-LeN ස්පෝට්ස්මන් ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජන.17, ප.ව.9.45) ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මෙතෙක් කිසිදු ක්‍රීඩා ඇමතිවරයකු අත නොගැසූ ක්‍රීඩාවේ මාෆියාවට තිත තබා ඇත.
දැන් එය දෙබරයට ගලක් ගැසූ පරිදි ඇවිස්සී තිබේ.
මින් වැඩියෙන්ම කලබලයට පත්ව ඇත්තේ මෙතෙක් ක්‍රීඩාව වවාගෙන කමින් සිටි ක්‍රිකට් හා පාපන්දු බලධාරීන්ය.
හැත්තෑවට වැඩි අයට, වැරදි සිදු කර චෝදනා ලැබූ අයට, පිට පිට දෙවරක් ප්‍රධාන තනතුරු දැරූ අයට, කුමන තනතුරු වල හෝ අවුරුදු අටක් සිටි අයට, ද්විත්ව පුරවැසියන්ට ක්‍රීඩා ඇමති නිකුත් කළ නව ගැසට් රෙගුලාසි අනුව යළි තරග කළ නොහැකි ය.
ඒ මදිවාට සංගම් වල ප්‍රධාන තනතුරු වලට ඉදිරිපත් වන්නන් වසර තුනක වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
ජාත්‍යන්තර සංගම් මගින් ඩොලර් ලැබෙන බොහෝ සංගම් වල නිලධාරීන් මේ නිසා තැති ගෙන ඇත.
මෙවැන්නන් බොහෝ විට සිටින්නේ ක්‍රිකට් හා පාපන්දුවේය.
පාපැදියෙන් හෝ මරුටියෙන් පැමිණ ඉඩම් හිමි වැවිලි කරුවන් බවට පත්ව රේන්ජ් රෝවර් පදින නිලධාරීන් ක්‍රිකට් වල සිටින බව නොරහසකි.
දිගින් දිගටම බලයේ රැඳී සිටීම සඳහා තම චන්ද හිමි ක්‍රීඩා සමාජ හා සංගම් වල නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල අයට පවා යහමින් මුදල් වියදම් කිරීම කලක් මුළුල්ලේ පවතී.
ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වෙන් කළ යුතු මුදල් මොවුන් තමන්ගේ උන්නතිය වෙනුවෙන් කිසිදු ලෝබ කමක් නොමැතිව වියදම් කළත් කිසිවිටෙක සාමාජිකයන්ගෙන් විරෝධතාවක් පැන නොගැනෙයි. ඒ ඊළඟ වාරය තමටන්ටත් ලැබෙන බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.
කණ්ඩායම් කළමනාකාර ධූර, කණ්ඩායම් භාර නිලධාරි පට්ටම්, සම්බන්ධීකාරක පට්ටම්, විවිධ නම් වලින් හැඳින්වෙන රැකියා, කෑම පැති විකට් ක්‍රීඩා භාණ්ඩ කොන්ත්‍රාත් ලැබෙන්නේ චන්දය දෙන ක්‍රීඩා සමාජ නිලධාරීන්ටය.
කෑම කොන්ත්‍රාත් වල 10% ක් අනිවාර්යයෙන් ඒවා ලබා දෙන ඉහළ නිලධාරීන්ට පූජා කළ යුතුය.
හෝටල් කාමර වෙන් කරන විටද එහි කොමිස් බෙදී යන්නේය.
කොමිස් නොමැතිව සිදු වන දෙයක් නොමැති තරම් ය.
බස් රථයෙන් මුලින් වැඩට පැමිණි ට්‍රැවිස් නම් සේවකයා දැන් සුඛෝපබෝගී ජීප් රථයකින් වැඩට එන්නේත් මේ හෝටල් කාමර වෙන්කරවා ගැනීමට පින් සිදුවන්නටය.
රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති ධූරය භාර ගනිද්දී ක්‍රීඩා අමාත්‍යාංශයේ සතයක්වත් ඉතුරුව නොතිබිණ. ඒ හිටපු ක්‍රීඩා ඇමති නාමල් එහි මුදල් බින්දුවටම බස්සවා තිබුණු නිසාය.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ෂම්මි සිල්වා ක්‍රිකට් අරමුදලින් කෝටි ගණනක් ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කළේය. ඒ නව ක්‍රීඩා ඇමතිවරයා අල්ලා ගැනීමටය.
ක්‍රිකට් ආයතනයේ මුදල් ලබා ගත් නමුත් නාමල් මෙන් ෂම්මිලාගේ ගැටයට අසු නොවූ රොෂාන් ක්‍රීඩාව වවාගෙන කන ඕනෑ අයකුට වදින ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
මේ හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලාගැනීමේ මෙහෙයුමක්ද ක්‍රිකට් ආයතනය මගින් දියත් කොට ඇත.
ඒ සඳහා ඇමක් ලෙස රනිල්ගේ ළඟම සගයකු වන මලික් සමරවික්‍රම යොදා ගෙන තිබේ. කපුකම කෙරෙන්නේ මහනුවර දිස්ත්‍රික් හා පළාත් සංගමයේ මෙන්ම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ නිල අයිතිකරු ලෙස පත් කොට ඇති මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ ජානක පතිරණ හරහාය.
ක්‍රිකට් අරමදල් ක්‍රිකට් ක්‍රීඩා සමාජ වලට පමණක් උදව් කළ යුතු වුවත් ජානක පතිරණ හරහා මලික් සමරවික්‍රමගේ මහනුවර රග්බි ක්‍රීඩා සමාජයට රුපියල් මිලියන 150 ක් ලබා දෙන්නේ මේ නිසාය. මෙය ක්‍රිකට් මූල්‍ය රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
එතකින් නොනැවතුණු මොවුන් මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් දෙදෙනකු වන පෙරේරා හා චාල්ස් යන දෙදෙනාට පල්ලෙකැලේ පිටියේ අභ්‍යාසක ලෙස මසකට රුපියල් 90,000 ක වැටුපකට රැකියා ලබා දී ඇත. තරිඳු නම් තව ක්‍රීඩකයකුට රුපියල් 90000 ක වැටුපකට පිහිනුම් උපදේශක රැකියාවක් ලබා දී ඇත. දිසානායක නම් තවත් ක්‍රීඩකයකුට එම වැටුපටම ජිම් උපදේශක තනතුරක්ද රග්බි සමාජයේ බාර් කීපර් වරයකු වන මදුරංග නමැත්තකුට රුපියල් 115000 ක වැටුපකට ගබඩා පාලක රැකියාවක්ද ලබා දී තිබේ.
මේ කටයුත්තේදී ක්‍රිකට් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද ද තමන්ගේ අයට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ විශේෂයෙන් හදාගත් රැකියා ලබා දී තිබීම විශේෂත්වයකි.
සුජීවගේ බෑණා වන වීරකෝන් තවමත් හදා ඉවර නැති පිහිනුම් තඨාකයේ කළමනාකරු ය. වැටුප 210000/= කි. තවත් ඔහුගේ නෑයකු වන ජයතිලක නම් අයකු පරිපාලන සහකරු ය. වැටුප 100000/= කි. රාජපක්ෂ නම් අයකු පරිපාලන කළමනාකරු ලෙස පත් කොට ඇති අතර වැටුප 260000/=කි.
මේ අතර ක්‍රිකට් ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන තවත් වැටුප් තනතුරු දෙකක් ලබා දී තිබේ. ක්‍රිකට් සංගම් තනතුරු වලට පත් වන්නන් කළ යුත්තේ ස්වේච්ඡා සේවයක් බැවින් ඔවුන්ට ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබා ගත නොහැක.
එහෙත් මහනුවර ක්‍රිකට් සංගමයේ සභාපති තිස්ස විජේසිංහ 160000/= ක වැටුපක් ලබමින් පළාත් සම්බන්ධීකාරක වරයකු ලෙස කටයුතු කරයි. උප සභාපති පණ්ඩිතරත්න 105000/= ක වැටුපකට ක්‍රිකට් සම්බන්ධීකාරකවරයකු ලෙසත් දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වන උපුල් සුමනසේකර 100000/= ක වැටුපකට විනිසුරු උපදේශකවරයකු ලෙසත් පත් කර ඇත. මේ පත්වීම් හා ගෙවීම් ක්‍රිකට් ව්‍යවස්ථාවට පටහැනිය.
මේ අතර අති අලංකෘත ලංකා ප්‍රිමියර් ලීගයක් ක්‍රීඩා කොට අත්දැකීම් ලැබූ ක්‍රීඩකයෝ ඉන්දියාවට ගොස් වාර්තාගත පරාජයකට මුහුණ දුන්නෝ ය.
ක්‍රිකට් වළපල්ලට ගියත් කරවන්නෝ ගොඩය.
---------------------------
by (2023-01-17 16:30:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි