-LeN ආරක්ෂක වාර්තාකරු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජන.13, ප.ව.10.00) උගුලෙන් බැරිනම් හබකෙන් යන තියරිය අනුව මැතිවරණය කල් දමා ගැනීමේ තවත් වෑයමක් ලෙස සැලකිය හැකි ක්ලේමෝ බෝම්බයක් ගාල්ල අහුන්ගල්ලෙන් අද(13) සවස හමු වූ බව පොලිසිය කියයි.
අහුන්ගල්ලේ සිට මීටර් 600 ක් පමණ වැලිකන්ද පාරේ පිහිටි කරවල වාඩියක කෙසෙල් පඳුරක් යට තිබී මෙම ක්ලේමෝ බෝම්බය හමු වූ බවත්, අහුන්ගල්ල පොලිසියේ ස්ථාන බාර එච්කිව්අයි වරයාට ලැබුණු ඔත්තුවක් අනුව ක්ලේමෝ බෝම්බය සොයා ගත් බවත් පොලිසිය පවසයි.
ඉහත කී කරවල වාඩිය අයත් වන්නේ කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් වන 'රංග' නමැත්තෙකුට ය. ඔහු රටින් පැන ගොස් සිටී.
මෙම ක්ලේමෝ බෝම්බයේ ඉදිරිපස "සතුරා දෙසට" (Forward to the enemy) යනුවෙන් ලියා තිබේ. ඒ නම් මෙම බෝම්බය ස්ථිරව ආරක්ෂක අංශ සතු බෝම්බයකි. නමුත් එය හමුවෙනවාත් සමග පොලිසිය බෝම්බයේ හිමිකාරිත්වය කොස්ගොඩ සුජීට පවරා තිබේ.
වාර්තා වන අන්දමට හමු වූ ක්ලේමෝ බෝම්බය මේ වන විට නිෂ්ක්‍රීය කර ඇත.
කෙසේ හෝ මැතිවරණය කල් දමා ගැනීමට තැත් කරන ආණ්ඩුව විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරයි. මැතිවරණ කොමිසමට අවලාද නැගීම, මුදල් නැති බව ඇඟවීමට පැන්ෂන් සහ සමෘද්ධි නොගෙවා සිටීම ආදිය අතරේ ක්ලේමෝ බෝම්බ හමුවීම ද තිබිය හැකිය. ඉදිරියේ දී කොටි නැගිටීම, සහරාන්ලා යලි නැගිටීම, බුදු සසුන බේරා ගැනීම ආදිය ද න්‍යාය පත්‍රයට අඩංගු විය හැකිය.
---------------------------
by (2023-01-13 16:36:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි