු නඩයේ ප්‍රථම රාජකාරිය. ඒවට ගහන ප්ලෑන් වලින් 10% ක්, ආයතනයේ දියුණුවට ගැහුවා නම් අද වෙන කොට ලංකා හොස්පිට්ල් එකට දකුනු ආසියාවේ බොහෝ රට වලින් රෝගීන් ගෙන්ව ගන්න තත්වයක් ඇති කර ගන්න තිබ්බා. ඒ උනාට හොරාගේ මොළේ වැඩ කරන්නේ හොරකම් කරන විදිය ගැන සිතන්න මිසක් ආයතනයක් රටක් ගොඩ දාන්න කොහොමද කියන එක ගැන හිතන්න නෙවෙයි. නමුත් රෝහලේ හෝ රටේ අවාසනාවට වත්මන් පරිපාලනයේ තේමා පාඨය "ආ රෝගියා - පරමා ලාභා" වීම හැමෝගෙම අවාසනාවක්.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69
---------------------------
by (2023-02-02 10:57:01)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි