-විශේෂ ලියුම්කරුවෙකු හෙළි කරයි
(ලංකා ඊ නිව්ස් -2023.ජන.22, ප.ව.8.10) ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කරන නොයෙක් දේශීය ව්‍යාපාරිකයන් 'දේශීය' ලේබලයෙන් දේශීය ජනයාටම වින කිරීම දැන් බහුලව දැකිය හැකි කරුණකි.
අපගේ මේ හෙළිදරව්ව මධ්‍යම පාළාතේ ගම්පොල ප්‍රදේශයේ පිහිටුවා ඇති "ක්රිස්බ්රෝ" "CRYSBRO" යන වෙළෙඳ නාමයෙන් කුකුල් මස් නිෂ්පාදනය කරන ක්රිස්බ්රෝ ගෲප් සමාගම් ජාලය පිලිබඳවයි. ක්රිස්බ්රෝ ගෲප් සමාගම් ජාලය "ෆාර්ම්ස් ප්‍රයිඩ් පුද්ගලික සමාගම" කේන්ද්‍රීය කරගත් සමාගම් 4 කින් යුක්ත ය. මෙම සමාගම පිළිබඳව මෑතකදී වැඩි කථාබහක් ඇතිවූයේ 'මහින්ද සමග නැගීටීමට' මහින්දානන්ද අළුත්ගමගේ සංවිධානය කළ නාවලපිටියේ රැස්වීමට ක්රිස්බ්රෝ ආයතනයේ සේවකයන් 584 ක් ක්රිස්බ්රෝ විසින්ම අතිකාල මුදල් ගෙවා යැවීමත් සමගය. (ඊට සාක්කි සපයන වීඩියෝ අප සතුය).
2007 වසරේදී ගම්පොල ප්‍රදේශයට 'හෙපටයිටිස් ඒ' hepatitis A වසංගතයක් ඇතිවිය. අක්මාවට දරුණු හානි ගෙන දෙන එකී වසංගතයෙන් බොහෝ කුඩා ළමුන් කාන්තාවන් මිය යාම පාවා සිදු විය. මැයි 26 දා සහ ජුනි 1 දා අතර පමණක් ගම්පොලින් හෙපටයිටිස් ඒ රෝගීන් 43 ක හා මහනුවරින් රෝගීන් 210 ක ඉහල යාමක් සිදුවිය. මේ පිළිබඳව ස්වාධීනව රාජකාරි කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනා විසින් සොයාගන්නා ලද්දේ ගම්පොල ප්‍රදේශයෙන් මහවැලි ජලය අපවිත්‍රවීමක් සිදු වී මහනුවර ජනයාට ගම්පොලටත් වඩා හානියක් සිදුව ඇති බවයි.
ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ පිහිටා ඇති ක්රිස්බ්රෝ ආයතනයට මහවැලි ගඟෙන් නොමිළේ ජලය ලබාදීමට කටයුතු කරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය. ඔවුන් ජලය වෙනුවෙන් රජයට මුදල් ගෙවා ජල සම්පාදන මණ්ඩලයෙන් නිසියාකාරව ජලය ලබා ගත්තේ නම් ඔවුන්ගේ ජල බිල්පත මිලියන ගණනක් විය හැකිව තිබිණි. නමුත් එසේ සිදුනොවී ෂෝර්ට් කට් එකක් මහින්දානන්ද සොයා දී තිබිණ. මෙසේ ලබා ගන්නා ලීටර ලක්ෂ ගණනක් වූ මහවැලි ජලයෙන් ක්රිස්බ්රෝ කුකුල් මස් වල ලේ සේදීම සිදුකරයි. පසුව අපිරිසිදු ජලය කිසිදු පිරිසිදු කිරීමක් නොකර යළි මහවැලි ගඟටම මුදා හරියි. ගම්පොල සහ මහනුවර හෙපටයිටිස් ඒ වසංගතය සහ මරණ සිදුව ඇත්තේ එකී කුකුල් මස් සෝදන අපිරිසිදු ජලය හේතුකොට ගෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ වාර්තා කළහ. මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ නීතිමය බලපෑම නිසාම ක්රිස්බ්රෝ ආයතනයට අපිරිසිදු ජලය පිරිපහදු කරන යන්ත්‍ර සවි කිරීමට එවකට උසාවියෙන් නියෝග කෙරිණ. අධිකරණ නියෝගයෙන් පසුවද අපිරිසිදු ජලය 100% ක්ම පිරිපහදු කොට යලි පානය කළ හැකි ජලය ලෙස පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වලට අධික වියදමක් යන බැවින් ක්රිස්බ්රෝ අපූරු උපායක් ගෙන ආවේ ය. ඒ නම් මහින්දානන්ද අලුත්ගමගේ නම් ප්‍රදේශයේ දේශපාලන බලවතාට මිලියන 72 ක පගාවක් දී වැඩේ ෂේප් කර ගැනීමයි. ඒ අනුව ජලය 100% ක් පිරිසිදු නොකෙරන සරල පෙරණ යන්ත්‍රයක්, එයද ඉන්දියාවෙන් ඉවත් කරන ලද එකක්, සවිකොට එයට මහින්දානන්දගේ බලපෑමෙන් අනුමත කරවා ගෙන නඩුවෙන් මිදීමයි.
2007 දී තරම් ඈත කාලයේ දී රුපියල් මිලියන 72 ක් යනු විශාල මුදලකි. එම මුදල අල්ලස් ලෙස ලබා ගත් මහින්දානන්ද ක්රිස්බ්රෝ වැඩේ තිතට කර දුන්නේ ය.
ජලය නැවත පානයට හැකි ලෙස 100% පිරිසිදු නොකෙරන බැවින් දිගින් දිගටම හෙපටයිටිස් ඒ වසංගතය ගම්පොල සහ මහනුවර නගර වලින් මතු වීම සුලබව දැකිය හැකි වූ අතර අවසානයේ ඊට ද පිහිට වූයේ මහින්දානන්ද අලුත්ගමගේ නම් දේසපාලුවා ය. ඒ අනුව මහින්දානන්ද එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේනගේ ද පූර්ණ සහාය ලබාගෙන, තමන්ට අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා MOH නිලධාරීන් ගම්පොලට හා මහනුවරට අනුයුක්ත කොට, ක්රිස්බ්රෝ ආයතනයේ මාසික සන්තෝෂම් දීමනාවලට යටත් කොට, "හෙපටයිටිස් ඒ (කහ උණ) " වසංගතය ගම්පොලින් සහ මහනුවරින් සදහටම තුරන් කෙළේය. ඉන් නොනැවතී මහනුවර ප්‍රාදේශීය වාර්තාකරුවන්ද මුදලට මිලදී ගෙන පුවත් පිටවීම වළක්වා ගත්තේ ය. රජයේ වාර්ෂික සෞඛ්‍ය වාර්තා වලට ගම්පොල සහ මහනුවරින් හෙපටයිටිස් ඒ වසංගතය ගැන තොරතුරු 90% ක්ම අඩුකොට යැවීම සිදු කෙරේ.
රෝහල්වල තීන්ත ගෑම වැනි සිල්ලර වැඩ හරහා ගම්පොල ජනතාවගේ සුවය ගැන සොයා බලන බව ජඩ මාධ්‍ය ඔස්සේ නිතර පෙන්වන ක්රිස්බ්රෝ සමාගම යනු සත්‍ය වශයෙන්ම ගම්පොල මහනුවර ජනතාව රහසේ ලෙඩ කරවන ජන සතුරෙකි. නිරන්තරයෙන්ම ජනසතුරන් සමග නිදිවදින මහින්දානන්ද අලුත්ගමගේ ද ඒ හා සමාන ජනසතුරෙකි.
ගෝඨාභය රාජපක්ෂගේ රජයේ පළමු අයවැයෙන් එවකට විෂය බාර අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ සියළුම කුකුල් මස් නිෂ්පාදකයින් සඳහා වසර පහකට බදු රහිත කාලයක් ලබාදීම පිටුපස ද සිදුවී ඇත්තේ විශාල අල්ලසක් බව දැන් තහවුරු වී ඇත. ක්රිස්බ්රෝ ජාලය හිමි "සාෆික් සමාජ් මොහොමඩ්" සමස්ත කුකුල්මස් නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති බැවින් මෙන්ම සමස්ත කුකුල්මස් වෙළඳ පොලෙන් වැඩිකොටසක් ඔහුට හිමි බැවින් ද ඔහුගේ මුලිකත්වයෙන් කුකුල්මස් නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ මුදල් රුපියල් මිලියන 500 ක් මහින්දානන්ද අලුත්ගමගේ වෙත ලබා දී ඇත. මේ මුදල ඔවුන් නිසි ලෙස රජයට බදු ගෙවන්නේ නම් ඊට වඩා විශාල අඩු මුදලකි. මහින්දානන්ද සඳහන් කොට ඈත්තේ මිලියන 500 න් මිලියන 300 ක් මහින්ද රාජපක්ෂට දිය යුතු බවයි.
සාෆික් සමාජ් මොහොමඩ් සහ ඔහුගේ සොයුරු මොහොමඩ් ඉම්තියාස් ක්රිස්බ්රෝ සමාගමේ අයිතිකරුවන් ය. බයිරහා අයිතිකරුවන් ද මොවුන්ගේ පවුලේ ඥාතීන් ය.
මෙසේ විශාල අල්ලසකින් සමස්ත කුකුල්මස් නිෂ්පාදකයින්ගෙන් වසරකට බදුලෙස රජයට ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන ගණනාවක් මහා භාණ්ඩාගාරයට අහිමි කොට දැන් මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ ජනතාවට නව බදු ගැසිය යුතු බවයි. රටේ දරුවාගේ පොත පතට බදු ගැසූ, රටේ දියණියන්ගේ සනීපාරක්ෂක තුවායට බදු ගැසූ ඔවුහු මධ්‍යම පළාතටම හෙපටයිටිස් ඒ වසංගතය පතුරුවන ක්රිස්බ්රෝ කුකුල් මස් නිෂ්පාදක සමාගම ඇතුළු මහා පරිමාණ කුකුල් මස් නිෂ්පාදකයින්ට බදු සහන දුන්හ. මධ්‍යම පළාතේ රඟන කෙහෙළිය රඹුක්වැල්ල පවා ක්රිස්බ්රෝ සමාගම් ජාලයෙන් මාසිකව අල්ලස් ලබන්නෙක් වන අතර එය ඇමති වැටුපට බොහෝ සෙයින් වඩා වැඩි නිසා කෙහෙළිය රඹුක්වැල්ල ද සෞඛ්‍යය ඇමැතිකමට වඩාත් කෑදර වී තිබේ.
අපගේ ඉහත කී තොරතුරු වැරදිනම් ගම්පොල ජනතාවට පොදු ආරාධනයක් කොට මහින්දානන්ද අලුත්ගමගේ හෝ සාෆික් මොහොමඩ් යන දෙදෙනාගෙන් අයෙක් ක්රිස්බ්රෝ සමාගම මහවැලි ගඟට මැරූ කුකුලන් සේදූ ජලය දමන යන්ත්රයයෙන් මහවැලි ගඟට දැමීමට පෙර ජලය වීදුරුවක් ලබාගෙන දෙදෙනාගෙන් අයකුගේ දරුවෙකුට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ බීමට ලබා දී පෙන්වන්නේ නම් ඔබලා නිවැරදි බව ඔප්පු කළ හැකිය. ඔබට මේ සදහා මාසයක කාලයක් ලබා දෙන අතර ඒ කාලය තුල හෝ දියුණු යන්ත්‍ර සවිකොට ඔබගේ නිවැරදි භාවය එකී කාලය තුල සිදුකර ඔප්පු කළ හැකි ය. මාසයක් ඇතුලත මෙය සිදු නොවන්නේ නම් අප නිවැරදිය.
එනම් මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්රිස්බ්රෝ සමාගම මහනුවර ගම්පොල ජනතාව රහසේ ලෙඩ කරවයි. රෝගය, හෙපටයිටිස් ඒ හෙවත් කහ උණ.
---------------------------
by (2023-01-23 11:08:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි