-විභාග දෙපාර්තමේන්තුවේ අවංකයෝ හෙළිකරති
(ලංකා ඊ නිව්ස් -2023.ජන.17, ප.ව.11.30) හොරුන් සහ තක්කඩියන් විසින් මෙහෙයවන ලබන රජයක එවන් කම්බා හොරෙකු සහ තක්කඩියෙකු නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත්කර ඇති බව සංවේගයෙන් දැනුම්දෙමු. විභාග දෙපාර්තමේන්තුව රඳා පවතින්නේ විශ්වාසනීයත්වය මත නමුත් විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත්කළ H.J.M.C. අමිත් ජයසුන්දර යනු විභාග පනත උල්ලංඝනය කරන ලද කම්බා හොරෙකු තක්කඩියෙකු බව සාක්ෂි සහිතව මේ සමග හෙළිදරව් කර සිටිමු. මේ හෙළිදරව්ව අසත්‍ය නම් කියන ඕනෑම දඬුවමකට යටත් වන බවද වැඩි දුරටත් දැනුම් දෙමු..!
H.J.M.C. අමිත් ජයසුන්දර යනු එවකට රහස්‍ය ශාඛාව භාරව සිටි සහකාර කොමසාරිස් වරයා බවද ඔහු විභාග දෙපර්තමෙන්තුවට බඳවා ගැනීමේදී රහස්‍යතා දිවුරුමක් දී ඇති බව ද ඔහුගේ පුද්ගලික ලිපිගොනුව පරිහරණය කිරීමෙන් දැනගතිමු. ඒ අනුව විභාග අපේක්ෂකයෙකුට වඩා වැඩි වගකීමක් සහ රාජ්‍ය නිලධාරියෙකු ලෙස ද, රහස්‍ය ශාඛාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කරන බැවින්ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී ඇති නීතිඥ වරයෙකු වන බැවින් ද H.J.M.C. අමිත් ජයසුන්දර විභාග කොමසාරිස්ට අන් හැමටම වඩා වැඩි වගකීමක් සහ බැඳීමක් ඇති බව පැහැදිලිය. වෙනත් රාජ්‍ය ආයතන වලට වඩා විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම දෙනා රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට බැඳී ඇති බවද රහස්‍ය ශාඛාවේ සේවාවන් කිරීම සඳහා තෝරාගනු ලබන්නේ ද පොලිස් වාර්තා පවා විමර්ශනය කර අවංක නිලධාරින් බව ද සඳහන්කළ යුතුය.
මින්පෙර විභාග දෙපාර්තමේන්තුවේ කිසියම් වංචාවක් සිදුවී ඇත්නම් ඒ ප්‍රශ්නපත්‍ර වල ප්‍රශ්න පිටවීම ලකුණු වෙනස්වීම වැනි දෑ වුවද ඉන් ඔබ්බට ගොස් මුළු විභාගයේම සියලුම ප්‍රශ්නපත්‍ර සහ ඒ සඳහා ලබාදෙන උත්තර සමග ලකුණු දීමේ පටිපාටිය ද පිටතට ලබාදීමෙන් සිදුකර ඇත්තේ අතිශය බරපතල වරදක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවැනි බරපතල වරදක් කර ඇත්තේ ඒ අන්කිසිවකු නොව නීතිඥ වරයෙකු ද වන මේ නව විභාග කොමසාරිස් H.J.M.C. අමිත් ජයසුන්දර විසින් බව ජනතාවට කීවොත් ඔබ පුදුම වනු ඇත. නමුත් සත්‍යය එයයි.
H.J.M.C. අමිත් ජයසුන්දරගේ සොහොයුරා වන H.J.M.M.S. ජයසුන්දර 2003 වසරේදී රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්‍ෂමතා කඩඉම් 2001 (2003) විභාගයට පෙනී සිට ඇත. ඒ වන විට H.J.M.C. අමිත් ජයසුන්දර රහස්‍ය ශාඛාවේ විභාග කොමසාරිස් ලෙස සේවය කළ අතර මෙම විභාගය සඳහා සියලුම ප්‍රශ්නපත්‍ර සකස් කරනු ලබන්නේ ද ඔහු සේවය කරන ලද රහස්‍ය ශාඛාව විසිනි. මෙම ප්‍රශ්නපත්‍ර සැකසීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එවකට සිටි නියෝජ්‍ය ආයතන අධ්‍යක්ෂ සෝමදාස මහතා විසින් සිදුකළ අතර ලකුණු දීමේ පටිපාටිය සහ එම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු H.J.M.C. අමිත් ජයසුන්දර විභාග කොමසාරිස් වරයා වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නියෝජ්‍ය ආයතන අධ්‍යක්ෂ සෝමදාස මහතා විසින් මුද්‍රා තබා භාර දී තිබේ. ඉන් පසු විභාගය පැවැත්වූ අතර පිළිතුරුපත් ලකුණු කිරීම සඳහා පරීක්ෂකයන් වෙත විභාග අපේක්ෂකයන්ගේ පිළිතුරුපත් භාරදුන්නේ ය. H.J.M.C. අමිත් ජයසුන්දරගේ අවාසනාවට ඔහුගේ සොහොයුරා H.J.M.M.S. ජයසුන්දරගේ පිළිතුරුපත් මෙම විභාගයේ ප්‍රශ්නපත්‍රය සෑදූ නියෝජ්‍ය ආයතන අධ්‍යක්ෂක සෝමදාස මහතා අතටම පත්විය. ඔහු එම පිලිතුරුපත්‍රය පරික්ෂාකර බැලීමේදී ලකුණු දීමේ පටිපාටියම එලෙසම ලියා ඇති බව දැනගත් සෝමදාස මහතා වික්ෂිප්ත වුයේ මෙම ලකුණුදීමේ පටිපාටිය පිළිතුරු ද සමග මෙම විභාග අපේක්ෂකයා අතට පත්වුයේ කෙසේද කියා ය. වහාම මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් වරයා ඇමතු ඔහු මේ පිළිබඳව එවකට සිටි විභාග කොමසාරිස් ජනරාල් වරයාට ලිඛිතව පැමිණිලි කළේ ය.
ඉන් අනතුරුව මේ පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී හෙළිවූයේ H.J.M.C. අමිත් ජයසුන්දර විසින් විභාගයට පෙරම තම සොහොයුරා H.J.M.M.S. ජයසුන්දරට ලකුණු දීමේ පටිපාටිය පිළිතුරු සමගම ලබාදී ඇති බවයි. ඒ බව H.J.M.C. අමිත් ජයසුන්දර සහ ඔහුගේ සොහොයුරා H.J.M.M.S. ජයසුන්දර විසින් මෙම වංචාව පිලිබඳ සිදුකළ විමර්ශනයේදී පිළිගත් අතර සොහොයුරාගේ විභාග ප්‍රතිපල වහාම අත්හිටුවන ලද අතර H.J.M.C. අමිත් ජයසුන්දර වහාම රහස්‍ය ශාඛාවෙන් මාරුකර හැරියේ ය. අදටත් එම විභාග ප්‍රථිපල අත්හිටුවා ඇති අතර ඒ පිලිබඳ විමර්ශනය නොයෙකුත් බලපෑම් මත යටගසා තිබේ. මෙම H.J.M.C. අමිත් ජයසුන්දර තක්කඩියා විසින් එවකට සිටි විභාග කොමසාරිස් ජනරාල් වරයාට තමා මීගමුවටත් එහා සිට සේවයට පැමිණෙන බැවින් මුල්‍යමය වාසි ලැබෙන රහස්‍ය ශාඛාවට මාරුවීමක් ලබාදෙන ලෙස කෙඳිරි ගා රහස්‍ය ශාඛාවට පැමිණියේ මෙම වංචාව සිදුකිරීමට බව විමර්ශන වලින් හෙළිවූයේ ය.
එවන් නිහීන වංචාවක් සිදුකළ නීතිඥ කම කෙසේ වෙතත් නිරුවත වසාගැනීමට කලිසමක් අඳින H.J.M.C. අමිත් ජයසුන්දර තක්කඩි හොරදෙටුවා විසින් සිදුකළ යුතුව තිබුනේ වහාම රාජ්‍ය සේවාවෙන් ඉල්ලා අස්වීම නොවන්නේද? කෙසේ වෙතත් ලැජ්ජා නැතිකම ජයසුන්දර විභාග කොමසාරිස් ජනරාල්ටත් වඩා ලොකු බව ජනවහරට එක්කළ අමිත් ජයසුන්දර තක්කඩියාට සහ මේකා මෙම තනතුරට පත්කළ ඇමතිවරයා ප්‍රමුඛ රජයට මෙසේ පවසා සිටිමු, මෙම වංචාවේ මුල් පිටපත් මේ වනවිට අපසතුව පවතින බවද කිසියම් අපේක්ෂකයෙකුගේ විභාග වංචාවක දී සිදුවන විමර්ශනයක දී අධිකරණ ක්‍රියාවලියක් සඳහා එම මුල් පිටපත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන බව ද දන්වමු. (සියළු පිටපත් මේ සමග පහතින් දැක්වේ)
කිසියම් විභාගයකදී අපේක්ෂකයෙකු හට විමර්ශනයක් සඳහා කැඳවීමක් ලැබුනහොත් මෙම පිටපත් අන්තර්ජාලය ඔස්සේ බාගතකර එම විමර්ශන නිලධාරීන් වෙත ඉදිරිපත් කර මෙවැනි පුර්වාදර්ශයක් නිසා විභාග පනත උල්ලංගනය කර ඇති බවත් ඊළඟ විභාග කොමසාරිස් ජනරාල් වීම සඳහා එක් සුදුසුකමක් ලෙස මෙසේ සිදුකළ බවත් පවසා සිටින්න. අප විසින් මේ පිළිබඳව ගරු අධ්‍යපන අමාත්‍යතුමන් සහ ලේකම්තුමන් වෙතින් මෙසේ ඉල්ලා සිටිමු. වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර අවංක නිලධාරියෙකු විභාග කොමසාරිස් ජනරාල් තනතුරට පත්කරන්න. අමිත් ජයසුන්දර ඔබට හැකිනම් මේ තොරතුරු අසත්‍ය බව නීතිඥ වරයෙකු ද වන බැවින් දිවුරුම් ප්‍රකාශයක් මගින් ලංකා ඊ නිවුස් හරහා ම ජනතාවට පිළිතුරු දෙන්න.
---------------------------
by (2023-01-17 19:17:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි